රංජන් කස්තුරි
මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය සමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් ඉකුත්දා ශ්‍රීලංකා වෛද්‍ය සභාවට පැමිණ තමන්ට ලියාපදිංචිය ලබා දෙන්නැයි ඉල්ලීමක් කර තිබේ.
සයිටම් වෛද්‍ය උපාධිය හිමිකරගත් සිසුන් 83 දෙනෙක් පැමිණ ශ්‍රීලංකා වෛද්‍ය සභාවේ වැඩබලන ලේඛකාධිකාරීවරයා හමුවී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව තමන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දෙන්නැයි ඉල්ලීමක් කර තිබේ.
එහිදී ශ්‍රීලංකා වෛද්‍ය සභාවේ වැඩබලන ලේඛකාධිකාරී වෛද්‍ය චන්දන අතපත්තු මහතා සිසුන්ට දැනුම්දී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිබඳව වෛද්‍ය සභාව රැස්වී සාකච්ඡා කිරීමට නියමිත බවය.
එම සාකච්ඡාවෙන් පසුව වෛද්‍ය සභාවේ අදහස් ප්‍රකාශ කරන බවද වැඩබලන ලේඛකාධිකාරීවරයා සයිටම් සිසුන්ට දැනුම් දී තිබේ.
මලබේ සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය හිමිකරගත් සිසුවියක්ට ශ්‍රීලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදෙන ලෙස අභියාචනාධිකරණය නියෝගයක් ලබා දී තිබූ අතර එම නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය ද ඉකුත් දා තහවුරු කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ සාමානය අධිකරණ පද්දතියේ ඉහලම අධිකරණ දෙකේ තීන්දු වලට GOMA එකේ අයයි වෛද්‍ය වෘතියට සම්බන්ධ තව තව අයයි එයාලට ඕන විදිහට තීන්දු නොලැබුනොත් අවනත වෙන්න අකමැති නිසා මේ වගේ වැඩ වලට වෛද්යාධිකරනයක් පිහිටවල වෛද්‍යවරුන්ව විනිසුරුවරුන් විදිහට පත් කරලා එයාලට ඕන විදිහට තීන්දුව ගන්න පුළුවන් විදිහට අධිකරණයක් ඉල්ලලා වැඩ වර්ජනයක් කරන්න ඔන්න පොටක්.
අනේ මගේ බයිපාස් එක කරලා දෙන්නකෝ සයිටම් වෙදුනේ. මට නික්ම යාමට කාලය දැන් පැමිණ ඇත. ඔබට බොහොම පින්.
මෙම නියෝගය වහාම පිලිපදිනු!
මොනවද මහත්වරුනි ආයෙත් සාකච්චා කරන්නෙ. නිකන් ලෙඩ දාගන්නෙ නැතිව වහාම එම සිසුන් ලියාපදිංචි කරන්න. බංකොලොත් දේශපාලනඥයන්ගෙ ලනු කාලා සයිටම් සිසුන්ට දාන්න පුළුවන් ලෙඩ ඔක්කොම දැම්ම. වැඩක් වුනේ නැහැ. ඒව ඔක්කොම පුස් වෙඩි. GMOA එකට තියෙන්නෙ තමන් රජයේ සේවකයන් බවත් , රජයට නියෝග දෙන්න බැරි බවත් දැන්වත් තේරුම් ගන්න එකයි. ශ්‍රේෂ්ඨාධිකරනයේ අවසන් තීන්දුව අනුව, දැන් මාලඹේ පෞද්ගලීක වෛද්‍ය විද්‍යාලයට සිය කටයුතු කර ගෙන යාමට කිසිම බාධාවක් නැහැ. හෙට අනිද්දට SLMC එකේ සංයුතිය බ්‍රිතාන්‍ය ආදර්ශයට ගෙන නැවත ප්රතිව්යුව ගත කලාම ඔක්කොම කේස් අහවරයි.
කිදෙනකුට S-3 වත් තියනවද දන්නේ නෑ, කොතලාව්ලට දාපු සයිටම් අයගෙන් 50 වඩා S-3 වත් නෑති අය.
ලංකාවේ ලෙඩ්ඩුන්ට නම් දෙවියන්ගේම පිහිටි දැන්. සයිටම් ඕනි කිව්වා අයත් එයිනේ එයාලගෙන් බෙහෙත් ගන්න.
දැන් ඉතින් අපිට බෙහෙත් ගන්න යන්න වෙන්නේ මැරෙන්න බලාගෙන තමයි!
ප්‍රමිතියක් නොසලකා ලියාපදිංචි කරන්න කියලා උසාවියෙන් කියනවා නම් වෛද්‍ය සභාවක් අවශ්‍යද?
ඉතින් සයිටම් වෛද්‍ය සභාවක් පටන්ගන්න එකේ ලියාපදිංචි වෙන්න සයිටම් දොස්තරලගෙන් බෙහෙත් ගන්න මහජනතාවට ආරාධනා කරන්න ටිකක් අඩු මුදලට බෙහෙත් දෙන්න.
කිසිම කෙනෙකුට සුප්‍රීම් අධිකරණයේ තීන්දුවක් වෙනස් කල නොහැක. එබැවින් මෙයට වෛද්‍ය සභාවේ තීරණයක් අවශ්‍ය නැහැ. මෙමගින් ලේඛකාධිකාරිට ලියාපදිංචිය සදහා බලය ලැබේ. වෛද්‍ය ඇමැති මොහුට විරුද්ධව පියවර ගත හැක. ඇමති බලය පාවිච්චි කළ යුතුය.