(සිරංගිකා ලොකුකරවිට)
කරාපිටිය රෝහලේ කාණු පද්ධති උතුරා යාමෙන් ශල්‍ය උපකරණ ගබඩා කරතිබූ කාමරයක් සහ අභ්‍යන්තර ඖෂධ ගබඩාවේ කාමර තුනක් ජලයෙන් යටවීම හේතුවෙන් ඖෂධ හා උපකරණ රැසක් විනාශ වී ඇතැයි රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
ඉරිදා සවස ඇතිවූ මහ වැසි හේතුවෙන් ගාල්ල නගරය ඇතුළු ඒ අවට ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී තිබිණි. මොරගොඩ ඇළ සංවර්ධන ව්‍යාපෘතියක් මේ දිනවල ක්‍රියාත්මක වන බැවින් ඇලේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් මින් පෙර අවස්ථාවලට වඩා ඉක්මණින් ගාල්ල අවට ප්‍රදේශ ජලයෙන් යටවන බවට ද ප්‍රදේශවාසීහු චෝදනා කරති.
වැසි බැස නොයාම හේතුවෙන් ගාල්ල අවට මාර්ග අඩි කිහිපයක් ජලයෙන් යටවී තිබූ අතර මාර්ගවල රථවාහන ගමනා ගමනයට බාධා එල්ල වී තිබිණි.
වක්වැල්ල පාර, බද්දේගම පාර, මාපලගම පාර, පරණ මාතර පාර මෙලෙස ජලයෙන් යටවී තිබිණි.
කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතාගෙන් මේ පිළිබඳ විමසූ විට ඒ මහතා කියා සිටියේ තමන් විශේෂ රාජකාරී කටයුත්තක නිරතව සිටින බැවින් මේ ගැන පිළිතුරු ලබාදිය නොහැකි බවයි.
කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතාගෙන් මේ පිළිබඳ විමසූ විට ඒ මහතා මෙසේ පැවසීය.
කාණු පද්ධති පිරිසිදු කර සකස්කර තිබූ නමුත් වර්ෂාව එකවර ඇදහැලුණු හෙයින් ගබඩා වලට වතුර දැමූ බවයි. උපකරණ හා ඖෂධ, තැටි වල අරක්ෂිතව ගබඩා කර ඇති බැවින් විශාල හානියක් සිදුනොවූ බවත් අත් ආවරණ සහිත පෙට්ටි කිහිපයකට හානි සිදුවී ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසීය.
ගබඩා සියල්ල නවීකරණය කිරීම සඳහා යොමු කර ඇති අතර ක්ෂණික විසඳුමක් ලෙස ගබඩාවට ඇතුල් වන ස්ථානයෙන් ජලය ඇතුළට ගලා නොයන ලෙස සකස් කිරීමට උපදෙස් දුන් බවද අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
ඉදිරි දින වලද වැසි ඇතිවීමට ඉඩ ඇති බවට කාලගුණික අංශ අනතුරු අඟවා ඇති හෙයින් මෙම පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහාම මේ රෝහලේ අධ්‍යක්ෂක අත්අඩංගුවට ගෙන පරීක්ෂණයක් පවත්වන්න තම රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන්. ඔහුට අපි පඩි ගෙවන්නේ මෙවැනි සිදුවීම් සිදු නොවීමටයි. මේ රට හදන්න නම් මෙවැනි අලසයින්ට දඬුවම් කල යුතුමය.
දැනට මාස කීපයකට උඩදී මෙම රෝහලේ ජලය බැසයාම පිළිබඳව යම් යම් ගැටළු ඇතැයි කියා ප්‍රවෘත්තියක් තිබුනා වගේ මතකයි. ලොකු විනාශයක් වෙනකම් අලුත්වැඩියා නැතිවා වගෙයි. වැඩේ ලොකුවෙන තරමට හොද්ද බොරයි නේද?
"අත් ආවරණ සහිත පෙට්ටි කිහිපයකට පමණක් හානි වුන නිසා" මෙය සුළු ප්‍රශ්නයක් බව ඒත්තු ගැන්වීමට බලවත් උත්සාහයක් ගෙන තිබෙනවා ! ඒවගේම "වර්ෂාව එකවර ඇදහැලුණු හෙයින් ගබඩා වලට වතුර දැමූ බව" වීදි නාට්‍ය කරන ජෝකර් කෙනෙක් මෙන් හාස්‍යජනක අන්දමට පවසනවා ! වැස්ස අද හැලුනේ නැත්නම්....."අත් ආවරණ සහිත පෙට්ටි කිහිපය" බේරා ගන්නත් තිබුන නේද ? එයාගේ වගකීම වැස්සට භාර දීල, .......නියමෙට ඇඟ බේරාගෙන තිබෙනවා !!!!
කරාපිටිය රෝහලේ කාණු පද්ධති උතුරා යාමෙන් ශල්‍ය උපකරණ ගබඩා කරතිබූ කාමරයක් සහ අභ්‍යන්තර ඖෂධ ගබඩාවේ කාමර තුනක් ජලයෙන් යටවීම හේතුවෙන් ඖෂධ හා උපකරණ රැසක් විනාශ වී ඇතැයි රෝහල් ප්‍රකාශකයකු පැවසීය. රෝහල් ප්‍රධානියා කියන අන්දමට ... "විශාල හානියක් සිදුනොවූ බවත් අත් ආවරණ සහිත පෙට්ටි කිහිපයකට හානි සිදුවී ඇති බව" කියනවා ! කොතරම් ලොකු වෙනසක් ද ? මහා පරිමාණයේ පරීක්ෂණයක් පවත්වා, මහජන දේපොළ ආරක්ෂා කරගැනීමට නිසි පිළිවෙල නොගැනීම ගැන නිසි පියවර ගත යුතුවෙනවා !!!!
මීට හුඟක් කලින් උනත් මේ රටේ එහෙම දෙයක් වෙන්නේ වත් වෙලා වත් නැති බව ඔයා දන්නවා නේද ?