(සුජිත් හේවාජූලිගේ)
චෝදනා එල්ල වූ පලියට පොලිස්පතිතුමා කනෙන් අල්ලා එළියට දැමීමේ හැකියාවක් නැති බවත් පරීක්ෂණවලින් ඔහු වරදක් කර ඇතැයි ඔප්පු විය යුතු බවත් ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා පැවැසීය.
ජයවර්ධන මහතා මේ බව පැවැසුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී ඊයේ (27) පස්වරුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවේදීය.
කවින්ද ජයවර්ධන මහතා මෙසේ ද කීය.
“රටේ ආර්ථිකය ගැන අද කෑගහන්නේ ඒකාබද්ධ විපක්ෂයයි. එදා ආර්ථිකය විනාශ කළ අය අද රටේ ආර්ථිකය ගැන කථා කරනවා. ඔවුන් කළේ රට රහස් උගුලක හසු කිරීමයි. සුදු අලි ව්‍යාපෘතිවලට විශාල මුදලක් ගෙන රට හිර කළා. ඒවගේම මේ රටේ සම්පත් විදේශ රටවලට වික්කා. හමුදා මූලස්ථානයත් විකිණුවා. ආර්ථිකය දුර්වල බව දැනගෙනයි මහින්ද කල් තියා ඡන්දයකට ගියේ. රටේ සම්පත් විකිණීම මහින්දගේ ප්රතිපත්තියයි. මහින්ද මේ උගුල නොඇටවූවා නම් ආර්ථික අර්බුදයක් ඇතිවන්නේ නැහැ. මේ ආණ්ඩුව ජයග්‍රහණ රැසක් ලබාගත්තා. ජී.එස්.පී.ප්ලස්. ගත්තා. කාලයත් සමඟ රටේ ආර්ථික ප්‍රශ්න විසදේවි.”
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාත්තා වගේමයි. මිනිස්සු හිනස්සන්න හොඳයි..
ඕනෑතරම් ඔය චෝදනා තියෙන්නේ හිටපු ඉන්න නායකයින්ට.. ඒ වුනාට ඔය කට්ටිය ශෝක් එකේ ඉන්නේ.. අධිකරණයේ තීන්දුවක් දෙනතුරු කවුරු කවුරුත් සැකකරුවෝ සමහර දේවල් කටකතා.. ඒ වගේම මෙතුමා ලංකාවේ පළමු වතාවට ව්‍යවස්ථා සභාවෙන් පත්වූ පොලිස්පතිවරයා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඕනෑවෙයි ඉවත් කරන්න. මම හිතන්නේ කාගෙකාගේත් ඉතා සුළු අඩුපාඩු නැත්තේම නැතුව ඇති... කවුරුත් මිනිස්සුනේ.. චින්චි මානවිකාව බුදුන්වහන්සේට කළ හදිය මට මතක් වුණා.. මේවා අහනකොට.. !!!
මිනිසුන් බලය දුන්නේ හරියට කරපල්ලා කියමිනි. නමුත් දැන් වැරදි විතරක් කතා කරමින් මෙන්ම එම වැරදීම කරමින් රටට ඒ විනාශයම කරනවා නොවේද ?
ඉවත් කරන්න අවශය නැහැ පරික්ෂණ අවසන් වන තුරු අනිවාර්ය නිවාඩු යවන්න පුලුවන්. එහෙම කරන්නත් පරික්ෂණ ආරම්භ වෙලා නැහැ.
එහෙමනං කොහොමද සමෘද්ධි කොමසාරිස් අයින්කරන්න යන්නේ? පරීක්ෂණවලින් ඇතුමා වැරදිකරු වුණාද? මහ බැංකු විනාශය මෙයාට අමතක් වෙලාද?
එයා ඔය පැත්තට බරයි කියල නොණ්ඩි වෙනවා එතකොට.
පොලිස්පතිට විතරද ඒක අදාළ ?
දැන් චීන්නු කොන්ඩේ බදින්නේ නැහැ කාවින්ද....
එදා ආර්ථිකයක් විනාශ වුණානම් එදා පාන්ගෙඩිය කීයද අද කීයද? නිකන් පිස්සු කියන්න එපා හලෝ.. අපි අවුරුදු 74ක ඉතිහාසය දන්නවා ඊට කලින් ඉතිහාසය ගැන කියවා තිබෙනවා. ඔහෙලා ඊයේ පෙරේදා ඉපදිලා අපට එදා ආර්ථිකය ගැන කියා දෙන්න එනවා. ඕවා කියන්න අර 62 ට...
කාවින්දත් නවන්න වගේ ලැහැස්ති වෙන්නේ... දේශපාලන අනාථයෙක් වෙන්න එපා ඇමතිතුමෝ කඩේ ගිහිල්ලා.
මොන එහෙකටද එළියට දාන්නේ? රට කාලා ඉවර වෙනකම්ම තියාගන්න. ඒක හොඳයි... නුවර පෙරහැරටත් නටවන්න තියාගනිමු.
මොහුත් වැඩේට සම්බන්ධයි වගේනේ...
හැබැයි ගිය පවුල් ආණ්ඩුව තිබ්බා නම් ඕක සුළු දෙයක්... අග්රවිනිශ්චයකාරතුමිය ඉවත් කළා නම් මේවා ගැන මොන කතාද ..!!!
පොලිස්පතිතුමා පිළිබදව මහජනයා තුළ දැඩි විශ්වාසයක් ඇත.. බල්ලන් බිරුවට කඳු පාත් නොවේ.