(වැල්ලවාය අයි.ආර්. ඉන්දික)
කුඩාඔය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් ගායක දමිත් අසංක නමැති අය ඔක්තෝබර් මස 9 වැනි දින දක්වා රිමාන්ඞ් කරන්නැයි වැල්ලවාය දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මහේෂ් වාකිස්ට මහතා ඊයේ (27) නියෝග කළේය.
ප්‍රදේශයේ විහාරස්ථානයකින් සොරාගත් සිවුරක් පොරවාගෙන ගම පුරා ඇවිදින බවට ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේ නමක් හා ගම්වාසීන් කුඩාඔය පොලිසියට කළ දැනුම් දීමකට අනුව ඔහු අත්අඩංගුවට ගත් බව කුඩාඔය පොලිසිය අධිකරණයට දැන්වීය.
සැකකරු විශේෂඥ වෛද්‍යවරයකුට ඉදිරිපත්කොට ඔක්තෝබර් 9 වන දින වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති ප්‍රභා දිසානායක මහතා පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන් රිමාන්ඩ් කරන්න ඕනේ වරදක් කරලා තියෙන්නේ... මොකද බිලියන ගානක හොරකමක් වගේ පොඩි දෙයක් කරලා තිබ්බා නම් අඩු ගානේ ඇපදෙන්න හරි තිබුණා. අනේ මෙහෙමත් රටක්... ඔය ටෙලි නාට්‍ය වලට එහෙම සිවුරු අඳින අයත් ඔක්කොම අල්ලලා රිමාන්ඩ් කරන්න ඕනේ...
ප්‍රදේශයේ විහාරස්ථානයකින් සොරාගත් සිවුරක් පොරවාගෙන උන්නා නම් දඬුවම් දියයුත්තේ සොරකමටයි. නැතුව ගමේ ඇවිදපු එකට නොවෙයි.
මහබැංකු කැඩුවා වගේ සුළු වැරැද්දක්ද මේක...? ත්‍රිපුද්ගල කමිටු කීපයක්ම පිහිටුවන්න ඕනෑ. වාර්තා කීපයක්ම එළියට එන්න ඕනෑ එක පිටුවක්වත් ගලවන්නේ නැතිව...
ඔහුට ලස්සන කටහඬක් තියනවා. ලස්සන සින්දු කියනවා. මානසික අබාධයකට ලක්වෙලා බවයි ආරංචිය. කාලෙකට ඉස්සර පත්තරේකට කියල තිබුණා, හැමදාම රෑට නිදිමරාගෙන සින්දු කියලා, දවල්ට නිදාගන්න ජීවිතේ හරිම හිරිහැරයක් කියලා. සින්දු කියන එක නවත්තල දාන බවත් කියලා තිබුණා. පසුව ආගමට නැඹුරු වුණා.
මේ රටේ ඔය සංගීත සංදර්ශනවල සංදර්ශන වල සින්දු ගොරවන සුපිරි ගායකයින් වැඩිහරියකට වගේම.. ඒ නඩගම් බලන්න එන ඔක්කොටෝමත් ඔල්මාදේ කියයි මට නම් හිතෙන්නේ. බැලු බැලු අතේ සිංදු කාරයින්. බැරිද ඔවුන්ව ආපහු නොඑන විදිහට එක්ස්පෝර්ට් කරන්න?