(අංජුල මහික වීරරත්න)
සියලු පහසුකම් සහිත ක්‍රීඩා මධ්‍යස්ථාන 500ක් රට පුරා පාසල් 500ක් තෝරාගෙන ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල අරඹමින් අද (01) පැවැසීය.
ඊළඟ වසර තුන හතර ඇතුලත මෙම ක්‍රීඩා මධ්‍යස්ථාන ආරම්භ කරන බව කී අග්‍රාමාත්‍යවරයා අවට පාසල්වලටද එම ක්‍රීඩා මධ්‍යස්ථානයට ගොස් පුහුණු වීම් කිරීමට ඉඩ කඩ සලසා දෙන බවද සඳහන් කළේය.
ජාත්‍යන්තර තරඟකරුවන් බිහි කිරීමේ පළමු පියවර ලෙස මෙම ක්‍රීඩා මධ්‍යස්ථාන අරඹන බවත් පාසලේ සිට ජාත්‍යන්තර රන් පදක්කම දක්වා යා හැකි මාර්ගය විවෘත කිරීම රජයේ අරමුණ බවත් අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ කෙරුණු ක්‍රීඩා උළෙල මෙම 5 වැනිදා දක්වා පැවැත්වේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 34 වන පාසල් ක්‍රීඩා උළෙල නිළ වශයෙන් ඇරඹීමේ ප්‍රකාශය ඉදිරිපත් කළේය. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාද මෙම අවස්ථාවට සහභාගී විය.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර කුලියාපිටියේ ඉදිකරපු ෆොර්ස්වැගන් කර්මාන්තශාලාව වගේද? යන යන තැන කරන්න බැරි දේවල් ගැන පොරොන්දු දෙන්නේ නැතුව අර ගෑවිලා තියෙන මහබැංකු මඩ පැල්ලම හොදාගන්න පිළිවෙලක් කල්පනා කළොත් නරකද දොරේ?
මෙන්න තවත් වොක්ස්වැගන් ව්‍යාපෘතියක් හුටන් හිටන් දෙන්නම එකයි.. ආව දවසේ ඉඳන් අරක කරනවා, මේක කරනවා කියනවා රට නැත්තටම නැතිකළා...
මේ හාදයට " කාල තරණය " ගැන කිසිම අදහසක් නැහැ නේද ඔහේ කියවනවා. මිනිසුන්ට විහිළු සපයන බව නම් හොඳින් පැහැදිලියි...
මෙන්න රුපියලේ අගය වැඩිකර ගන්න හොඳම ක්‍රමය. කියලා වැඩක් නැහැ
රටේ ආර්ථීක ප්‍රශ්න තියෙන වෙලවේ මේ වගේ මුදල් නාස්තිකාර වැඩ අනුමත කරන්න බෑ.
අගමැතිතුමා කාලෙකට පසු ගත් ඉතාම හොද තීරණයක්. සුපිරි පාසල් වලට නැතුව අර්ධ නාගරික, ග්‍රාමීය මධ්‍ය මහා විද්‍යාලවල මේවා ආරම්භ කරන්න.
රටේ ක්‍රීඩාව නගා සිටුවීමට ඉතා හොද තීරණයක්. ගම් වල සිටින දක්ෂයන්ව හදුනා ගන්න පුළුවන්.
කටින් බතල හිටවන එක තමයි මෙයා දන්නා එකම ක්‍රමය.
අනේ හදන්න පුළුවන් ගානක් කියන්නකෝ . අර හදල ඉවරකරපු සබරගමුවේ ක්‍රීඩාගාරය ඇරලා දෙන්න පුහුණු වන්න