(රංජන් කස්තුරි)
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග පිළිපදිමින් මල්ශානි සුරියආරච්චි නැමැති සයිටම් වෛද්‍ය උපාධිධාරිනිය ලියාපදිංචිය සඳහා අයදුම්පතක් ඉදිරිපත් කරන්නැයි දන්වා යැවීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අද (28) තීරණය කර තිබේ.
මාලබේ සයිටම් වෛද්‍ය සිසුවියට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදිය යුතු බවට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව ශ්රේඨාධිකරණයද ඉකුත් දා අනුමත කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මාර රටක්නේ... වෛද්‍ය විද්‍යාව හදාරපු කෙනෙක්ව පිළිගත් දොස්තර වරයෙක් ලෙස පිළිගන්නේ වෛද්‍ය සභාවේ අනුමැතිය ලැබුනොත් පමණයි.මේ ලෝකයේම එහෙමයි. නමුත් මේ අසිරිමත් දේශයේ වෛද්‍ය සිසුන්ව දොස්තර වරයෙක් ලෙස තීරණය කරන්නේ ජිවිත කාලයටම " ඇමීබාවෙක්වත් " දැකනැති වෙද නලාවක් අතින්වත් අල්ලා නැති මිනිස් සිරුරේ කොටස් ටිකවත් පියවි ඇසින් දැක නැති , නිතිය පමණක්ම ඉගෙනගත් නඩුකාරයෝ ටිකක්. අනේ අම්මේ ...මග මලත් , මේ වගේ දොස්තර කෙනෙක් ගාවට මම නම් යන්නේ නැහැ.
කොහොමහරි එහෙනම් එකත් වුණා.. ලංකාවට පුද්ගලික විශ්වවිද්‍යාල අවශ්‍යයි. එ්කේ තර්කයක් නැහැ. කවුරුහරි කියනවා නම් එපා කියලා. එක්කෝ කියන්නේ.. නොදන්නා, නූගත්කමට, නැත්නම් කියන්නේ බඩගෝස්තරවාදී, කුහකකමට... මොකද උසස්පෙළ පාස්වෙන හැම ළමයෙක්ම උසස් අධ්‍යාපනයට සුදුසුවෙනවා. එ්ත් ඒ සඳහා පහසුකම් නැහැ ලංකාවේ. ඔවුන්ගේ අධ්‍යාපනය ලංකාවේ දියුණුවට යොදාගන්න ඕනේ... හැබැයි මෙතන ලොකු ගැටළුවක් තියෙනවා.. විසඳුම් ඕනේ.. මේ විශ්වවිද්‍යාලවල තත්ව පාලනයට, නියාමනයට හැර වග කියන ක්‍රමවේදයක්, වෛද්‍ය සභාව සහ රජය මුල්වෙලා ඇති කරන්න ඕනේ.. දොස්තරලා වෙන්න විතරක් නෙමේ.., ඉංජිනේරුවෝ වෙන්නත් ක්‍රමවේදයක් හරියට හදන්න ඕනේ...
ලෝකයේ හොඳම (පුද්ගලික) වෛද්‍ය විද්‍යාලය ලංකාවේ ඇති කළොත් GMOA එක එයට ඉඩ දෙනවාද?
සයිටම් අධ්‍යාපනයේ සුදුසුකම් නැතිනම් ඒ බව උසාවියට පෙන්වා දී ඒ සඳහා පිළියම් යෙදීමෙන් පසුව ඔවුන් ලියා පදිංචි කළයුතුයි. හිතේ තියන කුහකකම හැර, සැකයකින් තොරව උසාවියට පිළිගත හැකි තොරතුරු වෛද්‍ය සභාව උසාවියට ඉදිරිපත් කර නොමැති බව ඉහත උසාවි දෙකේම තීන්දු වලින් ඔප්පුවෙනවා. දැන් ඉතින් මේ සිසුන්ට ලියා පදිංචිය ලබාදී ඔවුන් අතින් සුළු හෝ අතපසුවීමක් වෙනතුරු කට පියාගෙන ඉන්න වෙනවා.
මේ ඊනියා සභාවේ ඉන්න උගත් මහත්වරුන්ට කොන්දක් සහ ආත්මගරුත්වයක් තියනවනම් වහාම ඔය සභාව විසුරවල අරින්න ඕන තව ඕනනම් ජීඑම්ඕඒ එකත් ආන්දගෙන හරි !
ඉතින් සායනික පුහුණුවක් නැතුව මේ අය ලෙඩුන්ට වෙදකම් කිරීම හරියට කරන්න දන්නවාද? නීතිය විතරක් නෙවෙයි ලෙඩුන්ගේ ජීවත්වීමේ අයිතිවාසිකම් ගැනත් සිතන්න.
වෛද්‍ය සභාවට දැන් හොඳටම පිස්සු. එක්කෙනෙකු පමණක් ලියාපදිංචි කිරීම අනෙක් අයගේ මානව හිමිකම් කඩකිරීමක් බව දන්නේ නැද්ද? මෙය ඕනෙ බබෙක් දන්නා දෙයක්...
