බිමල් ශ්‍යාමන් ජයසිංහ
සපත්තු දෙකක අඩිය තුළ සඟවා තිබු රුපියල් ලක්ෂ 15 කට ආසන්න වටිනාකමින් යුත් හෙරොයින් මත්කුඩු සමඟ පුද්ගලයකු අද (30) පිළියන්දල බටකැත්තර දී අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.
එම සපත්තු දෙකහි අඩිය තුළ තිබී මත්කුඩු ග්‍රෑම් 102 සොයා ගෙන ඇත.
පිළියන්දල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සරානාත් සමරකෝන් මහතාට ලද තොරතුරක් අනුව මත්කුඩු තොගය සොයා ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු පෞද්ගලික බැංකුවක රියදුරුවරයකු ලෙස සේවය කරන 43 හැවිරිදි අයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලන හෙරෝයින්වල වටිනාකමින් අපි ණය ගෙවාදාන්න පුළුවන් වගේ. ණයට හිලව්වෙන්න හෙරොයින් ප්‍රතිඅපනයනය කරමුද?