හසිත රංග ගුණතිලක
නිෂ්පාදිත පිරිවැය වැඩිවීම නිසා ධීවරයන් භාවිතා කරනු ලබන අයිස් හොන්ඩරයක් සඳහා වන මිල ඉදිරියේ දී රුපියල් 30 කින් ඉහළ දැමීමට සිදුවන බව ශ්‍රී ලංකා ධීවර සංස්ථාවේ සාමාන්‍යාධිකාරි දහම් පුස්සැල්ල මහතා පැවසීය.
වර්තමානය වන විට අයිස් නිෂ්පාදනය සඳහා අවශ්‍ය ගෑස්,ඇමෝනියම්,ප්‍රවාහනය සඳහා වන ඩීසල් වතුර බිල්,විදුලි බිල් සහ සේවක වැටුප් වැඩිවීම නිසා අයිස් හොන්ඩරයක මිල ඉහළ දමන බවයි.
මෙම මිල ඉහළ දැමීම සිදුකරනු ලබන්නේ ලාභ ලැබීම පිණිස නොව අයිස් කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා යැයි ද සාමාන්‍යාධිකාරීවරයා කීය.
ධීවර සංස්ථාව සතුව තිබෙන අයිස් නිෂ්පාදන කර්මාන්තශාලා ගාල්ල සහ අනුරාධපුර යන ප්‍රදේශවල පිහිටුවා ඇති බවද එම කර්මාන්තශාලා වල නිෂ්පාදනය කරනු ලබන අයිස් හොන්ඩර එම කර්මාන්තශාලාව තුළට අලෙවි කරන බවද පුස්සැල්ල මහතා සඳහන් කළේය.
ධීවර සංස්ථාව නිෂ්පාදනය කරනු ලබන අයිස් හොන්ඩර අනුමත බර වන කිලෝ 50 ක බරට වඩා කිලෝ ග්‍රෑම් 8 කින් වැඩි බවද ධීවර සංස්ථාව ලෙස හැම විටම ධීවරයාට සහන සැලසීම වෙනුවෙන් පෙනී සිටින බවද දහම් පුස්සැල්ල මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිලෝග්‍රෑම් වලින් කියන්න.
ගෑස් මිල ඉහල ගිය නිසා අයිස් මිල ඉහල යන එක අහන්න ඕනෙයැ. රජයේ සේවකයින්ට තමයි ඒකෙනුත් ප්රශ්නය
ආණ්ඩුවේ කන්තෝරුවකට හරි ප්‍රාදේශීය සභා කාර්යාලයකට ගියොත් ඕනේ තරම් අයිස් හොයා ගන්නට පුළුවන්.