(ජයන්ත සමරකෝන්)
සමෘද්ධි කොමසාරිස් ජනරාල් ජිනසිරි දඩල්ලගේ මහතා ඉවත් කිරීමට එරෙහිව සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හා කෘෂි පර්යේෂණ නිලධාරීන් 24000ක් ලබන 2දා සිට රටපුරා විරෝධතා ව්‍යාපාරයෙන් ආරම්භ කරන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් කුමාර මහතා පැවසීය.
සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය සමිති ගණනාවක් ඊට එක්වන බව ද ඒ මහතා කීය.
එක්සත් ජාතික පාක්ෂිකයින් පන්ලක්ෂයකට නිසි ක්‍රමවේදයකින් තොරව සමෘද්ධි සහනාධාර ලබාදීමට එකඟ නොවීම, සමෘද්ධි නිලධාරී ගැටළුවලට විසඳුම් ලබාදීම ඇතුළු කරුණු ගණනාවක් එම ඉවත්කිරීමට හේතුව බවද හෙතෙම සඳහන් කළේය.
ඉකුත් 21 වැනි දින ප්‍රධාන කාර්යාලයේ සේවකයින් සියලුම දෙනා මෙම තත්ත්වයට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇතැයි ද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජන මුදල් හිතුමතේ පරිහරණය කරන්න දේශපාලුවන්ට ඉඩ දියනොහැක. එසේ කිරීමට ඉඩදීම යනු පොදුජනයා එම වියදම්වල බර කරගැසිය යුතුබවයි. ඊට පස්සේ ජිවන වියදම වැඩ්යි කියා කෑගහන්නෙත් මේ කියන උදවියයි. මේ කියන පුද්ගලයා රාජ්‍ය පරිපාලන සේවයට අයත්නම් හා එකතැන අවුරුදු හතරකට වඩා සේවය කර ඇත්නම් ඔහුගේ මාරුවීම පරිපාලන නීති රීති අනුව සාදාරනයි. කල්ලි ගැහීම කොහෙත්ම අනුමත කල නොහැක.
දේශපාලකයන්ගේ එහෙයියලා නොවී වැඩ කරන උදවියට ඉන්න නොදෙන බව එයා යටතේ වැඩ කරන සේවකයෝ හොදින් දන්නවා .
එක්සත් ජාතික පක්ෂය මෙම සමෘද්ධි ඇමති ධූරය ගන්නකොටම තේරුණා, මේක ඡන්ද ව්‍යාපාරයට තමයි ගත්ත බව. එක්සත් ජාතික පක්ෂය විපක්ෂයේ ඉන්නකොට පහුගිය ආණ්ඩුවට දොස් කිව්වා සමෘද්ධිය භාවිතා කරමින් ඡන්ද ව්‍යාපාර කරන බව. වත්මන් එක්සත් ජාතික පක්ෂය නායකයාට ඡන්ද දිනන්න හෝ රට ගොඩනගන්න හෝ කිසිම සැලැස්මක් හෝ දර්ශනයක් හෝ නොමැතිව, සමෘද්ධි දුන් පමණින් ඡන්ද දිනන්න පුළුවන් නම් ලොකු මෝඩකමක්.