( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
2012 වසරේ දී වැලිකඩ බන්ධනාගාරයේ ආරක්ෂක අංශ විසින් සිදු කළ සෝදිසි මෙහෙයුමකදී රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා මත සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියෝග කරන ලදී.
තමන් ඇප මත මුදා හරින්නැයි ඉල්ලා නියෝමාල් රංගජීව මහතා සිය නීතීඥවරුන් මාර්ගයෙන් ගොනු කළ ප‍්‍රතිශේධන පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණය මෙම නියෝගය ලබා දී තිබේ.
මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
ඇප ලබා ගැනීමෙන් පසුව සෑම මසකම අවසන් ඉරිදා දින පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට අභියාචනාධිකරණය සැකකාර නියෝමාල් රංගජීව මහතාට නියෝග කළේය.
තවද සැකකරුට විදේශ ගතවීම වළක්වාලමින් අධිකරණය විසින් නියෝගයක්ද නිකුත් කරන ලදී.
මීට අමතරව වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ලමාහේවා මහතා ඇප ඉල්ලා ගොනු කළ ප‍්‍රතිශෝධන පෙත්සම ලබන නොවැම්බර් 9 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.
තමන්ට ඇප ඉල්ලා පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ගොනු කළ ප‍්‍රතිශෝධන පෙත්සමේ මෙසේද සඳහන් විණි.
2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ ආරක්ෂක අංශ විසින් සිදු කළ සෝදිසි මෙහෙයුමකදී රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා මත ඉකුත් මාර්තු 23 වැනිදා සැකපිට අත්අඩංගුවට ගැනුණු තමන්ට ඇප ඉල්ලා කොළඹ මහාධිකරණය හමුවේ ඇප අයැදුම්පතක් ගොනු කළද එය ප‍්‍රතික්ෂේප කෙරුණි.එය නීතිවිරෝධී යැයි පෙත්සම්කරු කියා සිටී.
එබැවින් මෙලෙස මාස පහකට ආසන්න කාලයක් තිස්සේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තමන්ට ඇප ලබා දෙන්නැයි පෙත්සම්කාර පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා සිය ප‍්‍රතිශෝධන පෙත්සමින් ඉල්ලා තිබිණි.
පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ අසිත විපුලනායක මහතා සමඟ ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා පෙනී සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවේ තවත් රගපෑමක් අවසන්, රට වෙනුවෙන් මහත් කැපවීමක් කලවුන් හට විදින්නට වී ඇති අපහසුතාවන්ට ආණ්ඩුවට සම්බන්ද සැමටම මේ පවු වන්දි ගෙවීමට සිදුවනු ඇත
දක්ෂ පොලිස් නිලධාරියෙක්. තමන්ගේ රාජකාරිය අකුරට ඉටුකරන් උන්නනම් අද මෙහෙම දුක්විඳින්න ඕන නැහැ.
නම් අඬගහන්න කියපු කෙනා බය නැතුව ඉදිරිපත් වෙන්නකෝ.
මේ නිලධාරියා ජිවිතේ පරදුවට තියල මත් කුඩු රටෙන් තුරන් කරන්න රාජකාරි කරපු කෙනෙක්. ඔහුට මෙහෙම කලහම අනිත් නිලධාරියොත් මිට පස්සේ වැඩි වැඩ නොකර ඔහේ දවස ගත කරලා ඇඟ බේරාගෙන පැත්තකට වෙලා ඉඳීවි. රටේ කුඩු නිසා රට තවත් කුඩු වෙලාම යාවි.
නාලක සිල්වල ජනපති මරන්න කුමන්ත්‍රණය කළා කියල සාක්ෂි, හඬපට, ආයුධ අත්රුදන් වීම වගේ සාක්ෂි තිබිලත් මොනතරම් අමාරුවෙන්ද අනිවාර්ය නිවාඩු යවා ගත්තේ. එත් මේ කුඩු රජාල 200ක් විතර අල්ලලා හිරේට යවන්න කටයුතුකරපු දක්ෂ පොලිස් නිලදරියෙකුට සලකන ආකාරය ඉතාම නින්දිතයි. ඔවුන් අධෛර්යමත් කරලා කුඩුකාරයෝ අපරාධකාරයෝ සතුටුකරන්න තමා අද බොහොමයක් ලොකු ලොක්කෝ පේවෙලා ඉන්නේ.