(මනෝප‍්‍රිය ගුණසේකර)
කොළොන්නාව මීතොටමුල්ල ප‍්‍රදේශයේ ඉඩමක පදිංචිව සිටි පවුල් 24 ක් එම ඉඩමින් ඉවත් කර එම ඉඩම විකිණීමට ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් කෝටි 6 1/2 කට ආසන්න මුදලක් බලහත්කාරයෙන් ලබා ගත් බවට චෝදනා ලැබ සිටින බස්නාහිර පළාත් සභාවේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතාට සහ ඔහුගේ බිරිඳට විදේශගත වීමට කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය අවසර දුන්නාය.
ස්විසර්ලන්තයට හා ඕස්ටේ‍්‍රලියාවට යෑමට අවසර දෙන්නැයි විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මේරී ඩික්මන් මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් ඒ සඳහා අවසර දුන් විනිසුරුවරිය විත්තිකරුවන්ට විදේශ ගමන් තහනම් කරමින් පනවා තිබු නියෝගය තාවකාලිකව අත්හිටුවා ඇති බව ආගමන හා විගමන පාලකවරයාට දැනුම් දීමට අධිකරණ ලේඛකාධිකාරීවරයාට නියම කළාය.
2015 අපේ‍්‍රල් මස 10 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹදී සුරන්ජන් ක‍්‍රිස්ටියන් ගිහාන් මෙන්ඩිස් නමැත්තාට බියක් ඇති කර චෙක්පත් පහක් සහ පොරොන්‍දු නොට්ටු පහක් බලහත්කාරයෙන් ලබා ගැනීමට කුමන්ත‍්‍රණය කිරීම ඒ අනුව කටයුතු කර අදාළ චෙක්පත් සහ පොරොන්‍දු නෝට්ටු ලබා ගැනීම සහ ඒ සඳහා ආධාර අනුබල දීම යන චෝදනා මත විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.
මෙලෙස චෝදනා ලැබ සිටින්නේ බස්නාහිර පළාත් සභාවේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා සහ ඔහුගේ බිරිඳ වන ගම්පහ උඩුගම්පොල පදිංචි මොරීන් ස්ටේලා රණතුංග මහත්මිය සහ ඔස්ටේ‍්‍රලියානු ජාතිකයෙකු වන නරේෂ් කුමාර් ෆාරිස් නමැත්තෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදෙස් ගමන් අත්හිටවනවා කියලා කරන්නේ රටම හිනස්සවන විහිළු වැඩක් වගෙයි පෙනෙන්නේ. විදෙස් ගමන් අත්හිටවනවට වැඩිය මේක "පිටරට යන්නේ නැති වෙලාවට පමණක් විදෙස් ගමන් අත්හිටවන" වැඩක් කියලයි කියන්න වෙන්නේ.
අන්තිම වෙන්න ඔය ටික බව අපි නම් හොදින්ම දන්නවා. සාමාන්‍ය ජනතාවට විතරයි හැම නීතියක්ම.
රටේ ප්රජාතන්ත්රවාදය හා යහපාලනය ගැන කතා කරන්නේ මේවගේ පාතාල නායකයින් තමයි.
කොළඹ වටළලා ආණ්ඩුවත් අරං ගෙදර යන්න තිබුණා නම් මේ නඩු ලොවෙත් නැත.
බස්නාහිර මහා ඇමැතිවෙලා කරපු දේවල් බැලුවම රටේ ජනාධිපති වුණා නම් හොර ඔප්පුවක් හදලා රටම චීනයට විකුණලා ඉවරයි.
මේ නඩුවල ඉවරයක් නැද්ද?
මෙයාලට පිටරට යන්න අවසර දුන්නට කමක්නැහැ නමුත් ආපහු එන්න අවසර දෙන්න එපා.......
මෙයා අර නත්තල් ගස් ඇමතිගේ කවුරු හරිද ....
උද්ගෝෂණ කරලා ආණ්ඩු පෙරලන්න හදන්නේ නඩු වලින් පැන ගන්න.
ගරු උගත් විනිසුරුවරිය මොන අන්දමින් මෙම අවසරය ලබා දුන්නද කියන්න මට තේරෙන්නේ නැහැ. නඩුවේ කිසිම විනිවිද බවක් පැහැදිලිවම නැති බව පෙනෙන්න තියනවා.