( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුව විභාග කිරීම අත්හිටුවමින් නිකුත් කර තිබෙන අතුරු නියෝගය දෙසැම්බර් මස 5 වැනි දා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියම කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ එම පෙත්සම අද (28) අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී එම නියෝගය ලබා දෙන ලදී.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවට අදාළ විරෝධතා අද දින ඉදිරිපත් කරන බවයි.
ඒ අනුව නඩුවට අදාළ ප්රතිවිරෝධතා ඉදිරිපත් කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශවයට ඔක්තෝබර් 19 දක්වා අධිකරණය කල් ලබා දුන්නේය.
ඒ අනුව පෙත්සම නොවැම්බර් 30 වනදා යළි කැඳවීමට නියම කළ අභියාචනාධිකරණය දැනට නිකුත් කර තිබෙන තහනම් නියෝගය දෙසැම්බර් 5 වැනි දා දක්වා දීර්ඝ කරන බව නියම කළේය.
පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණය හමුවේ කියා සිටින්නේ ඉකුත් රජය සමයේ ඇවන්ගාඩ් මෙරිටයිම් සමාගමට ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 පාඩු කළේ යැයි චෝදනා කර තමා ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් පවරා ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට ඉන්න පොලිස්පතිගෙන් පැය තුනක් ප්‍රශ්න කරනවා... නියෝජ්‍ය පොලිස්පති රස පරීක්ෂක ලඟට, ඒවා ක්ෂණිකව කරන ආණ්ඩුව රාජපක්ෂලාගේ නඩු කල්දමමින් ඉන්නේ... තවමත් ආණ්ඩුව කරන්නේ රාජපක්ෂලද? අපරාධ සහ හොරකම් ගැන පැහැදිලි සාක්ෂි තිබියදීත් ආණ්ඩුව තවමත් මිනිස්සු ගොනාට අන්දන්නේ පාලකයින් නිසයි.
ඕක 2020 වෙනකල් යනවා.
ඇයි මෙතුමා මෙච්චර බය? පොලිස්පතිතුමා දිහාවත් බලලා බය නැතුව ගිහිල්ලා උත්තර දෙන්නකෝ වරදක් කරලා නැත්නම්...
වෙසක් පෝය දෙකක් නෙවේ දහයක් හරි ගියාදෙන්. අපි කාටද බය? අපිට කවුද බය? ඕකනේ මේ කට කැඩෙනකල් කියන්නේ අපට දෙන්න අපි කරන හැටි පෙන්වන්නම් කියල. මේ තියෙන්නේ කරන හැටි. පෙනෙන්නේ නැද්ද?
අප්‍රසන්න වූ තිත්ත ඇත්ත ලංකාවේ මේ විදියට අධිකරණ පද්ධතිය තියෙනකන්නම් මේ රට දූෂණයෙන් භීෂණයෙන් රට බේරාගන්න බැහැ හරි අමාරැය. හොදට හොයල බලන්න දසක තුනක් සිට අපි අත්විදින අත්දැකීම් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුව විභාග කිරීම අත්හිටුවමින් අතුරු නියෝගය ලබාදෙනවා. අපරාධ සහා මිනිමරැ නඩු හරියට කල් මරනවා සමහර නඩු වල ලෝයෙර්ස්ල ඉල්ලා අස් වෙනවා. අපරාධ සහ හොරකම් ගැන පැහැදිලි සාක්ෂි තිබියදීත් ආණ්ඩුව තවමත් මිනිස්සු ගොනාට අන්දන්නේ .රටේ නිතය වල් වැදිල දූෂිත ලෝයෙර්ස්ල නඩුකාරයින් හොරා වෙනුවෙන් පෙනී සිටිනවා උන්ව නිදහස් කරනවා ලැජ්ජයි මේ නිලතල දරණ මිනිස්සු ගැන. රටේ ජනතාව කරකවලා අතහැරියා වගේ වෙලා. මම දන්නා විදිහට.නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ මුන් සියළුම දෙනා රටේ පරිහානියට වගකිව යුතුමයි. සමාව දිය නොහැකි තරමේ වරදක්. අල්ලස් ලබා ගත් උන්ට නීතිය තදින් ක්‍රියාත්මක කරන්න ඔන්නෙ. ඒ වගේම ඔහුන් ගේ සියළුම දේපොළ රාජ සන්තක කළ යුතුය.
වරදක් කරලා තියෙන නිසයි අතුරු නියෝග ඉල්ලන්නේ.. අවුරුදු ගාණක ඉඳලා... තමන් නිවැරැදි නම් උසාවියට ගිහින් නිවැරැදි වෙන්න පුළුවන්... දැන් අවුරුදු ගාණක් තිස්සේ මේක විභාගයට ගන්න නොදී කල්දානවා. මේකද නීතිය? ඇයි උසාවිය එහෙම කරන්නේ? බැරිවෙලාවක්වත් මේ මිනිස්සු බලයට ආවොත් වැඩක් කරලා නැහැ කියලා නිදහස්වෙයි. ඒත් රටම දන්නවා මොලේ තියන මිනිස්සු දන්නවා හොරු කියලා...
මේ කපේදී මේක සිද්ධ වෙන්නේ නැහැ. හිටපු ආරක්ෂක ලේකම්... නමුත් නීතියට බයයි. නීතියට බයේ හැංගෙන කෙනෙක් කොහොමද රටේ ජනාධිපති වෙන්නේ? මේ ආණ්ඩුවටත් කොන්ද පණ නැහැ. එච්චරයි කියන්න තියෙන්නේ.
අපි කාටද බය? අපිට කවුද බය? තව වෙසක් පෝය දෙකයිනේ... ඔහොම යන්... එතකොට පෙන්වන්නම් කොහොමද වැඩ කරන්න ඕනෑ කියලා...
මෙතුමාගේ බය තමයි මෙතුමාට තියෙන ලොකුම පසු බෑමත්.... යුද්ධයේ සැර වැඩි වෙනකොටම දාලා ගියත් අනේ හිටපු සොලදාදුවෙක්නේ? ඉතින් ඇයි මෙච්චර බය?
අධිකරණය කාගේ පැත්තේද?