(ජයන්ත සමරකෝන්)
රුපියල් ලක්ෂ 50කට අධික මුදලක් වැයකර බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සම්මුඛ පරීක්ෂණ පවත්වා බඳවාගනු ලැබූ ආධුනික නියාමකයින් 1200කට පත්වීම් ලිපි ලබාදීම දැනට මාස 4ක් තිස්සේ ඇණහිට ඇතැයි වාර්තා වේ.
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ අදිසි හස්තයක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇතැයි ද දැනගන්නට තිබේ.
රාජ්‍ය සේවාකොමිසමේ අනුමත බඳවාගැනීම් පටිපාටියට අනුව සිදුකර ඇතැයි කියන මෙම පත්වීම් ලබා නොදීමට එරෙහිව පත්වීම් අපේක්ෂාවෙන් සිටින 1200ක් දෙනා අධිකරණයට යාමට තීරණය කර ඇතැයි ද දැනගන්නට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරගෙදර ඇතුළේ වෙන දුෂණ බලාගන්න කවුරුත් නැහැ. සමහර අයගේ ලොකුම කෙරුවාව රාජකාරි දේවල් මුහුණු පොතට දාගෙන පිම්බෙන්න හදන එක.
සම්මුඛ පරීක්ෂණයට ලක්ෂ 50, කෝටි බාගයක්
මේ ආණ්ඩුවේ හැම වැඩක්ම කල් මැරීම තමා. මෙහම කල් මැරීම නිසා තමයි කුණු කාන්දු විපත්, මහ බැංකු වංචා, මිල සූත්‍ර, ආර්ථික කමිටු ඇතුළු විශාල පාඩු සිදුවුණේ.....
බොහෝ පිරිසක් බන්ධනාගාර නියාමක ඉන්ටර්විව් යන්න කාලය, ශ්‍රමය, මුදල් වැය කරා. තවත් බලන් ඉන්නවා බොහෝ දෙනෙක් පත්වීම් ලැබෙනතුරු. මේ පිළිබඳ අවධානය යොමු කරලා හැකි ඉක්මනට බඳවා ගැනීම් සිදුකරන්න.
හැකි ඉක්මනින් බන්ධනාගාර පත්වීම් ලබා දෙන්න කටයුතු කරන්න.