( නිමල කොඩිතුවක්කු)
තමන්ගේ ආරක්ෂාව වැඩි කරන ලෙසට තම ආරක්ෂාව භාර ප‍්‍රධාන නිළධාරියා රජයෙන් ඉල්ලිමක් කර ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(26) කොළඹදි පැවැසීය.
ඒ අනුව තම ආරක්ෂාව භාර සහකාර පොලිස් අධිකාරීවරයා විසින් එම ඉල්ලිම සිදුකර ඇති බවද ඔහු කිය.
තම පවුලේ උදවිය ඝාතන සැලැස්මක් පිලිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වාර්තා කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් රජය වහාම කටයුතු කළ යුතු බවත් රාජපක්ෂ මහතා පැවැසීය.
එල්ල වි ඇති ජීවිත තර්ජන හමුවේ ඉදිරියේදී තම පුවුලටම ආරක්ෂාව දීමට වුවද සිදුවනු ඇතැයි හිටපු ජනාධිපතිවරයා සදහන් කළේය.
විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතාගේ ආරක්ෂාව සම්බන්දයෙන් මාධ්‍යවේදින් නැගූ ප‍්‍රශ්ණයකට පිලිතුරු දෙමින් ඒ මහතා මේ බව පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමාව ආරක්ෂා කරන එක ජාතියේ වගකීමක්... දැන් රටේ ඇතිවී තිබෙන ව්‍යාකූල තත්වය සලකා රජය වැඩි වගකීමකින් කටයුතු කළයුතුයි.
කල පව් පල දෙන්න යනවා වගේ කියලා හිතෙනවද දන්නේ නැහැ.
ඔවු ඔවු ආරක්ෂා කරන්නම ඕන.
තිරුපති ගියා වැඩි ආරක්ෂාවට අන්තිමට. ලංකාවේ මිනිසුන්ම ඕන වුණා ආරක්ෂා වෙන්න.
එතුමා මුළු සිංහල ජාතියම ආරක්ෂා කර දුන්නා රටපුරාම සිංහල සොහොන් ගොඩනැගෙන එක නැවැත්තුවා. දැන් බලයේ සිටින අය ජීවත් වෙන්නෙත් එතුමා නිසයි. එමනිසා එතුමාව ආරක්ෂා කිරීමට ජාතියම බැඳී සිටිනවා.
මොකද " ඔව් ඔව් අරකෂා කරන්න ඕනේ" එතුමා නොසිටින්න අද ඔහෙලත් ගිය තැන්වල ගස් වැවිලා.
එයාගේ වටේ ඉන්න අයගෙන් ආරක්ෂා උනොත් ගොඩක්ම හොඳයි
පන්සල් ගානෙ ගිහින් දේශපාලය කරන්නද?
ඔබට වඩා ජනතාව ආරක්ෂා කරන්න ඕනෑ නාගනන්ද මහත්තයව. ඔහු ඉදිරිපිට දුෂිත දේශපාලුවෝ වෙව්ලනවා.
මේ මරණ තර්ජන ගැන ඇත්ත නැත්ත ප්‍රථමයෙන් සොයා බැලිය යුතුයි.
ඔහුගේ ආරක්ෂාව, ගැන රටම බලා සිටි. මොනවා හරි දෙයක් වුනොත් , රට අරාජික වෙයි. කරුණාකර රජය මේ ගැන හිතන්න.
ඔවු ඔවු ආරක්ෂා කරන්නම ඕන...
අපි හිතන් හිටියේ රාජපක්ෂවරුන්ට නඩු දාලා හිරේ දායි කියලා. බැලුවම නඩුත් නැතුව කෙලින්ම මරණ දඩුවමනේ දෙන්න හදල තියෙන්නේ.
වැරදි කරන පුද්ගලයා නිතරම ඉන්නේ භයෙන්. කව්රු හරි අත්පොඩියක් ගැසුවත් ඔහුට ඇසෙන්නේ වෙඩි තියනවා වගෙයි .
තර්ජන පවුලේ අයගෙන්ම වෙන්න ඇති, බල තණ්හාව නිසා.
ඇත්තම මෙතුමා පන පිටින් ඝාතනය කලේ වට හිටිය අය තමයි.
