(සුජිත් හේවාජූලිගේ)
ශ්‍රී ලංකා කජු සංස්ථාවෙන් නැවතත් කජු මිලදී ගැනීමට ශ්‍රී ලංකා ගුවන් සමාගම තීරණය කර ඇත.
ගුවන් සේවයට ශ්‍රී ලංකා කජු සංස්ථාවෙන් කජු සැපයීමේ කටයුතු ආරම්භ කිරීමට මේවන විට සියලු කටයුතු යොදා ඇතැයි එම සංස්ථාවේ සභාපති දම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා ‘ලංකාදීපය’ට පැවැසීය.
ජාතික ගුවන් සේවයට 2016 වසර වනතුරු කජු සැපයීම කරනු ලැබුවේ ශ්‍රී ලංකා කජු සංස්ථාව විසිනැයි කී සභාපතිවරයා සංස්ථාවේ කජු ගණන් යැයි පවසා ඩුබායි වලින් කජු මිලදී ගැනීමට සමාගම තීරණය කිරීමෙන් පසුව කජු ප්රශ්නය මතුවුණු බව ද සඳහන් කළේය.
අනෙකුත් රටවල කජු මෙන් නොව ශ්‍රී ලංකාවේ කජු ප්‍රණීත රසයෙන් යුක්ත වන බවත් මෙරට ප්‍රධාන පෙළේ තරු පහේ හෝටල් සහ රාජ්‍ය ආයතන මිලදී ගන්නේ සංස්ථාවේ කජු බවත් දම්සිරි කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය.
සංස්ථාවේ මිල ගණන්වලට එකඟත්වය ලැබුණු පසුව ගුවන් සේවයට කජු සැපයීම අරඹන බව ද ඔහු කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම අගනා තීරණයක්. සුළුවෙන් හෝ මහ පරිමාණයෙන් අප රටට සෙතක් වන්නේ නම් අප එය අගය කරන්නෙමු. " කොමිස් බලාගෙන වැඩ කරන අයට නම් " මෙය නයාට කුකුල් බිත්තර වගේ මුනට සිනාවක් එයි.
දේශීය නිෂ්පාදනය දිරිමත් කරන්න නං, මෙවැනි වගකිවයුත්තන්ට බාල ප්‍රමිතියෙන් තොර දේවල් සපයන්නොන. එතකොට තමයි බලධාරීන්ගේ ඇහ අරින්නේ.
තත්ව පාලක ජනපති...
බොහොම හොඳ තීරණයක්... ඩුබායි වලින් කජුගත්ත මිලටම මේ අහිංසක මිනිසුන්ගෙන් ගන්නවා නම් තවත් හොඳයි... කුණු කොල්ලෙට ගන්නෙ නැතුව...
ජනාධිපතිතුමාට නම් දෙන්න එපා.
අඩන්නම ඕනෙලු කිරි එරෙන්න.
අපේ ජනාධිපතිතුමාට වැඩි වැඩියෙන් ආනයනය කරන කෑම බීම එතුමාගේ කෑම මේසයට යවන්න. එතකොට එතුමාට ඒවා එපාවී විවේචනය කරාට පස්සේ නිකම්ම අපේ ආහාරපාන ජනාධිපති කෑම මේසයට එනවා නොඅනුමානයි! කජුවලට වූ වින්නැහිය අනිත් භාණ්ඩවලටත් අත්වෙන දිනය වැඩි ඈතක වෙන්න බැහැ...
කජු කතාව නැවත නැවතත් සමාජ මාධ්‍ය ජාලවල කියමින් ගරු ජනාධිපතිතුමාට කොතරම් අපහාස කළාද? නමුත් දැන් සිද්ධ වී ඇති යහපත් ප්‍රතිඵලය බලන්න. අතරමැදියා හැලී අපේ රටේ නිෂ්පාදනය වෙන කජු අපේ ජාතික ගුවන්සේවය මිලදී ගන්නවා. ඒ වගේම කජු සංස්ථාව නියම ප්‍රමිතියෙන් යුත් කජු ගොවීන්ගෙන් සහ සුළු නිෂ්පාදකයින්ගෙන් මිලදීගත යුතුයි. මම ඉතා වගකීමෙන් කියනවා ලෝකයේ හොඳම කුළුබඩු වර්ග නිෂ්පාදනය කරන්නේ අපි. නමුත් අපේ කුළුබඩු ටික මිලදීගන්නේ අසල්වැසි සහ වරාය විකුණපු රටේ කට්ටිය... ඒ ගොල්ලෝ විශාල ලාභ තීරුවක් තියාගෙන නැවත ලේබල් ගහලා අපේ කුළුබඩු බටහිර රටවලට අපනයනය කරලා විශාල අාදායමක් අතර මැද්දේ ඉගෙනුම ලබනවා. මේ ක්‍රමය වහා වෙනස් විය යුතුයි. ලෝක වෙළඳපළේ වැනිලා කිලෝවක මිලත් ලංකාවේ වැනිලා ගොවීන්ට අලෙවි කිරීමේදී වැනිලා කිලෝවකට ලැබෙන මුදලත් සසඳා බලන්න. හැම කුලුබඩුවකම තත්ත්වය මේකයි. අපනයන අාදායම ලංකාවට ඩොලර්වලින් අපට ලැබෙනවා නම් අපේ ජාතික අාදායම වැඩිවෙනවා.
ලංකාවේ කජු ටිකක් ගණන් වුණාට රසයි. ලාභය පමණක් නොසිතා ලාංකික ජනතාවට ප්රතිලාභ ලැබෙන විදියට ලංකාවේ නිෂ්පාදනය කරන කජු මෙන්ම අනෙකුත් දෑද පාවිච්චි කළොත් හොඳයි.
ජනාධිපතිතුමනි, ඔබතුමාගෙන් ඔයිට වඩා දේවල් අපි බලාපොරොත්තු වෙනවා.
කජු සැපයීම සදහා ....