(නාලක සංජීව දහනායක)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.
ඒ මහතා දින හතරක කාලයක් සිංගප්පූරුවේ රැදී සිටීමට නියමිතය.
එමෙන්ම එරට සිටින ශ්‍රී ලාංකිකයන් හමුවීමටද නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රකාශකයකු ‘ලංකාදීපයට” පැවසීය.
මෙම සංචාරය සඳහා හිටපු ජනාධිපතිවරයාගේ පවුලේ සාමාජිකයන් මෙන්න ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුවන් කිහිප දෙනෙක්ද සහභාගී වන බව ද හෙතෙම පැවසීය.
හිටපු ජනාධිපතිවරයා සඳුදා (01) මෙරටට පැමිණීමට නියමිතව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ඉස්පිරිතාල හොඳ වැඩි ඇති මගේ හිතේ. සිංගප්පූරු ගිවිසුම ගැන යනයන තැන බැන බැන ගිහින් අන්තිමේට නැවතුනේ සිංගප්පුරුවේ. අනේ අපොයි මෙහෙමත් දේවල්.
හිටපු ජනාධිපතිවරයාගේ පවුලේ සාමාජිකයන් මෙන්න ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුවන් කිහිප දෙනෙක්ද සහභාගිවෙනවා නම් මොකද්ද පෞද්ගලික සංචාරයක් කියන්නේ? සියලු වියදම් මෙතුමා දරන නිසාද?
ඔය යනවා ඇත්තේ සිංගප්පූරු ගිවිසුම වැඩිදුර සාකච්ඡා කරගන්න වෙන්ට ඇති. මේ අය එළියේ සිංගප්පූරු ගිවිසුමට බැන්නත්, ඇතුලෙන් ඔය දෙගොල්ලන්ම එකයි.
කොන්දේ අමාරුවට බෙහෙත් ගන්න වෙන්න ඇති මේ පාරත් සිංගප්පූරුවට ගිහින් තියෙන්නේ...
දවල් මිගෙල් රෑ දැනියෙල්...