බරක් ඔබාමා, ඩේවිඩ් කැමරන්, මනමෝහන් සිං යන මහත්වරුන් හා ලෝකෙන් උතුම් ගෝත්‍රික යටත් වැසියන් බහුලව වෙසෙන රටේ හිටපු රජ තුමා අතර තියන වෙනස මෙන්න මේක තමයි. එත්, ඉතින් අපි, අර හිඟන රටවල ඉන්න හිඟන්නෝ වගේ නෙවෙයිනේ, දේශ ප්‍රේමී සල්ලිකාර අපට ඕනා තරම් සල්ලි තියනවා. ඒ නිසා බදු මුදල් තව වැඩිකරලා, එතුමාට ආරක්ෂාවක් දෙන්න, අඩුතරමේ ලක්ෂයක වත් හමුදාවක් අනුයුක්ත කරන්න.
දැන් එතකොට " අපට ආණ්ඩුවේ ආරක්ෂාවක් අවශ්‍ය නැහැ මහ ජනතාව අපව ආරක්ෂා කරනවා " කියලා කයිවාරු ගැහුවේ විහිළුවටද?
මෙය ඉන්දියාවට ගියේ පුතා වෙනුවෙන්ද?
මෙතුමාට එරෙහිව තියන දුෂණ ගැන ක්‍රියා කිරීම කරන ගමන් මෙතුමාව ආරක්ෂා කිරීම ආණ්ඩුවේ වගකීමක්. කාටවත් එය පැහැර හරින්න බැහැ. ත්‍රස්තවාදය මුලිනුපුටා දමන්න මෙතුමා කල දේ මුළු රටම දන්නවා වගේ එයට ජාති-ආගම්, කුල-මල නැතුව මුල රටම ණය ගතියි. දුෂණය මම සාදාරණීය කරන්නේ නැහැ. නමුත් හරිදෙට හරි කියන ගමන් වැරදි දේට වැරදි කියලා කිව යුතුයි.
බුදුදහමේ සඳහන් වෙනවා තණ්හාය ජායතී සෝකෝ තණ්හාය ජායතී භයං..... කියල බය ඇතිවන්නේ ඇයි කියා විස්තර කරල. ඒ වගේම දැක්වෙනවා න අත්ථලික්ඛේ න සමුජ්ජ මජජේ න පබ්බතානං විවරං පවිස්ස ..... කියල
කාටවත් තියන මරණ තර්ජන වලට වෙන කාටවත් ආරක්ෂාව වැඩි කරලා හරියනවද ? මේක නිකන් ඔලුවේ කැක්කුමට යටිපල්ලට බෙහෙත් කරනවා වගේනේ ,"කලදුටුකල වල ඉහගන්නවා " කියන්නේ මේවගේ වැඩ වලට තමා කෝකටත් වටේ ඉන්න අයගෙන් පරිස්සම් වෙලා ඉන්න එක ඇගට හොද මොකද අළු යට ගිනි දන්නේ ලිප විතරනේ අනෙක දිට්ටධම්මවේදනීය කර්මය පලදීම කටත් සමයි
ඔව් ඉතින්, පිටින් එන අනතුරුවලට වඩා ඇතුළේ ඉන්න චක් ගෝලයන්ගෙන්, ඒවගේම සමීපතමයන්ගෙන් එන අනතුරු ගැන කාටද අනාවැකි කියන්න පුළුවන්, එහෙම නේද? කොහොම උනත් සුදානම් ශරීරේ කියලා
පන්සල් ගානේ ගිහින් දේශපාලනය කරාම මොකද සෙනෙවි ..? බුදුහාමුදුරුවෝත් දේශපාලන දර්ශනය කියලා එකක් වදාරලා තියෙනවනේ.
මෙතන කාටත් නොතේරෙන දෙයක් තියෙනවා. මෙතුමා දෙවෙනි පාර ඡන්දෙ පැරදුනාම ගෙදරට වෙලා හිටියනම් මේ කිසි ආරක්ෂාවක් අවශ්‍ය නැහැ. එතුමාට ජනතාවගේ ගෞරවයත් එහෙමම තියෙයි.