(මනෝප‍්‍රිය ගුණසේකර)
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිධුරයෙන් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉවත් කොට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එහි සභාපතිවරයා ලෙස පත්කිරීමේ නියෝගයක් ඉල්ලමින් ඉදිරිපත් කොට තිබූ ප‍්‍රතිශෝධන ඇයැදුම් පත‍්‍රය බස්නාහිර පළාත් සිවිල් අභියාචන මහාධිකරණය අද (27) විභාගයට නොගෙනම නිශ්ප‍්‍රභ කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිවරයා ලෙස සළකන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයින් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කොට තිබූ පෙත්සමක් කොළඹ දිසා අධිකරණය විසින් නිශ්ප‍්‍රභ කිරීමට එරෙහිව බස්නාහිර පළාත් සිවිල් අභියාචන මහාධිකරණයට ඉදිරිපත් කොට තිබූ ප‍්‍රතිශෝධන ඇයැදුම් පත‍්‍රයක් මෙලෙස විභාගයට නොගෙනම නිශ්ප‍්‍රභ කළේය.
මෙම පෙත්සමේ වගඋත්තරකාර ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම්වරයා වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවයක් සළකා බැලූ බස්නාහිර පළාත් සිවිල් අභියාචන මහාධිකරණය මෙම ප‍්‍රතිශෝධන ඇයැදුම් පත‍්‍රය මෙලෙස විභාගයට නොගෙනම නිශ්ප‍්‍රභ කළේය.
බස්නාහිර පළාත් සිවිල් අභියාචන මහාධිකරණ විනිසුරුවරුන් වන මනිලාල් වෛද්‍යතිලක සහ ඞී.එන්. සමරකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරුවරු මඩුල්ලක් විසින් අදාළ නියෝගය ප‍්‍රකාශයට පත් කරන ලදී.
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභිකයින් වන බොරලැස්ගමුව නගාරාධිපති අනුර ප‍්‍රියශාන්ත සහ නාගරික මන්ත‍්‍රී අසංක නන්දන ශ්‍රීනාත් යන මහත්වරුන් විසින් ඉදිරිපත් කොට ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරු වශ්‍යයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම්වරයා නම් කොට තිබිණි.
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්වරයා වශයෙන් මෛත‍්‍රීපාල සිරිසේන මහතා නම් කොට ඇති බව පක්‍ෂයේ මහලේකම්වරයා විසින් තමන්ට දැනුම් දී ඇති බවත් ඔහුට එම තනතුර දැරීමට හැකියාවක් නැති බවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්වරයා වශයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා යළිත් වරක් පත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ කොළඹ දිසා අධිකරණයෙන් ඉල්ලීමක් කොට තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේද කියන්නේ? මේවට නම් කියන්නේ බල තණ්හාව කියලා.
පොහොට්ටුවට නායකත්වය දෙමින්, කොහොමද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වය දෙන්නේ?
දාම් පෙතේ ඉත්තන් මාරුකරනවා වගේ දේශපාලු ඉත්තන් මාරුකිරීම අධිකරණයේ වැඩක් නොවන බව මෙයින් සනාථ කර තිබෙනවා. ඒවගේම අධිකරණයේ ස්වාධීනත්වය ගැන වැදිබණ දෙසන අයට මෙය කදිම පාඩමක්.
ඉන්දියාවට ගිහින් කීවෙත් ජනපතිවරණයට මම එවන්නේ රාජපක්‍ෂ කෙනෙක්. එතකොට මොවුන් හැර වෙන කව්රුවත් නැතිද හොයාගන්න ?
පොහොට්ටුවට යන එන මං නැති බව දන්නා නිසා ශ්‍රීලනිප එක අස්සෙම එනවා.