(කාංචන කුමාර ආරියදාස)
පිදුරංගල මත හිඳ අසභ්‍ය ඡායාරූප ගත් සිද්ධියේ සැකකරුවන් තිදෙනා ලබන මස 03 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට දඹුල්ල මහෙස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා අද නියෝග කළේය.
ගලේවෙල ප්‍රදේශයේ පදිංචි ඔවුන් තිදෙනා සීගිරිය පොලීසිය ඊයේ අත්අඩංගුවට ගත් අතර අද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරපු වරදට දියුණු සමාජ ක්‍රම යටතේ දඩුවම් විදලා එන්න.
පස්ස පෙන්නන්න පුළුවන් හැබැයි මුණ පෙන්නන්න ලැජ්ජයි.
අපි තරම් ශීලාචාර රටක් වෙන කොහේ ඇත්ද?
අයියේ පස්සක් හින්ද වුණු දෙයක්. පස්ස උනත් බුද්ධිමත්ව පාවිච්චි කලානම් මේ විපත නෑනේ. විලි ලැජ්ජාවක් ඇතුව කාටවත් කියන්න වත් පුලුවන්ද පස්ස පෙන්නලා හිරේ ගියේ කියල
ඒගොල්ලෝ කරේ වැරදි දෙයක්. එය කියල දීල ළමයින්ගේ අනාගතය නැති නොවෙන විදිහට දඬුවම් කරන්න ඕනේ. මුළු ලෝකෙටම කියන එක හොඳ දෙයක් නෙමේ.
මේක හොඳ දෙයක් නොවේ. නමුත් පුරා වස්තු විනාශ කරනවා. පොලීසිය මීක් කියන්නෙ නෑ. මේ පාසල් වයසෙ තරුණ පිරිසක්. ඔවුන්ගෙ ආත්ම ගරුත්වය විනාශ කිරීමේ වගකීම මේ කුහක සමාජයම භාර ගන්න ඕන.
එහෙම කරා ම තමයි ඉන්දික, අනිත් අයටත් ඒකෙන් ආදර්ශයක් ලැබෙන්නේ.
පුතේ like වැඩි කරගන්න මුහුණ වහ ගන්න එපා. ඕකත් FB දාල like වැඩි කර ගන්න. දරුවන් මෙවන් දේ වලට යොමු වෙන්නේ පොත පත පරිශීලනයක් නැති කම. උදේ ඉදන් රෑ වෙනකන් ජීවිතේම Face Book වැනි සමාජ ජාල වලට පුජ කරලා. අද කලේ ළමයි සිංහල සාහිත්‍ය ඇසුරක් නැහැ. පාරකට බැහැලා අහන්න නන්දා මාලනිව දන්නවද කියලා, තොටගමුවේ රාහුල හාමුදුරුවෝ දන්නවද අහන්න. බෞද්ද කොඩියේ පාට මොනවද අහන්න. තරුණ පරපුර ඕව ගැන කිසි පරිශීලනයක් නැහැ. පුතේ උබලා කරන වැඩ වලින් අහිංසක අම්මලා තාත්තලා අද ගෙවල් වලට වෙලා ඉදන් කොච්චර හුල්ලනවා ඇත්ද? ඒ මිනිස්සුන්ට බත් කටක් අද උගුරෙන් පහලට යන්නේ නැතුව ඇති. මගේ පුතේ මේක හොද අත්දැකීමක් කරගෙන මින් ඉදිරියටවත් ජීවිතය ගැන ගැබුරින් බලලා ජීවත් වෙන්න බලන්න... ජිවිතේ කියන්නේ FB ගිහින් Like වැඩි කරගන්නව වගේ එකක් නෙමේ.
පිටිපස්සක් නැතුව ඉපදුනානම් හොඳයි කියල හිතෙනවා ඇති දැන්?
නොදැනුවත්කමින් කරපු දෙයක් නෙවෙයි හිතාමතා කරපු දෙයක් නිසා සියලු දෙනාට දඩුවමක් දිය යුතුයි අනෙක් අයටත් පාඩමක් විදිහට.
මේ වගේ සුළු වරදකට මේ තරුණ ජීවිත විනාශ කරන එක අපරාධයක්. මහ අපරාධකාරයො නිදැල්ලේ.
චන්දන, මේගොල්ලන්ට මුණයි පිටිපස්සයි මාරු වෙලා වගෙයි.
වහගන්න ඕන තැන ලෝකෙට පෙන්වල පෙන්වන්න ඕන තැන වහගෙන ජීප් එකට නගිනවා.
