(නිමල කොඩිතුවක්කු)
මිල සූත්‍රය ලබා ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවක් ගොනු කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා අද(28) කොළඹදී පැවැසීය.
තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉන්ධන මිල සුත්‍රය අනාවරණය කරන මෙන් ඉල්ලා මුදල් අමාත්‍යාංශයට අභියාචණයක් ගොනු කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවැසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා
‘‘ඉන්ධන සම්බන්ධයෙන් ලෝක වෙළඳපොලේ මිල වැඩි වීමයි ලංකාවේ සිල්ලර වෙළද පොලේ මිල වැඩිවීමයි අතර කිසිම තාර්කික සම්බන්ධයක් අපට නම් සොයා ගන්නට බැහැ. පෙට්‍රල් සහ ඞීසල් වලට මෙතරම් දැවැන්ත මිලක් ගෙවිය යුත්තේ ඇයි කියන එක දැන ගැනීමේ අයිතියක් ජනතාවට තියෙනවා. ඒ නිසා අපි මුදල් අමාත්‍යාංශයෙන් මේ අරුම පුදුම අභිරහස් ඉන්ධන මිල සූත්‍රය ලබාදෙන ලෙස ඉල්ලීමක් කළා.
එම ඉල්ලීම රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරියා වෙත යොමුකර තිබුණා. පනතේ 5(1) ඇ ( iv)උප වගන්තිය යටතේ මෙම තොරතුරු ලබා දුනහොත් ජාතික ආර්ථිකයට බලවත් අගතියක් සිදු විය හැකි නිසා එය ලබාදිය නොහැකි බව තොරතුරු නිලධාරියා අපට දැනුම් දුන්නා.
එමෙන්ම ඔහු රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් විමලේන්ති රාජා මහතා ව අභියාචනා සම්බන්ධයෙන් නම් කළ නිලධාරියා ලෙස පත් කර තියෙනවා. ඒ අනුව අපි විමලේන්ති රාජා මහතාව හමු වෙලා එතුමන්ට මේ ගැන පැහැදිලි කළා.
පනතේ මේ උපුටා දක්වා ඇති වගන්තියෙන් ආර්ථික හෝ මූල්‍ය ප්‍රතිපත්තියක් කලින් හෙළි කිරීම ආර්ථිකයට බරපතළ අගතියක් විය හැකි නම් එය හෙළි නොකර සිටීමට ආණ්ඩුවට ඇති අයිතිය තිබෙනවා. නමුත් අප ඉල්ලා සිටින්නේ ප්‍රතිපත්තියක් නොවෙයි. අනික් පැත්තෙන් රටේ ජනතාවට ඉන්ධන මිල සූත්‍රය අනාවරණය කිරීමෙන් රටේ ආර්ථිකයට බරපතළ හානියක් සිදු වෙන්නට හැකියාවක් නැහැ.
ඒ නිසා අපට මේ මිල සූත්‍රය දැන ගැනීමට අයිතියක් තිබෙනවා.මිල සූත්‍රය සඟවාගෙන සිටීම නීති විරෝධී කටයුත්තක් බවත් අපි විමලේන්ති රාජා මහතාට දැනුම් දුන්නා.

(ඡායාරූපය- ජයමාල් චන්ද්‍රසිරි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලොත් පිස්සු නටනට ඉන්නවා.
අයියෝ අර ඕස්ට්‍රේලියන් කාරයට දුන්න සුත්තරේ හරියට වැඩ කළොත් ඇතුලේ ඉඳන් තමයි මිල සුත්තරේ ගැන කතා කරන්න වෙන්නේ. ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ බඩගින්නට පොල් කඩපු අයටනේ... අයිතිවාසිකම් ගැන කතා කරන්න ලැජ්ජයි අප්පා.
තමන්ට කියලා ඡන්ද පදනමක් නැති පා.ම. මහින්දගේ කරේ එල්ලිලා එන්න හදන කෙනෙක්....
