නිමන්ති රණසිංහ
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධියේ දුරකථන සංවාදය සම්බන්ධයෙන් කලූතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ප්‍රකාශයක් සටහන් කරගත් බව එම දෙපාර්තමේන්තුව පවසයි.
මෙම සිද්ධියට අදාළව මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය බුද්ධි සේවාවේ නියෝජ්‍ය පොලිස්පති මිලන්ත ජයවර්ධන, පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ්, බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ , ඇල්පිටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරී නිහාල් තල්දූව, තංගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස්, වරාකාපොල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනකාන්ත සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කිහිප දෙනකුගෙන් මේ වන විට ප්‍රකාශ සටහන්කරගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට ගිය කලක්. ප්‍රසිද්ධියේ මිනිස්සුන්ට වෙඩි තියෙනවා. මේවා හැමදාම ටීවී එකේ පේනවා. වාසනාවන්ත රටට වෙලා තියෙන අවාසනාවන්ත කමක් හොද පාලකයෝ මතුවටවත් බිහිවේවා.!