පුෂ්පකුමාර ජයරත්න
ඉදිරි වසර විස්සක කාලයක් සඳහා මෙරට දුම්රිය සේවයෙන් ජාතික ප්‍රවාහන පද්ධතියට ලබාදිය යුතු දායකත්වය හඳුනාගෙන ඒ සඳහා කොළඹ තදාසන්න ප්‍රදේශය තුළ තිබෙන දුම්රිය මාර්ග පද්ධතිය ත්‍රිත්ව සහ මාර්ග හතරක් ලෙස සංවර්ධනය කිරිමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.
ශ්‍රී ලංකා දුම්රිය සේවය හා එක්ව ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ ක්‍රියාත්මක කිරිමට නියමිත මෙම ව්‍යාපෘතිය ‘කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය’ ලෙස හැදින්වේ.
ඉදිරියේ දී යෝජිත සංවර්ධන ව්‍යාපාතියක් වන විදුලි දුම්රිය ධාවනය ද ඉලක්ක කර නව සමාන්තර මාර්ග නවීකරණය කිරිම මෙයින් සිදුකෙරේ.
මේ අනුව ප්‍රධාන මාර්ගයේ මරදාන සිට රාගම දක්වා පවතින ත්‍රිත්ව මාර්ගය මාර්ග හතරකින් ද , රාගම සිට වේයන්ගොඩ දක්වා පවතින ද්විත්ව මාර්ගය මාර්ග තුනකින් ද යුක්තව ඉදිකරන අතර වේයන්ගොඩ සිට රඹුක්කව දක්වා පවතින ද්විත්ව මාර්ගය නවීකරණය කිරිම ද සිදු කිරිමට නියමිතය.
මුහුදුබඩ මාර්ගයේ කොළඹ කොටුවේ සිට පානදුර දක්වා පවතින ද්විත්ව මාර්ගය මාර්ග තුනකින් යුක්ත මාර්ගයක් ලෙස ඉදිකෙරෙන අතර පානදුර සිට කළුතර දක්වා පවතින ද්විත්ව මාර්ගය ද නවීකරණය කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳ සංවර්ධන වැඩ පිළිවෙලක්...
පොල් පටවලා වගේ ඇදෙන ඊළඟ කෝච්චිය එනකම් තව අවුරුදු විස්සක කාලයක් බලා ඉන්න පුළුවන් කාටද? ජනගහනය වැඩිවීමත් සමග, කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට රැකියා සහ වෙනත් කටයුතු සඳහා ඇදී එන ලක්ෂ සංඛ්‍යාත මගීන් වෙනුවෙන් මෙවැනි ක්‍රම ක්‍රියාත්මක කල යුතුව තිබුනේ දශක ගණනකට පෙරයි ! කමක් නැහැ දුම්රිය පොළවල්වලට වෙලා බලන් ඉඳිමු !
සංවර්ධනය හොඳයි. නමුත් දුම්රිය පද්ධති ඉතා දුර්වලයි. දුම්රියට බිලිවෙන මනුෂ්‍ය ජීවිත මේ අවුරුද්දේ 550ක් විතර වෙනවා. ගිය සතියේ රාගම දුම්රිය ස්ථානයේ මාතර සීඝ්‍රගාමී දුම්රියේ හැපී 3දෙනෙක් මැරුණා මොකද මිනිස්සුන්ට යන්න මගී ගුවන් පාලමක් එතන නැහැ. ඉස්සෙල්ලා මේවා හදන්න....
දුම්රිය ඉදිරියේදී අත්‍යාවශ්‍ය ප්‍රවාහන ක්‍රමයක් වෙනවා. හේතුව මහාමාර්ගවල පවතින තදබදය එන්න එන්නම වැඩිවෙනවා. අද බොහෝදුරට දුම්රිය පිළිබද මිනිස්සුන්ගේ කැමැත්ත වැඩිවෙලා තියෙනවා. උදාහරණයක් ලෙස කුරුණෑගලට පවා අද පැය 2ට එන්න පුළුවන් දුම්රිය පද්ධතිය ජාතික සම්පතක්.. ඒ නිසා දුම්රිය මාර්ගය සංරක්ෂණය කළ යුතුය. අද මාර්ගය අවට ඉඩම් අනවසරයෙන් අත්පත්කරගෙන... මේවා අපරාධ නිසා මාර්ගයද ඇතුළුව සියලුම දුම්රිය මාර්ග අවට ඉඩම්වලින් අනවසර පදිංචිකරුවන් ඒවත් කරලා සංවර්ධනය කළයුතුය.
කොටුව අවිස්සාවේල්ල දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් කිරීමට 2015 අයවැයෙන් රු බිලියන 1 ක් වෙන්කර තිබුණද කිසිවක් නොවීය. දැන්වත් මෙම මාර්ගය ද්විත්ව මාර්ගයක් කර රත්නපුර දක්වා සකස් කරන්න.