බිඟුන් මේනක ගමගේ
දස වසරකට වඩා එකම පාසලේ සේවය කළ ගුරුවරුන්ට ස්ථාන මාරු ලබාදීමේදී අධ්‍යාපන අමාත්‍යංශය අනුගමනය කරන ප්‍රතිපත්තිය වැරදි බවත් මින් ඉදිරියට එය සිදුවන්නේ නම් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් සඳහන් කරමින් ලංකා ගුරු සේවා සංගමය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාට අද (1) ලිපියක් යොමු කර ඇත.
වාර්ෂික ගුරු මාරු සඳහා ඉල්ලුම් පත් කැඳවීමට අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා ජාතික පාසල්වල විදුහල්පතිවරුන්ට ලිපියක් යොමු කර ඇතැයි ද එය ආයතන සංග්‍රහයෙන් හා ජාතික ගුරු මාරු ප්‍රතිපත්තියෙන් පැවරී ඇති බලතල ඉක්මවා යෑමක් යැයි ද එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතාගේ අස්සනින් යුතුව නිකුත් කර ඇති එම ලිපියේ සඳහන් වේ.
අමාත්‍යංශ ලේකම්වරයා වසර දහයකට වඩා එකම පාසලේ ඉගැන්වූ ගුරුවරුන් අනිවාර්යෙන්ම මාරු කරන්නැයි නියෝග කිරීම නීතිවිරෝධී යැයි ද ගුරු සේවයේ වාර්ෂික ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් වෘත්තිය සමිති සමඟ කිසිදු සාකච්ඡාවක් නොකර මෙලෙස තීන්දු ගැනීම අත්තනෝමතික යැයි ද එහි සඳහන් වේ.
විවිධ අවශ්‍යතා මත ජාතික පාසල් අතරත් ජාතික පාසල් හා පළාත් පාසල් අතරත් ස්ථාන මාරු නිර්දේශ කිරීම ආයතන සංග්‍රහය හා ජාතික ගුරු මාරු ප්රතිපත්තය අනුව ප්රමුඛ කාර්ය වුවද අමාත්‍යංශ ලේකම්වරයා එය නොසළකා හැර ඇතැයි ද ලංකා ගුරු සේවා සංගමය සිය නිවේදනය මගින් චෝදනා කර ඇත.
මෙම ප්‍රතිපත්තියට පසුගිය වසරේදී ප්‍රමුඛතාව දීම නිසා වාර්ෂික ස්ථාන මාරුවීම් සඳහා අයැදුම් කළ ගුරුවරුන් බොහෝමයක් පීඩාවට පත් වී යැයි ද එමගින් සිදුවන්නේ අධ්‍යාපනයේ බිඳවැටීමක් මිස අමාත්‍යංශය පවසන ආකාරයේ සංවර්ධනයක් නොවන්නේ යැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ මෙම තීරණය වැරදියි. පසු පරීක්ෂාවක් කළ විට තේරුම් ගත හැකිය. විශ්‍රාම යන්නට ළං වූ 56න් පසු අය පවා මාරු කර ඇත. බස් තුනකින් යන්න තියෙනවා සමහර අයට. ජාතික පාසල් අධ්‍යාපනය රකින්නට අධ්‍යාපන ලේකම්ට ඕනෑකමක් නැත.
මහින්ද ජයසිංහ මහතාගේ අවධානයට. අධ්‍යාපන අමාත්‍යංශයට මාරුවීම් වලට පමණක් නොව කිසිදු දෙයකට ප්‍රතිපත්තියක් නැත. බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය ජාතික පාසල සම්බන්ධව තත්වය මෙන්න 1. වසර දහය එකොළහ සේවය කල ගුරුවරුන් ස්ථාන මාරු කලත්, සමහරක් වසර 25 ,20 ,15 ක් කාලයක් මෙම පාසලේම සේවය කල හා මුල්පත්විමත් මෙම පාසලටම ගත් ගුරුවරුන් තවමත් මෙම පාසලේමය 2. 2017 .11 .06 වන දින නව විදුහල්පතිවරයකු ඉල්ලා පාසලේ ළමුන් 3000 ක් ලවා උද්ගෝෂණය කරවා ළමුන් මානසික අපයෝජනයකට ලක් කල ගුරුවරු 12 දෙනා සම්බන්ධව මෙතෙක් මුලික විමර්ශනයක හෝ නැත. 3 .03 /2018 චක්‍ර ලේකයෙන් ක්‍රියාකාරී ආදිශිෂ්‍ය ගණය යටතේ 06 වසරට ළමුන් බඳවා ගැනීම අවලංගු කර තිබියදී එම පදනමින් ළමුන් බඳවා ගැනීමට ගිය සතියේදී කටයුතු සිදු විය. මේ ගැනත් පියවර ගන්න.
බලන්ගොඩ ආනන්ද මෛත්‍රියයේ සාමාන්‍ය පෙළ , ව්‍යාපාර හා ගිණුම්කරණය විෂය උගන්වන්නට ගුරුවරුන් නැහැ . එහෙත් ඊටම අදාළ වූ ගුරුවරියක් අලුතින් පත්වී ආවත් ඇයට පාසලින් කාලසටහන් ලැබුණේ නැහැ .ඒ නිසා ඇය විදුහල්පති මඟින් පළාත් සභාවට නිදහස්වීමට පියවර ගත්තා .එහෙත් සමාජ විද්‍යා පත්වීමක් ගත් ,ව්‍යාපාර හා ගිණුම් කරණය විෂය ට ටියුෂන් කරන උපගුරුවරයකු දැනටත් මෙහි තමන්ට නුසුදුසු බව තමන්ම දන්නා ව්‍යාපාර හා ගිණුම්කරණය විෂයට කාල සටහන් ලබා උගන්වනවා .ළමයිට දෙවියන්ගේම පිහිටයි .තේරුම් ගතයුතු වටිනාම කාරණය වන්නේ පාසල් පරිපාලනයට අවශ්‍ය දේ කුමක්ද යන්නයි .අනේ කාලේ , වනේ වාසේ !