(මහින්ද නිශ්ශංක)
දේශීය හා විදේශීය සංචාරකයන් වෙනුවෙන් ගල්කිස්ස සහ රඹුක්කන අතර ඊයේ (25) සිට ධාවනයට යොදවන ලද විශේෂ දුම්රියෙන් රුපියල් තුන්දාහක ගාස්තුවක් ගෙවා ගමන් කිරීමට කිසිදු මගියකු ඉදිරිපත් නොවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.
ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් ඊයේ උදේ 6.30ට පිටත්වූ මෙම සුඛෝපභෝගී දුම්රිය පෙ.ව. 10.11ට රඹුක්කන දුම්රිය ස්ථානයට ළඟා වූ අතර පස්වරු 4.30ට රඹුක්කනින් පිටත්වී ප.ව. 6.28ට ගල්කිස්සට ළඟාවිය. මෙම යනඑන ගමන් දෙකේදීම කිසිදු මගියකු ගමන් නොකළ අතර දුම්රියේ සිටියේ දුම්රිය රියැදුරු, රියැදුරු සහායක සහ ප්‍රධාන නියාමක පමණකැයි වාර්තාවේ.
කිසිදු පූර්ව ප්‍රචාරයක් නොමැතිව මෙම දුම්රිය සේවය ආරම්භ කිරීම සහ ගාස්තුව වැඩිවීම මගීන් නොසිටීමට හේතු වූ බව පැවසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුන්ට බස් එකේ යන්න රුපියල් 100ක් නැතිකොට... මේ වගේ ප්‍රවාහන සැලසුම් හදන මහත්තුරු කොයි ලෝකෙද ඉන්නේ ?
මේකෙන්ම පේනවා දුම්රිය දෙපාර්තමේන්තුව කොච්චර අකාර්යක්ෂම තැනක්ද කියලා. හොඳ දෙයක් කරත් ඒක හරියට කරන්න දන්නේ නැහැ. අත්හදා බැලීමටවත් නරකද මේ දුම්රිය පුද්ගලික අංශයට බාර දුන්නොත්.
මෙහෙමත් වැඩ
අනේ දෙවියනේ මේ පුවත ජනාධිපතිතුමා දකිත්වා....
මං හිතන විදිහට මේක ඓතිහාසික ගමනක්. රටේ පිස්සෝ බලයට පත්වීම හොදම උදාහරණයක්
ගිය වියදම අදාල නිලධාරීන්ගෙන් අය කළ යුතුයි. එතකොටවත් මෝඩ තීරණ නොගනීවි.
මෝඩයෝ රොත්තක් රට වෙනුවෙන් තීන්දු ගන්නකොට මෙහෙම තමා. රටේ ඉන්න මිනිස්සුන්ගේ ජීවන මට්ටම නොදන්නා අය .........
රු.3000ක් කියන්නෙ අපේ ගෙදරට සති දෙකක් බත් කන හාල් වල ගාන
ප්‍රධාන ප්‍රශ්නෙ මේකයි. රට තොට බලන්න මොන මෝඩය ද රු 3000 ක් ගෙවල රඹුක්කනට විතරක් යන්නෙ. එක්කො මහනුවරට දාන්න ඕන. නැත්තන් නොදාම ඉන්න ඕන. තාම 62 න් ඉතුරු වුන කවුරු හරි ඉන්නවද බලන්න වෙන්න ඇති කෝච්චිය යවන්න ඇත්තෙ...
දැන් මේකටත් ජනාධිපතුමා කියාවි, මමත් දැනගන හිටියේ නැහැ මාධ්‍යවල පලවෙනකම්.
මේකට වියදම් වූ සම්පුර්ණ මුදලම මේක යෝජනා කල අයගේ පඩියෙන් අයකරගන්න
මෙම දුම්රිය පැය ගණනක් රඹුක්කන නැවත තබා නැවත පිටත් වෙනවා මේ වෙලාවේ මෙය මහනුවර දක්වා ධාවනයට සැලැස්සුවොත් පේරාදෙණිය මල්වත්ත සහ මහනුවර නරබන්න යන අය සහ අනිකුත් මගීන්ට යන්න එන්න හැකිවෙනවා. පින්නවෙලම බලන්න යන්න එන්න කිසිවෙකු නැතිවීමට එක හේතුවක් එයත් වගේම ගමන් බලපතේ මිල අධික වීම සංචාරකයන්ගෙන් වැඩි දෙනෙක් ලංකාවට එන්නේ අලි බලන්නම නොවේ.
මාස 02කට පෙර මම දැක්කා නුවර - ඇල්ල සුඛෝපභෝගී මගීන් 6 දෙනෙකුගෙන් යුත් පුද්ගලික බසය මීට කදිම විසඳුමයි.
රුපියල් 3000 සැප දුම්රිය කොළඹ බදුල්ල අතර ධාවනය කළයුතුයි. ඕනෑතරම් මගීන් සොයාගත හැකියි. 10.30ට මෙම දුම්රිය යොදවන්න.
මෙය ආරම්භ කිරීමට පෙර ප්‍රචාරයක් නොදීමෙන් පෙනීයන්නේ මෙම ව්‍යාපෘතිය සාර්ථකකරගැනීමට අදාල අංශවලට උවමනාවක් නැති බවයි.
රජයේ දෙපාර්තමේන්තුවල උගත්තු හිටියට බුද්ධිමත්තු නැහැ. හේතුව ඒකයි. රටට හෙන ගහලා තියෙන්නෙත් ඕක හින්දම තමයි.
මේක ලංකාවට එන බොහෝ විදේශීය සංචාරකයන් නම් භාවිතා කරන එකක් නැහැ. මොකද, ලංකාවට එන බොහෝ විදේශීය සංචාරකයින් 2.50 අය බැවින්...
හරියට සතොස එළිවෙනකල් ඇරලා තිබ්බා වගේ