මෙයත් සායනික පුහුණුව හරියටම අලුත් කඩෙන් ගත්තා නම් හරි.
ඒ අනුව සයිටම් වෛද්‍ය විද්‍යා උපාධිධාරීන් සියල්ලන්ටම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදිය යුතු නොවේද...?
උපාධියත් අලුත් කඩෙන් ගත්තා නම් එලමකිරි...
මේ අධිකරණ තීන්දුව ලැබුනේ තමනුත් නිදහස් අධ්‍යාපනයෙන් පෝෂණය වූ බව අමතක කළ නිලධාරීන් හා දේශපාලකයින් සයිටම් ආයතනයට පක්ෂව කටයුතු කළ නිසයි. තවත් වෛද්‍ය උපාධි කඩ බිහිවෙන්න මේ නඩු තීන්දුව උත්තේජකයක්... නිදහස් අධ්‍යාපනයේත්, නිදහස් සෞඛ්‍යයේත් වටිනාකම අපේ රටේ මිනිස්සු තේරුම් ගන්නකොට වෙන්න තියෙන හැමදේම වෙලා තියෙයි...
ලංකාවේ සිසුන් ඉන්දියාවේ, නේපාලයේ, චීනයේ හෝ බංගලාදේශයේ ගොස් වෛද්‍ය උපාධිය ගත්තට ප්‍රශ්නයක් නැහැ.. නමුත් ලංකාවේ ඉගෙන ගන්නවා නම් තමයි වෛද්‍ය සභාවට මේ දේ මහ ප්‍රශ්නයක් වෙන්නේ... මා සිතන්නේ දැන් කලයුත්තේ සයිටම් ආයතනය නැවත විවෘතකර, අවම සුදුසුකම (C 2, S 1) ඇති සිසුන්ට එහි වෛද්‍ය අධ්‍යාපනය ලැබීමට සැලැස්වීමයි.
තවත් පුද්ගලික වෛද්‍ය විද්‍යාල සඳහා ඉඩ දිය යුත්තේය.
පුද්ගලික වෛද්‍ය පාසල් ශ්‍රී ලංකාවේ තිබිය හැකියි. නමුත් රජයේ රෝහල්වලට අනුයුක්ත කළ සියලුදෙනා රජයේ වෛද්‍ය විභාගයෙන් සමත්වීම අනිවාර්ය වේ.
"මෙයත් සායනික පුහුණුව හරියටම අලුත් කඩෙන් ගත්තා නම් හරි." ඔයා වගේ කෑ ගහන අයට සුද්දගෙ වෙදකම හොඳයි. හැබැයි සුද්දගේ නීතිය හොඳ නෑ. එතකොට දැන් පිටරට බටහිර වෛද්‍ය උපාධි අරන් එන අයත් අලුත් කඩේට ගිහිල්ලද එන්නේ ?
මා දන්නා වෛද්‍යවරුන් කිහිපදෙනකුගේම දරුවන් සයිට්ම් වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනගත්ත. එයාල කියන්නෙ සයිට්ම් මෙඩ්සින් කොර්ස් එක එයාලගෙ වෛද්‍ය පීඨවලට වඩා ටෆ් කියලයි. සයිට්ම් එකේ වැකේෂන් නැහැ දිග සති අන්ත නිවාඩු නැහැ. දවසේ සම්පූර්ණ කාලයම යෙදුවෙ වෛද්‍ය විද්‍යව ඉගෙනගන්න විතරයි.
ඔන්න ජීඕඑම්ඒ එකේ අයවලුන්ට වැඩ වර්ජනයකට යන්න පොටක්. බලන් ඉන්නේපා කොහොම කොහොම හරි ගපල්ලා වර්ජනයක්.
අධ්‍යාපනය ලබාගැනීමට ඇති මුලික මිනිස් අයිතිවාසිකම තහවුරුකළ ශ්‍රේෂ්ඨාධිකරණ අපගේ ප්‍රණාමය!
සයිටම් එකත් නීත්‍යානුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගත්තනම් ඔය උද්ඝෝෂණ නවත්වන්න පුළුවන්.
ශ්‍රේෂ්ඨාධිකරනයෙන් මාලඹේ වෛද්‍ය විශ්ව විද්‍යාලය ගැන දී ඇත්තේ අවසන් තීන්දුව අනුව නඩුව පවරූ සිසුවියට පමණක් නොව විභාගය සමත් සියලුම සිසුන්ට රු. 100000.00 බැගින් වන්දි එස් එල් එම් සී මඟින් ගෙවිය යුතුය. සියළුම දෙනාව වෛද්‍ය කවුන්සලයේ ලියා පදිංචි කල යුතුය. මෙම නඩු තීන්දුව අනුව මාලඹේ පෞද්ගලීක වෛද්‍ය විශ්ව විද්‍යාලය නීත්‍යානුකූල බව පිළිගෙන අැත. එය නැවත විවෘත කිරීමට නෛතිමය ප්‍රතිපාදන සලසා අත. වෙනත් පෞද්ගලීක වෛද්‍ය විශ්ව විද්‍යාල පිහිටුවීමටද හැකිය.