(ඉන්දිකා රාමනායක සහ ශි‍්‍රනාත් ප්‍රසන්න ජයසුරිය)
පොලිසිය ප‍්‍රතිසංස්කරණය කළ යුතු ආකාරය සහ ප‍්‍රජා පොලිස් සංකල්පය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ස්කොට්ලන්යාඩ් පොලිසියේ පැවැත්වෙන විශේෂ වැඩමුළුවකට බි‍්‍රතාන්‍ය බලා යාමට සිටි පොලිස්පතිවරයා ඇතුලූ නියෝජිතයින් පස් දෙනාගේ ගමන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නියමයෙන් රාජ්‍ය පරිපාලන , නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් අත්හිටුවා ඇති බව එම අමාත්‍යාංශය කියයි.
මෙම ගමන සදහා රාජ්‍ය පරිපාලන, නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර, අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් මාලිකා සුරියපෙරුම , පොලිස්පති පුජත් ජයසුන්දර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න යන මහත්ම මහත්මීන් සහභාගි වීමට නියමිතව තිබුණි.
මෙම වැඩමුළුව හෙට (1) දින සිට (7) වැනි දින දක්වා ස්කොට්ලන්යාඩි බ්‍රිතාන්‍යයේදී පැවැත්වීමට නියමිතව තිබුණි.
මහනුවර ති‍්‍රත්ව විද්‍යාලයෙන් රුපියල් ලක්ෂ 120 ක මුදලක් ලබාගත් බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට එරෙහිව අමාත්‍යාංශයේ ති‍්‍රපුද්ගල කමිටුවක් හරහා සිදුකරන පරීකෂණය සහ පොලිස්පතිවරයා සහ පොලිසිය සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ ඇති මතවාද සැලකිල්ලට ගෙන අගමැතිවරයා මෙම ගමන අත්හිටුවීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන , නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතාගෙන් ලංකාදීපය කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ මෙම ගමන අත්හිටුවීම කථාව සත්‍ය බවයි.
තමාද, පොලිස්පතිවරයාද, නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශයේ ලේකම් පත්මසිරි ජයමාන්න මහතා ද ප‍්‍රමුඛ නියෝජිතයින් පස්දෙනෙක් මෙම ගමන යාමට නියමිතව සිටි බවද නියෝජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
එසේ යාමට නියමිතව සිටියදී පොලිස්පතිවරයා ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය පැවැත්වීම ඇතුලූ කරුණු කිහිපයක් හේතුවෙන් මෙම වැඩමුළුවට යාම මෙය අවස්ථාවක් නොවන බවට අගමැතිවරයා දැනුම් දුන් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙමද? නැතිනම් පොලිසියේ වැඩ කරනහැටි ඉගෙනගන්න වැඩකට නැති පොලිසියෙන් පිට අය යන හින්දද කියන එක තමයි ලොකුම ප්‍රශ්නය...
මේක මේ ගොල්ලන්ගේ වෙන ආරාවුලක් වගේ මට නම් පෙනෙන්නේ...
නියමයි ගැලවෙන්න බැරි වුණා නේද?
අම්මපා ගරු අගමැතිතුමාට බැරි වුණානේ ඔය විදිහට නීතිය ක්‍රියාත්මක කරන්න. අර්ජුන් මහේන්ද්‍රන්ට කවදාවත් හොර නාමයක් නාහපු එතුමත් හොරා වුණා... එජාප අපිත් චොරාම වෙලා ගියා ඒ වැඩෙන්...
ඒක නොවේ ආණ්ඩුවට දැන් නෝ මනි...
නියෝජ්‍ය ඇමති මේ ගමන යාමෙන් රටට ඇති ප්‍රයෝජනය කුමක්ද? හෙට ඇමැති සංශෝධනයක් කළොත් වෙනකෙනෙක් ඔතන. ඕවාතමයි වැඩකට නැති වැඩ. විෂය දැනගත යුත්තේ ස්ථීර ලේකම් සහ අදාළ දෙපාර්තමේන්තුවේ නිලධාරින් මිස අවුරුදු 5කට අමාත්‍යාංශයට ගොඩවෙන හාදයින් නොවෙයි.
