(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වසර හයක සිර දඬුවම් ලබා සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම දඬුවමට එරෙහිව ඉදිරිපත්කර ඇති අභියාචනා ඉල්ලීම සලකා බැලීම ලබන මස 05 වනදා දක්වා කල් තබන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද(28) තීන්දු කළේය.
එම අභියාචන අඅයදුම්පත ඊවා වනසුන්දර සහ, විජිත් මළල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ ද්වි පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ අද කැඳවනු ලැබීය.
එහිදී විනිසුරුවරු නියම කළේ අදාළ අභියාචනා ඉල්ලීම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීම අවශ්‍ය බැවින් අද දින විනිසුරුමඩුල්ල නිසි පරිදි සකස් වී නොමැති හෙයින් ඒ පිළිබඳ සලකා බැලීම ඔක්තෝබර් මස 05 වනදා දක්වා කල් තබන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකරණයට අපහස කිරිම සම්බන්ධයෙන් අහියාචනාධිකරණයෙන් මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සහානයක් ලැබෙවි යැයි බලාපොරොත්තු විය නොහැකි.
නඩුවක් යන අතරතුරදී පිරිවර සමගින් අධිකරණයට කඩාවැදී විනිසුරු ඇතුළු කාර්ය මණ්ඩලයට බැන අපහාස කිරීමෙන් අධිකරණයට අපහාසයක් නොවුණා කියන අයගේ මොලය පරීක්ෂා කලයුතුම වෙනවා. මේ අභියාචනය නිෂ්ප්රභාකර නැවත අභියාචනා ඉදිරිපත් නොකිරීමට අධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත්කළ යුතුයි.