(ආරියරත්න රණබාහු)
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20වැනි සංශෝධනය හා එකඟ වන බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය පවසයි.
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘ අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ මූලික ඉල්ලීමක් වූ එම කරුණ ඉටු කිරීමට කටයුතු කරන ඕනෑම පාර්ශ්වයක් සමඟ තම ව්‍යාපාරය එකඟ වන බව එහි ප්‍රධාන ලේකම් පාලිත ලිහිණිය කුමාර මහතා රාජගිරියේදී අද(26) පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෝභිත හිමියන් හිතන්න ඇත්තේ අගමැතිවරයා ප්රමුඛ ඇමැතිලා සහ මන්ත්‍රීලා අර එංගලන්තේ ප්රජාතන්ත්රවාදී විදියට බොහොම සාධාරණව, යුක්තිගරුකව, අවංකව කටයුතු කරාවි කියලා වෙන්නැති. එ්ක නම් මේ ආත්මෙට මේ රටේ වෙන්නේ නැහැ. උන්වහන්සේ අපවත් වුණු නිසා වෙච්ච විනාසේ දැක ගන්න බැරිවුණා. ජනාධිපති තනි පුද්ගලයා ඒකාධිපති කියල කිව්වට දැනටමත් වෙන දේවල් බැලුවහම අගමැතිටත් ඔය විධායක බලේ දුන්නම බලාගන්න පුළුවන්...
20ට එකඟ රටවල් කිහිපයක් පමණයි
නාගානන්ද මහත්තයාට අනුව 20 ගේන එක දැන්ම සුදුසු නැත.
ඔය හැමෝම කෑගහන්නේ කගේ හරි දොළ පිදෙනියකට යටවෙලා. රටක ඉහලම නායකයා පත්කිරීමේ අයිතිය ජනතාවට කෙලින්ම ලබාදුන්නේ නැතිනම් එතන ප්රජාතන්ත්රවාදයක් නැහැ. ඒ නායකයා ජනතාවට එපාවුණු විටෙක ඉවත්කිරිමටත් බැහැ. අද ජනාධිපති වරයා ඒකාධිපතියෙකු ලෙස පෙනුනත් ජනතාවට අකමැතිනම් මීළඟ මැතිවරණයේදී ඔහු පත් නොකරගැනීමේ අයිතිය ජනතාවට තිබෙනවා. එමෙන්ම ඕනෑම ස්වාධින පුද්ගලයෙකුට ඒ තනතුර සඳහා තරග කිරීමටත් පුළුවනි. නමුත් අගමැති තනතුර එසේ නොවෙයි. ඔහු පාර්ලිමේන්තුවට පත්වන්නේ මුළු රටේම සියලු ජනතාවගේ ඡන්දයෙන් නොවෙයි. අගමැති තෝරන්නේ පාර්ලිමේන්තුවට පත්වන මන්ත්‍රීවරුන්ගේ විනා ජනතාව නොවෙයි. මන්ත්‍රීවරු යනු ජනතාව විසින්ම නම්කළ පිරිසකුත් නොවෙයි. පක්ෂ නායකයාගේ අභිමතයට නම්කළ පිරිසක්. විශේෂයෙන්ම කෘත්‍යාධිකාරී සභාවත් පක්ෂ නායකයා විසින්ම නම්කරන පක්ෂයක් සලකු විට තත්වය වඩාත් භයානකයි. ඒඅනුව ඔය මුළු මහත් රටේම විධායක බලතල ඒකාධිපති බල ලෝබියකු අතට පත් උනොත් රටේ යාවජීව ඒකාධිපතියෙකු බිහිවෙනවාමයි.
එය සුදුසු වන්නේ තවත් අමන පාලකයෙකු පත්කර පවුල් සංස්ථාවක් තනා තවත් වරක් රට ආගාදයට ඇද දැමූ පසුද?