ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ යන මහත්ම මහත්මීන්ට ජීවිත තර්ජනයක් ඇතැයි රහස් පොලිසියට කී ඉන්දියානු ජාතිකයා 2000 වසරේ සිට මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන පුද්ගලයකු බව අනාවරණය වී ඇතැයි කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවැසීය.
මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ එම ප්‍රකාශකයා මෙසේ ද කීය.
“ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ දේශපාලන නායකයන්ගේ ජීවිතවලට තර්ජන ඇති බව ඉන්දීය ජාතිකයකු පවසා ඇති බවටත් ඔහු ශ්‍රී ලංකා පොලිසියේ සිටින බවටත් පළ වූ මාධ්‍ය වාර්තා අපේ අවධානයට යොමුවුණා.
මේ සම්බන්ධයෙන් අපි දැඩි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා බලධාරීන් අපට දුන් සීමිත තොරතුරු පදනම් කරගනිමින් ඒ පුද්ගලයා පිළිබඳව පසුබිම් තොරතුරු සොයන්නැයි අපේ රටේ බලධාරීන්ට වහාම දැනුම් දුන්නා. ඒ අනුව සිදුකළ පරීක්ෂණයේදී මොහු 2000 වසරේ සිට මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන පුද්ගලයකු බව අනාවරණය වී තිබෙනවා. අපි මේ තොරතුරු ශ්‍රී ලංකා බලධාරීන්ට දැනුම් දී තිබෙනවා. ඒ වගේම මේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ සහ වෘත්තීය පරීක්ෂණයක් කිරීමට අපි අපේ උපරිම සහයෝගය ලබා දෙනවා.” යැයි ද ඔහු කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මුලින්ම හිතුනා.
ලංකාවේ දේශපාලනයට හා අාර්ථිකයට ඉන්දියාව කෙලින්ම හා වක්‍රාකාරයෙන් මැදිහත් වෙනවා. ඒ නිසා මෙවන් තත්වයන් තුල අවධානයෙන් කටයුතු කළ යුතුයි. මොකද ලංකාව තුල නිෂ්පාදන අාර්ථිකක් අැති වී, වී සංවර්ධනය වීමට අවස්ථාවක් කිසි ලෙසින් ඉඩ තබන්නේ නැත. කෝටි 150ක් පමණ වන ඉන්දියානු ජනතාව නඩත්තු කරන්නේ පිට රටවලට ඔවුන්ගේ නිෂ්පාදන අලවි කිරීමෙන්. එහිදී කෝටි දෙකක් වුනත් ලංකාව ඔවුන්ට හොඳ වෙළඳපලක්. අැත්ත වශයෙන්ම අපි කෝටි දෙකක් ඉන්දියානුවන් නඩත්තු කරනවා. එවන් තත්වයක් තුල ඉන්දියාව අපට දියුණු වෙන්න දෙන්නේ ඔවුන්ගෙන් මිල දී ගැනීමේ හැකිව අැති පමණටය. ස්වංපෝෂිත වීමට එරෙහිව හැකි තරම් බාධක යොදනු අැත. සමහර විට ජාන තාක්ෂණය භාවිතා කර වගා විනාශ කිරීමට කෘතීමව වර්ෂාව පාලනය කිරීම පවා ඔවුනට කල හැක. මේ රටේ නිෂ්පාදන අාර්ථිකයක් අැති කිරීමට තැත් කරන අාණ්ඩුවක් පත් වූවොත් එය විනාශ කිරීම ඉන්දියානු අරමුණ වේ. විජේවීර මීට අවුරුදු 50ට කලින් මේක පෙන්වාදී තිබුනා.
මොහු මානසික රෝගියෙක් නම් ලංකාවට ඇවිත් කිසිම රස්සාවක් නොකර ජීවත් වෙන්න මුදල් දුන්නේ කවුද? ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයෙන්ද? වැඩේ වැරදුනාම මොහු මානසික රෝගියෙක් කියා ප්‍රචාරය කොට ඉන්දියාව අපිව නොමග යවන්න හදනවද කියා වහාම සොයා බැලිය යුතයි.
හොඳින් සැලසුම් කල පිටපතක් ....
මම ඉන්දීය ච්ත්‍රපටියක් බැලුවා එකේ අන්දයෝ තුන්දෙනෙක්ව පුහුණුකරලා බැංකුවක් මංකොල්ල කනවා. මේ වගේ විශේෂ ක්‍රියාවන්වලට නීතියෙන් රිංගා යාහැකි උපක්‍රම යොදා ගන්නවා. අනෙක මානසික රෝගියෙක්ව සාක්ෂි ඔස්සේ හදුනා නොගන්න තරම් අපේ රහස් පොලිසිය ලද බොලද නැහැ. කුමන්ත්රණයේ කොන් අහුවෙනකොට කට්ටිය කලබල වෙලා වගේ.
ඒ කතාව සම්පුර්ණ ඇත්ත ජිවිත ඇත්තේ වෙනත් අයට විය හැක .
මොනවද මේ නාටකය ....!!! අපිටත් පිස්සු වගේ
ඩේසි ආච්චිගේ මැණික් මල්ල වගේමයි.
මෙයා විතරක් නොවේ අනිත් එක්කෙනාගෙත් ඔලුව පරික්ෂා කරලා බැලුවා නම් හරී.
පසුකාලින නමසිය හැත්තෑ ගණන්වල සිට මෙරටට පැමිණි ඉන්දීය මානසික රෝගීන් මේ වගේ කොටුවුවානම් අපේ රට සාමජිය හා ආර්ථික වශයෙන් මිට වඩා සෑහෙන ප්‍රමාණයක් ඉහලින්.
මම නම් හිතන්නේ මේ සිද්ධිය දේශපාලන වාසියකට හරවාගන්න වලිකන කට්ටිය මේ කියන ඉන්දියානුවාටත් වැඩිය " පිස්සු ඩබල් " උන මානසික රෝගියෝ කියලයි .............
අප රටේ පුරවැසියකු මෙසේ වෙනත් රටක මෙවන් සිදුවීමක් වෙනුවෙන් සැකපිට " අත්අඩංගුවට ගත්තේනම් " ඔහු මානසික රෝගියෙක් යැයි පැවසුවහොත් එ්රටේ ආරක්ෂක අංශ එසේ පිළිගන්නේද යන්න දෙවරක් නොව සිය දහස්වාරයක් සිතා බලන ලෙස අප අවංකව සිතීමට හැකියාවක් ඇති සියලුම පුරවැසියන්ගෙන් විමසීමට කැමැත්තෙමු.
එවැනි රෝගියෙක් නොවන කෙනෙක් ඔය කියන පවුලේ කට්ටිය මරන්න සැලසුම් කරයි කියල හිතන්න අමාරුයි.
අර කියමන හරියටම හරිනේ. පිස්සෝ කලබල වුනට දොස්තර කලබල වෙන්නෙ නෑනෙ.
‘රටකට ඕනෑ අපමණ අගයක්’ යන සිංදුව බස් හෝල්ට් එකේදී නිකමට කියවෙලා දෙතුන්දෙනෙක්ම මාව මරන්න වගේ බැලුවා.
අපිත් මානසික ලෙඩ්ඩු වෙනවා අහන දකින දේවල් නිසා. ආතතිය හැදිලා තමා නවතින්නේ.