ගලහ - ඩබ්ලිව් එ අසේල
පසුගිය ජූලි විසි අටවන (28) දින ගලහ රෝහලට පහරදුන් සිද්ධියට සම්බන්ධ කාන්තාවක් ඇතුලු සැකකරුවන් දෙදෙනෙකු අද (29) උදෑසන ගලහ පොලිසියේ නිලධාරී කණ්ඩායම ක් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් දෙදෙනාම ගලහ දෙල්තොට වත්තේ පදිංචිකරුවන් වේ
සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් හත් දෙනෙක් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
සැකකරුවන් අද දින මහනුවර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය
ගලහ පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කේ.එම්.ආර්.එස්. කෝනාර මහතා ඇතුළු නිලධාරී කණ්ඩායම ක් විසින් සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට දොස්තර මහත්වරුන්ගේ නොසැලකිල්ල නිසා මියගිය දරුවාගේ මරණය ගැන පරීක්ෂණයක් කරන්නේ නැතිද..? මරණයට වගකිව යුත්තන්ට නිසි දඬුවම් නොදුන්නොත්... හෙට තව තවත් අහිංසකයින්ව බිල්ලට ගනීවි මේ දොස්තර මාෆියාව. මේක මහ පුදුම රටක්. නීතිය වල්වැදුණු රටක්...