ඔවුන්ගෙන් වරදක් වූ බව සැබෑවක්. ඔවුන් ඔවුන්ටම ලැජ්ජාවක් කර ගෙන ඇත. එත් මෑත කාලයේ සිදු වූ ලොකුම අපරාධයක් ලෙස සලකන්නේ ඇයි? කාන්තා හිංසන, ළමා අපචාර ගණයට මෙයත් වැටෙනවාද? එවැනි හිංසාකාරී ක්‍රියා අද මේ සමාජයේ කොතෙක් සිදු වෙනවද ?
හැමෝම කොල්ලන් ගැන කතාවෙන වෙලාව ප්‍රයෝජනයට අරන්, ආණ්ඩුව ගෑස් මිලත් ඉහල දැම්මා.
මිටි තැන් දැක පුප්පන්නේ, උස් තැන් දැක හැකිළෙන්නේ.
පාප මිත්‍ර සේවනය
තමන්ගේ වයසට ගැලපෙන මුහූකුරා ගිය බුද්ධියක් නැති ජිවිත වල තියෙන නිස්සාරත්වය තමයි මේ. වයස අවුරුදු පහක හයක කොලු පැටව් කරන දේවල් ගැටවර වයසේ අයට නොගැලෙපෙන බව තේරුම් යන විට පමාවෙලා වැඩි නමුත් මේක මේ සමාජයේ මේ වයසේ ඉන්න තරුණ තරුණියන්ට හොද පාඩමක් කියා දෙන ජීවිත අත්දැකීමක් වනු ඇත.
ඔබට වැරදිලා මුහුණ පෙන්වන්නයි ලැජ්ජාවෙන්න ඕනේ. මුහුණ පෙන්වූවානම් අපි කව්රුත් ඔවුන්ව අඳුනා ගන්නවා. අපි ඔවුනට මොනවා කීවත් අපි ඔවුන් කව්ද කියා දන්නේ නැත.
"මේ වගේ සුළු වරදකට මේ තරුණ ජීවිත විනාශ කරන එක අපරාධයක්. " කතාව ඇත්ත මේ වරදට ඔය ළමයින්ව හිරේ දමන්නේ නැත. අවවාද කරාවි වැඩිම උනොත්, දැන් වලංගුනම්, වේවැල් පහරවල් කීපයක් නියම කරාවි. වැඩිම දඬුවම විදින්නේ ඔවුන් තමන්ගේ නෑයින්ට, මිතුරියන්ට මුහුණ දෙන්න ගියාමයි. මිතුරොත් හොඳ කතා කියාවි.
නුවන් මහතා ඔබ වැරදී. ඔබවත් මමවත් ඔවුන් කව්ද කියා නොදනී. ඒගොල්ලෝ ලෝකෙට පෙන්වූව දේ දැකලා ලෝකයාට ඔවුන් කවුද කියා හඳුනා ගන්න බැරිය.
මේ දරුවන්ගේ දෙමවුපියන්ට මොන තරම් ලැජ්ජද අසරණ දෙමව්පියෝ
ඒක නේන්නම් ලුම්බිණි බිලියන් ගණන් කොච්චර ශීලාචාර විදියට හොරකම් කරනවද? මෙහෙම රටක් ලෝකේ කිසිම තැනක නැහැ!
මුලු ලෝකෙටම කියන එක හොඳ දෙයක් නොවේ නම් මුලු ලෝකෙටම නිරුවත පෙන්වූ එක හොඳ දෙයක්ද? මිනිසා තිරිසනාගෙන් වෙන් වෙන්නේ මූලික වශයෙන් සංස්කෘතික සම්බන්ධතාවයන්ගෙනි. ආගමික සහ වෙනත් සම්බන්ධතාවයන්ද ඊට බලපායි. කුඩා කල සිට මේවා ගැන හොඳ අවබෝධයක් නැති අය යලි තිරිසන් බව සොයා යයි.
ඔවුන් ලෝකේ තියෙන ලොකුම වරද කරලා වගේ සුළු කාලයක් තුල ඉහලම දඩුවම් ! පුදුම නීතියක් !
නිසි දෙමාපිය රැකවරණය නොලද විට මෙවැනි දේවල් සිදුවේ !
මොවුන්ගේ මුහුණු ජනතාවට බලන්න දෙන්න.
අනේ අකුරු දෙකක් හින්දා වෙච්ච නස්පැත්තියක්....
විල්පතුවේ කලිසම පෙන්නපු නිසා හරිම සංවරයි. මෙහෙ පිටිපස්ස පෙන්නීම හරිම අසංවරයි. මිනිසුනේ ටිකක් හිතන්න.
මෙතන ලියන කව්රුත් බනින්නේ ළමයින්ගේ පස්සටය, මුහුණට බනින්න මුහුණ දැකලාවත් නැත. අපි සාමාන්‍යයෙන් කියන දෙයක්නේ "හලෝ කියන දෙයක් මූනට කියන්න කියලා" මෙතන කියන්න වෙලා තිබෙන්නේ පස්සට.
