(ශිරාන් රණසිංහ)
වල් ඌරු මස් ප්රවාහනය කිරීමට හා විකිණීමට නීතිමය අවසර ලබාදීමට කෘෂිකර්ම ඇමතිවරයා කර ඇති යෝජනාව වහාම නතර කරන ලෙස සිංහලේ ජාතික සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයක් රජයෙන් ඉල්ලා සිටී.
වගාබිම්වලට වැඩිම හානියක් සිදුකරන්නේ වල් ඌරන් බව කියමින් කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා විසින් වල් ඌරු මස් ප්රවාහනය හා විකිණීමට අදාළ නීති ලිහිල් කිරීමට යන බව මෙම සංවිධානය කියා සිටියි.
දැනට වල් ඌරන් ඝාතනය කිරීමට අවසර දී තිබුණ ද වල් ඌරු මස් ප්රවාහනය හා විකිණීම නීතියෙන් තහනම් කර ඇත.
වල් ඌරු මස් විකිණීමට හා ප්රවාහනයට කිසිසේත් ඉඩ නොදෙන බවත් ඇමතිවරයාගේ උත්සාහය පරාජයට පත් කිරීමට ක්රියා කරන බවත් එම සංවිධාන කියා සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ්සී කාමරවල ඉන්න මේ වගේ එන්.ජී.ඕ කාරයෝ දන්නේ ඔච්චරයි. වවන මිනිස්සු තමයි මේකෙ තියෙන කරදරේ දන්නේ... අන්තිමට ඉතින් ඒ මිනිස්සු ටිකත් වවන එකෙන් ඉවත් වුණාම කන්න වෙන්නේ රටින් ගෙනත් තමයි. ඌරන් පවුනම් අක්කර දෙක තුනක ඉඩමක් අරන් තමුන්ගේ වියදමෙන් නඩත්තු කරන එකයි තියෙන්නේ. ඔහොම පවුනම් ඇමෙරිකාව, චිනය, කොරියාව වගේ රටවල් විනාශ වෙන්න ඕනෑ.
ඔය කෑ ගහන සංවිධාන දන්නවද ගොවි ජනතාව විදින දුක. අත්දැකීමෙන් කියන්නෙ අපි පුදුම දුකක් විදින්නෙ. ඒ වගේම වගාවන්ට පුදුම හානියක් කරන්නෙ. කොළඹ ඒසී කාමරවල ඉන්න අයට ඔීවා තේරෙන්නෑ. කෘෂිකර්ම ඇමතිතුමාගේ තීරණයට හැම ගොවියෙක්ම කැමතියි. ගම්වලට ගිහිල්ලා සමීක්ෂණයක් කරල ඇත්ත තේරුම් ගන්න.
දැන් මේ පිස්සෝ මෙච්චර කල් මොකද කළේ වගාවල් හානි වෙනවට? එකක් කියන්න බලන්න. පින්බත් ගිලලා තෙල මෝරලා දැන් බයිලා ගහනවා වැඩක් කරන්න දෙන්නෙත් නෑ. පොඩ්ඩක් ගමකට ගිහින් බලන්න වල් උරූ, වඳුරු, මොණර ගහනය දැඩි ලෙස වැඩි වෙලා... පාරම්පරික වගා බිම් වගේම ගෙවල් අවට වෙනකන්ම මේ ප්රශ්නේ වැඩි වෙලා තියෙනවා. ඉස්සර අපේ ගම්වල හිටියේ වැඩිම වුණොත් වඳුරෙක්, දෙන්නෙක්... ඒත් දැන් 10-20 රොත්තවල් එන්නේ... පලතුරු ගස් ඉතුරු කරන්නේ නෑ. ඒත් අපි පොඩි කාලේ ඔහොම වගාවල් හානි වුනේ නෑ. මේ අය එක්කෝ පිටරටින් සල්ලි අරන් එකඑක සංගම් අටවාගෙන ලංකාවේ කෘෂි කර්මාන්තෙ ඉවර කරලා දාන්න හදන කාලකන්නි ටිකක්...