නීතියට ලොව සිටින සියලු පුරවැසියන් යටත්ය. නීතියට සැවොම ගරුකළයුතුය. විශේෂයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන පුද්ගලයන් පළමුව නීතියට ගරුකළ යුතුය. එය නවන්නට යන්නේ නැත. ලෝකයේ ප්‍රබල දියුණු රටවල පොලිස් කොමසාරිස්වරුන්, ඉහළම නිලධාරින් පොලිසියේ ගරුත්වය සහ තම නිල ඇඳුමේ ගරුත්වය ඉහළින්ම ආරක්ෂා කරගනිමින් පොලිස් සේවයේ නියුතු සියලු දෙනාටම ආදර්ශයක් වන ආකාරයට කටයුතු කරන වග හොඳින් දැක ඇත්තෙමු. පුද්ගලයාගේ තනතුර, උගත්කම, හැකියාවන් ඇතුළු අන් සියලුදේවලට වටිනා කමක් ලැබෙන්නේ එම තනතුර දරන පුද්ගලයාගේ ක්‍රියා කලාපය අනුවය. කෙතරම් ඉහළ තනතුරක සේවය කළත් එම තනතුර ධරණ පුද්ගලයා එම තනතුරේ ගරුත්වය ආරක්ෂා වන පරිදි සහ වටිනාකමක් ලැබෙන පරිදි කටයුතු කළයුතුය. විශේෂයෙන් නීතිය ආරක්ෂා කරන අයවලුන් තම ආයතනයටත්, රටටත් පළමුව තබා කටයුතුකිරීම වැදගත්ය. දැන් පවතින ලෝකය දැනට වසර 20 කට පෙරතිබූ ලෝකය නොවේ. 21 වන සතවර්ෂයේ, නූතන ලෝකයේ කිසිවක් සැඟවිය නොහැක. විශේෂයෙන්ම මහජනයා ඉදිරියේ කරන සියලුම රඟපෑම් තත්පර කිහිපයක් ඇතුළත ලොවපුරා ප්‍රචාරය වේ. එමනිසා දේශපාලකයකු සේ කටයුතු කිරීම සහ හැසිරීම නතර කර දැමිය යුතුය. හැසිරීම ගැන විදේශ පුහුණුවක් සඳහා යොමුකළ යුතුය.
මේක හරිම පුදුමයක්..., සාමාන්‍යයෙන් අපේ රටේ හිරේ අරින්න ඕනේ... මිනිස්සු අරින්නේ පිටරට තානාපතිකම්, විදේශ සංචාර වැනි දේවලට නමුත් මේ මොකද වෙලා තිබෙන්නේ?
පොලිස්පති ගියානම් අර ඔහුට විරුද්ධව තියෙන පරීක්ෂණ සාධාරණ විදියට කරන්න තිබුණා. දැන් පරීක්ෂණ කරන්නේ මොහුගේ යටතේ තියෙන දෙපාර්තමේන්තුවෙන්... මේක අගමැති හිතාමතා කළ දෙයක්ද? නොදැනුවත්ව කල දෙයක්ද දන්නේ නැහැ. නමුත් වියයුතුව තිබුණේ මොහුව ටික කාලෙකට හරි රටින් යවන්න හෝ වෙන නිවාඩු යවන්න...
මේ විදියටම එක්සත් ජාතීන්ගේ සමුළුවට කියලා ගිය කණ්ඩායම අඩු කරන්නත් කටයුතු කළා නම් නේද හොඳ අගමැතිතුමා...
අපරාදේ! ස්කොට්ලන්යාඩ් පොලීසිය වගේ වෙන්න තව පොඩි දුරයි යන්න තිබුණේ.
මදැයි වෙච්ච දෙයක්...