නිමන්ති රණසිංහ
මුදල් විශුද්ධීකරණය කළැයි කියන සිද්ධියට අදාළව නාවික හමුදාවේ හිටපු ලූතිනන් යෝෂිත රාජපක්ෂ මහතාට සහ ඔහුගේ මිත්තණීය වූ ඩේසි ෆොරෙස්ට් මහත්මියට එරෙහිව නඩු පැවරීමට නීතිපති උපෙදස් සඳහා උදෘත ගොනුකර ඇතැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට අද (26) දැනුම් දුන්නේය.
අයථා මාර්ගයෙන් උපයාගත් බවට සැකකෙරෙන මුදල්, ව්‍යාපාර කටයුතුවලට හා දේපොළ මිලදී ගැනීමට යොදවා ඇතැයි කියමින් ලැබුණු පැමිණිල්ලක් අනුව මූල්‍ය අපරාධ කොට්ඨාසය මෙම විමර්ශන පැවැත්වීය.
රත්මලාන ප්‍රදේශයේ පිහිටි රුපියල් මිලියන 36 වටිනාකමකින් යුත් ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් වූ සිද්ධියකට අදාළ නඩුව අද ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඞ් මිහාල් මහතා ඉදිරියේ යළි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය හරිම අසාධාරණයි.
රන්ජන් උසාවියට අපහස කළාය කියන නීති මහත්තුරු අඹ ගෙඩි තුන හොරකම් කල අහිංසක අයට දෙන දඬුවම් හා ක්‍රියා පරිපාටිය දන්නවා , නමුත් ලොකු ජාත්‍යන්තර හොරුන්ට එය අදාළ වෙන විධිය දන්නේ නෑ. රන්ජන් හරි...
නීතිපති උපදෙස් මොකටද? සාක්කි තියෙනවනම් නඩු දාන්නනේ තියෙන්නේ. පොඩි මනුස්සයෙක්ට මේක වුනානම් බලාගන්න තිබ්බා කුදලාගෙන යනහැටි.
ලංකාවේ පවතින නීතිය අනුව තාත්ත රජා නම් පුතාලට කල නොහැක්කක් නොමැත.
පිටිගල දුෂණයට විරුද්ධයි.
යුද්ධය අවසන් කරන්න දායකත්වය දුන් කෙනෙක්. රණවිරු සංවිධාන මේ මොහොතේ ඉදිරියට ආ යුතුයි. ඇයි ඔවුන් නිහඬ? හදවතින් අප යුධ බිමේ ඔබ තනිකළේ නැත කිසි දිනේ.
බණ්ඩාර මහතා, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී වෛද්‍ය නලින් ජයතිස්ස සහෝදරයා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්ණ කලා යුද සමයේ යෝෂිත සහභාගිවුණු එක මෙහයුමක් හරි තියනවනං කියන්නයි කියලා.