(කාංචන කුමාර ආරියදාස)
ඓතිහාසික සීගිරිය පිදුරංගල ගල මුදුනේ සිට අඩ නිරුවත පෙන්වූ බව කියන තරුණයන් දෙදෙනකු මේ වනවිට හඳුනාගෙන ඇතැයි පරීක්ෂණ පවත්වන සීගිරිය පොලිසිය කියයි.
මුහුණු පොත හරහා සමාජ ල වෙබ් අඩවි වලට එම ඡායාරූප වලට පෙනී සිටිමින් මුදාහැර ඇත්තේ ගලේවෙල ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකු සහ කුරුණෑගල ප්‍රදේශයේ තරුණයන් කිහිපදෙනෙකු බව පොලීසිය සිදු කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
සීගිරිය පොලීසියේ උසස් නිලධාරියෙකු කියා සිටියේ ගලේවෙල ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් ගලේවෙලට යවා තිබෙන බවයි.
මෙම තරුණයන් දෙදෙනා අනාවරණය කරගැනීම සඳහා විශාල මුහුණු පොතේ කණ්ඩායම් සීගිරිය පොලිසියට සහයෝගය දක්වා ඇති බවත් ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධාන මෙන්ම පෞද්ගලික පිරිස් ද පැමිණ සහයෝගය ලබාදුන් බව පොලිසිය කියයි.
මෙම ඡායාරූප ලබාගෙන මූණු පොත හරහා සමාජයට හෙළිකළ තරුණයන්ගේ මිතුරෙකුගෙන් ඔවුන් සිදුකළ ක්‍රියාවලිය පිළිබඳව විමසීමේ දී කියා සිටියේ තමා මූණුපොතේ ප්‍රතිචාර වැඩි කර ගැනීම සඳහා එය සිදු කළ බව යි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ දැන් මේ අය හිරේ දැම්ම කියලා රටේ සංස්කෘතිය මාර විදියට රැකෙයි නේද? ඩුබායි පැනලා ඉන්න පාතාල නායකයෝ ටික අල්ලන්න බැරි අය මේ පොඩි කොල්ලෝ ටිකක් නං අල්ලලා හිරේ දායි.
ප්‍රසිද්ධියේ නිරුවත පෙන්වන්නේ මානසික රෝගීන්ය ඔවුන්ට මානසික ප්‍රතිකාර අවශ්‍යවේ! මෙම තරුණයින් පුනරුත්ථාපනය කරන්න......... ඔවුන්ගේ ෆේස්බුක් ගිණුම් මකාදමන්න ............
දෑන් ඔන්න රටේ ලොකුම හෙඩිම පිදුරංගල නිරුවත් ජායාරූප. පිදුරංගල ඉතිහාසය කියල දෙන්න. එතන ඉතිහාසය කියල දෙන්න, එතන ආරක්ෂා කරන්න කවුරුත් නෑ. මිනිස්සු ජොලියට කන්දක් නගින්න යනව වගේ තමයි එතනට යන්නේ. විදේශිකයෝ දන්නෙ නෑ එතන ඉතිහාසය. ඔහේ පන්සල පහු කරන් ගිහින් ගලට නෑගල ජායාරූප අරන් එනව. කන්ද උඩට යද්දි තියෙන සෙල්ලිපි, බුදු පිලිම උඩ වාඩිවෙලත් ජායාරූප ගන්නව. අපේ ඉතිහාසය රකින්න වෑඩ පිලිවෙලක් නෑ, මිනිස්සුන්ගේ විනය හදන්න වෑඩ පිලිවෙලක් නෑ. මේ වගේ දෙයක් උනාම දඟලනව.... සාරධර්ම, විනය, විනාශවෙලා යනවා...
නොදැනුවත් කම ලෝකෙටම පෙන්වන්න එපා
රට හදන්නම් මිනිස්සුන්ගේ ගුණ ධර්ම ටික ටික හදන්න ඕනි. මේ රට වලපල්ලට ගිහින් තියෙන්නේ මේ වගේ මනෝ පොරවල් නිසා. අනික මුන් පොඩි කොල්ලො කියලා විනාශ වෙන්න දෙන්න හොද නැහැ. මේ අය හරි මර්ගයට ගන්නත් අනිත් අයට ආදර්ශයක් වෙන්නත් දඩුවම් දියයුතුයි ඒ අය කල වරදට
රෙදි නැතිව මහජන දේපල කොල්ලකාපු දේශපාලකයෝ අල්ලන්න මේ තරම් උනන්දුවක් නැත්තේ මොකද?
පැමිණිල්ලක් ලැබුනද පොලිසියට ?