අපි දන්නවා මොකද මේ කට්ටිය කලබල වෙලා තියෙන්නේ කියලා. නිකම් ජීවිත තර්ජනයක් වගේ දැනෙන්න ඇති. පව් අප්පා මේ ඇමැතිවරුත් කරන වැඩ.
මෙන්න නියම දෙපත් නයි. මාළු, කුකුල්ලු, එළුවෝ, හරක්, ෆාම් උෟරන් එතකොට පව් නැද්ද? මේ වගේ මෝඩයින් ඉන්නතුරු ලංකාවට සොරිම තමයි...
කන්න මසක් ඇත්තෙම නැද්ද අපේ මිනිසුන්ට? සතා සිව්පාවන්ටත් මේ මහා පොළොවේ ජීවත්වෙන්න ඉඩදෙන්න.
දැයට කිරි සපයන කිරි මව සේ සැලකෙන ගවසම්පත මරා විකිණීම සෑම දිනකම සිදුවෙනවා. නගර හරහා ප්රවාහනය කරනවා හොරෙන් ගෙනගොස් එම ගවයින් නිසා ජීවත්වන පවුල් අනාථ කරනවා. ඒ ගැන නිහඬ මෙම සංගම් රටට බත, බුලත සපයන ගොවියාගේ ගොවිතැන් විනාශ කරන වල්ඌරන් මරනවාට විරුද්ධ වෙනවා. මොවුන් රටට ආහාර ආනයන කරන අයද? නැත්නම් කවුරුන්ද?
ඔය වැඩෙත් ලොකුවට පුදුම වෙන්න දෙයක් නැහැ.
හොඳ නරක හැම දේයකටම විරුද්ධවීම නතර කලයුතුයි.
කවුරු විරුද්ධ උනත්, මොන නීති තිබ්බත් චිරාත් කාලයක් තිස්සේ මේ රටේ වැඩි දෙනෙක් වල් ඌරු මස් රස විඳලා තියෙනවා. එකේ ආයේ අඩුවක් නෑ. ඉස්සරහටත් එහෙමම තමයි.
කුකුල් මස් කමක් නැද්ද?
මෙය අපේ රටේ දුක් විඳින ගොවීන්ගේ පැත්තෙන් ගත් හොඳ තීරණයක්... ඔය නගරබදව සිට බෙරිහන් දෙන සංවිධාන කියන දේවල් සත පහකට ගණන් ගත යුතු නැත...
වනසතුන්ගේ අයිතියද අපි ආරක්ෂා කළ යුත්තෙමු. අපිට වගේම මහපොළවේ අයිතිය වන සතුන්ටද ඇත. ඒ වගේම ගොවිතැනද අපි ආරක්ෂා කර ගත යුත්තෙමු. සතුන්ගෙන් වෙන හානියද සුළුකොට සැළකිය නොහැකියි. මේ නිසා මේ පිළිබඳව ක්රමවත් වැඩපිළිවෙලක් තිබිය යුතුය. ඉතාලියේ නම් වර්ෂයකට මාස කිහිපයක් වර්ධනයක් ඇති වනසතුන් දඩයම් කිරීමේ අවසරය රජය මඟින් ලබාදී ඇත. පැවැත්මත් වර්ධනයේ පාලනයකුත් ඒ මඟින් සිදුවෙන නිසා වෙන්නට පුළුවනි. වල්ඌරන් පාලනය කර ගැනීමට යෝජනා තිබුණත් වඳුරන්, රිලවුන්ගෙන් වෙන හානිය පාලනය කරගැනීමට කිසිදු යෝජනාවක් නැත.
දැන් මේ කවුරුත් අලිගැන කතාකරන්නේ නැහැනේ... අලින්ගෙන් වගාවලට, මිනිස්සුන්ට කොපමණ කරදරද? නමුත් ප්රශ්නේ වෙලා තියෙන්නේ අලිමස් කන්නේ නැහැනේ. අලින්ගේ මසුත් ඇඟට ගුණ කෑමක් කියලා කීවා නම් අමරවීර කියාවි අලින්ගේ මසුත් ප්රවාහනය ප්රශ්නයක් නැහැ කියලා.