අද ලංකාවේ බොහොමයක් තියෙන්නේ මෙයා ගොනුකරපු නඩු . මෙයාට කියල දුෂිත නඩු කතා කරන්න පෝලිමේ සෙනග . ලංකාවේ ඉන්න හොදම දක්ෂයා . රුපවාහිනිය බලද්දී තේරුම් ගන්න පුළුවං මෙයා නැති තැනක් නැහැ , බලය ඉල්ලනවා . රටම තව කන්න ඉල්ලනවා .
කනගාටුයි , දැන්නම් මේක පිස්සන්ටම ගිය රටක් .
මොහු මහින්දව පෙරලන්න ඉහලින්ම දායකත්වය දුන් පුද්ගලයා... එහෙම කියන්නේ සෝභිත හාමුදුරුවෝ මෙහෙ ආපු වෙලාවක කියා තිබෙන නිසා.. අද යන එන මං නැතිවෙලා.
මේ මනුස්සයාගේ ජිවන කතාව උපයෝගි කරගෙන හාස්‍ය උත්පාදක චිත්‍රපටියක් නිර්මානය කලොත් බොක්ස් ඔෆිස් වාර්තා කුඩේ කුඩු.
‘‘ඉන්ධන සම්බන්ධයෙන් ලෝක වෙළඳපොලේ මිල වැඩි වීමයි ලංකාවේ සිල්ලර වෙළද පොලේ මිල වැඩිවීමයි අතර කිසිම තාර්කික සම්බන්ධයක් අපට නම් සොයා ගන්නට බැහැ. ඒ කාලේ තිබුණු තාර්කික සම්බන්ධය මොකක්ද දන්නේ නැහැ.
මෙහි කොමෙන්ට්ස් දාන අය අත පෙන්වන විට ඇඟිල්ල දිහා බලනවා වගෙයි.
වෙනදා දාන ගොන්පාට් වලට නම් වැඩිදෙනෙක් කැමති නැහැ. නමුත් මේ සම්බන්ධව ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වීම ඉතා අගය කරනවා.
රාජපක්ෂ පාලන කාලයට වඩා තවමත් තෙල් අඩුවට දෙන්නේ කෙසේද කියා සොයා බලන්න මිල හදන සූත්තරය ගම්මන්පිල මහතා හොයයි.
රුපියල් 100 ගානේ මිනිස්සුන්ගෙන් එකතු කරලා මොනවද කලේ කියලා නඩුවක් දාලා හොයන්න ඕනෑ...
[මෙහෙ ලීටරයක් ඩොලර් එකකින් නග්ගනවා.....] මහත්තයගේ වාහනේට දමන ඉන්ධනවලට එයා ගෙවන්නේ ඩොලර් වලින් වගෙයි !!!!
ඉතින් හලෝ, කෙකර ගගා ඉන්නේ නැතුව, කරන දෙයක් කරන එකනේ ඇත්තේ ! සල්ලි වල අඩුපාඩුවක් තියේනම් ලැජ්ජා නොවී ඉල්ලන්න. අපිත් පොඩි සපෝර්ට් එකක් දෙන්නම් ඡන්ද කාලේදී වගේ !!!!!
මෙයාට ගෙවන මන්ත්‍රී පඩියයි, අනික් දීමනායි, පහසුකම් ඔක්කොම පාවිච්චි කරන්නෙ රජයට එරෙහිව. ජනතාවට කරපු එක සෙතක් කියනවද? තමන්ගෙ දේ රැක ගන්න විතරයි මේයාට ඕනෙ.
මෙයාට ගෙවන මන්ත්‍රී පඩියයි, අනික් දීමනායි, පහසුකම් ඔක්කොම පාවිච්චි කරන්නේ රජයට එරෙහිව නම් මෙයාට තමන්ගේ දේ රැකගන්න විතරක් ඕනවෙන්නේ කොහොමද? රජයෙන් ලැබෙන සියලුදේ රජයට එරෙහිව වැඩ කරන්න යනවනේ...