ජකර්තාහිදීය (රොයිටර්)
ඉන්දුනීසියාවට අයත් සුලාවෙසි දූපතට බලපෑ භූ කම්පනයෙන් සහ සුනාමියෙන් මියගිය සංඛ්‍යාව 384ක් දක්වා ඉහළ ගොස් ඇතැයි බලධාරිහු පැවසූහ.
ව්‍යවසනයෙන් මියගිය බොහෝ භූ කම්පනය සහ විශාල රළ පැමිණි අවස්ථාවේ වෙරළ තීරයේ සිටි පිරිස් යැයි ද ඉන්දුනීසියානු බලධාරීහු අද (29) ප්‍රකාශ කළහ.
ඊයේ (28) රික්ටර් මාපකාංක 7.5ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් ඇති වූ අතර ඒ හේතුවෙන් සුනාමි තත්ත්වයක් ද ඇතිවිය. අඩි 18ක් පමණ උසැති රළ වෙරළ නගරයට කඩා වැදුණු බවත් ප්‍රබල පසුකම්පන රැසක්ම ඇති වූ බවත් බලධාරිහු තවදුරටත් කීහ.

055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මතු භවයකදී මෙවන් විපත් නොවේවා! සියලු දෙනාට නිවන් සැප ලැබේවා!