හිරේ ගියාම සනීප වෙයි පිටිපස්ස පෙන්නන අමාරුව
පාසල් ළමුන් වරදක් කලා, ඒකට දඬුවම් ලැබුන සමාජයෙන්ම. සමාව ඉල්ලුවා. දැන් ඔවූන්ව නිදහස් කරන්න. ඒගොල්ලන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්න දෙන්න.
ඔවුන් ලද අපවාදය ඔවුන්ට දඬුවමක්. මේ රටේ සිදුවන නීතිගත අපරාධ හා සංසන්දනය කරන විට මේ සිද්ධිය ඉතා සුළු දෙයක්. වෙනස මහා පරිමාන අපරාධ කරන්නේ ප්‍රභූන් වීමත් මේ වැරැද්ද කර ඇත්තේ සාමාන්‍ය පුරවැසියන් වීමත් පමණි.
Uditha - ඔය හරි දැන් හැදෙන පරම්පරාව පොත පත කියවන්නේ නැහැනේ. වැඩිහිටියන්ට ගරු සරු නැහැ, මම එකදවසක් පුස්තකාලේ වැඩ කරන තරුණ ගැහැණු ළමයෙක් ගෙන් ඇහුව මනුතාපය තියෙනවද කියලා. ඒ ළමය බයවෙලා ඇස්දෙක උඩ තියාගෙන ඇහුව මනුතාපය කියන්නේ පොතක්ද කියලා, ඔන්න හැටි බලන්නකෝ.
දැන් එයාලට තේරෙනවා ඇති "මුණු පොත" ට මුණ මිසක් පස්ස පෙත්ත දාලා වැඩක් නෑ කියල. පාසල් යන වයසේ ළමයි නෙමේනේ. පොඩි දඬුවමක් ලබෙයි.
මොලේ නැති මේ වගේ පොඩි ළමයින්ට මේ වගේ සුළු වරදකට හෙමිහිට අවවාද නොකර රට වටේ පෙන්නලා මේ ළමයින්ගේ අනාගතේ කන්නේ නැතුව ගිහිල්ලා පොලිටික්කන්ගේ හොර ජාවාරම්, කුඩු ජාවාරම් අල්ලුවා නම් හොඳ නැද්ද?
මේක අද මුළු සමාජයටම වෙලා තිබෙන නස්පැත්තියක්... මුළු ලාංකීය සමාජයම වගකිව යුතුයි. නැතහොත් සියළුම වැඩිහිටියන් වගකිව යුතුයි. දරුවන්ට කුඩාකල සිටම ගුණධර්ම පුරුදු කරනවා නම් මෙවැනි දේවල් සිදුවන්නේ නැහැ. දැන්වත් වැඩිහිටියන්ගේ ඇස් ඇරේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා !
එයාල අපේ මොලේ තියෙන්නේ මෙතන කියලානේ පෙන්නලා තියෙන්නේ
ගමේ කොල්ලෝ රෙදි ඇඳගෙන නෙවෙයි. ගඟේ, මුහුදේ නෙවේ. තවමත් වෙරළාසන්නව ජීවත්වෙන සමහර අය වැසිකිළි යන්නේ වෙරළට... මේ ගැටවර කොල්ලා දුරදිග නොහිතා කරපු වැඩේට මේ තරම් අපි කලබල විය යතු නැහැ.. අවවාදයක් කිරීම ...සුදුසුම දේ හැමෝම තමාගේ අතීතයට ගිහින් හිතලා බලන්න ගඟේ, ඇළ, දොලේ නෑවේ කොහොමද කියලා...
මේ නිරුවත කියන වික්ටෝරියානු සංකල්පය අපේ ඔලුවලට ඔබ්බපු එකක්. ඉස්සර සාමාන්‍ය ගැණු පිරිමි උඩට ඇන්දේ නැ. අමුඩය ඇන්දේ......... අනෙක් එක පොලිසිය මෙතැන මේ ළමයින්ට හරිම අපරාධය කරලා. නඩු දාල තියෙන්නේ පුර විද්‍යා පනතේ පුරාවිද්‍යාත්මක ස්ථානයක් වැනසුවා කියල. මේකට ඇප දෙන්න දිස්ත්‍රික්ක හෝ මහේස්ත්‍රාත් උසාවියකට බලය නැහැ. අභියාචනා අධිකරණයකට ම යන්න වෙනවා. මේ ළමයින්ට එකට කාලය හෝ සල්ලි තියනවද දන්නේ නැහැ. බොහෝ කලක් රිමාන්ඩ් භාරයේ ඉන්නවෙයි.