( නිමල කොඩිතුවක්කු)
ආනයනය කිරිම සදහා රජය පනවා ඇති සීමාවන් හමුවේ වාහන ආනයන කරුවන් දැඩි අසීරුතාවයකට ලක්වන බව ශ්‍රි ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති රන්ජන් පීරිස් මහතා ලංකාදිපයට පැවසීය.
රජයේ මෙම තිරණයත් සමඟ ඉදිරියේදී වාහන ආනයනය කිරිම බොහෝ දුරට සීමා කිරිමට සිදුවන බවද ඔහු කියා සිටියේය.
නව ක්‍රමවේදය හමුවේ රුපියල් ලක්ෂ100ක වටිනාකමකින් යුත් වාහනයකට රුපියල් ලක්ෂ 200ක තැන්පතුවක් කිරීමට සිදුවන බවද රන්ජන් පිරිස් මහතා පෙන්වා දුන්නේය.
රජය ගෙන ඇති ආනයන සීමා සම්බන්ධයෙන් වාහන ආනයන කරුවන්ගෙග් සංගමය රැස්වී තීරණයක් ගන්නා බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතීතයේ කළා වගේ විදේශ විනිමය හම්බු කරන අයට සහන දුන්න නම් වාහන ආනයන කරුවන්ගේ සංගමයට ප්‍රශ්නයක් නැතිවෙයි.
වාහන ආනයනය කරුවන් අසීරුතාවයට පත් උනාට කමක් නැහැ රට අසීරුතාවයට පත් නොකර.
වැඩේ හබක් - ඒ ගොල්ලෝ උද්ඝෝෂණ කරපු ගමන් ඒ යෝජනාවත් අකුලාගන්න වෙනවා
විදේශ විනිමය උපයන අයට සහන නොදී උදව් කරුවන්ට සලකන කොට රජය වුණත් දෙවරක් සිතා බැලිය යුතුය. මැද පෙරදිග සිට විදේශ විනිමය උපයන අයට මේ වනතුරු කිසිම රජයකින් කිසිම දෙයක් දීල නෑ............
රට තුළ වාහන නිෂ්පාදනය අාරම්භ කළානම් වැඩේ ඉවරයිනේ. ප්‍රසිද්ධ පාරවල් අයිනේ විකුණන්න තියන වාහන ගණන බැලුවහම අලුතින් ගෙනැල්ලා ලිප්බෝක්කේ තමයි ගොඩගහන්න වෙන්නේ...
වාහන ආනයනකරුවන්ගේ අමාරුවත් අමාරුවක්ද? රුපියල කඩා වැටීම නිසා රටේ ජනතාව විඳින අමාරුව ගැන කතා කරන්න. ඔය මිනිස්සු කල්ප ගණනකට හම්බකරගෙන තිබෙන්නේ...
වාහන ගේන එක නවත්තමු. සිංගප්පූරුව වගේ කුඩා රටක වාහන අයිතියට අවසරයක් ගන්න ඕනෑ. නමුත් වෙනස තියෙන්නේ ඒ රටවල ඉතා විශිෂ්ඨ පොදු ප්‍රවාහන සේවයක් පවත්වාගෙන යෑමයි.
රටේ රුපියල බාල්දු කරපු අය තමයි මේ අය. වෙන රැකියාවක් හොයාගන්න. අනික සිංගප්පූරුව වගේ රටවල ලේසියට වාහනයක් ගන්න බෑ. හැබැයි එ්වායේ පොදු ප්‍රවාහනය හොඳටම හදලා තියෙන්නේ... එහෙම කරන්න ඕනෑ මෙහෙත්... එ් වගේම තියෙන වාහන ටික සහ පරණ වාහන ටික හරියට පාවිච්චි කළාම හොඳටම ඇති. අනික අපේ අයට වාහන ඕනෙ විදියකට හදාගන්න ඉඩ දුන්නා නම් රටේ සල්ලිත් ඉතුරුවෙනවා..
මෙය ආණ්ඩුව විසින් ගත් ඉතා හොඳ තීරණයක්. වෙනස් කරන්න එපා.
වාහන ආනයනකරුවන් යනු දුප්පතුන් නොවේ. බහුතර දුක් වඳින ජනතාවගේ දුක ගැන සිතන්න. වාහනයක් අවශ්‍ය කට්ටිය ලංකාවේ නිපදවන මයික්‍රෝ කාර් පාවිච්චි කරන්න පුරුදු වෙන්න. මතු ආත්මයකදී වොක්ස්වැගන් කොම්පැනිය අරිනු ඇත.
දැන් කවුද ඇමැති කෙනෙක් කිව්වානේද රුපියල බාල්දු වුණාට කිසිම ප්‍රශ්නයක් නෑ කියලා...
මේ කියන්නේ රට විනාශවුනාට කමක් නැහැ වාහන ආනයනකරුවන් අසීරුතාවයට පත්නොකරන්න කියලනේද?
මේ කියන්නේ රට විනාශවුණාට කමක් නැහැ වාහන ආනයනකරුවන් අසීරුතාවයට පත්නොකරන්න කියලනේද?
හෙට, අනිද්දා කුලියාපිටියෙන් වොක්ස්වැගන් කාර් වෙළඳපළට එනවිට ආනයනකරුවන් කොහොමත් අසීරුතාවට පත්වෙනවා.
අර ඇන් ඇම් පෙරේරා මුදල් ඇමති කාලේ (1973) ආර්ථිකය කොහොමද කියලා මතක නැද්ද?