(සුජිත් හේවාජූලිගේ)
පාර්ලිමේන්තුවේ හදිසි රැස්වීමක් කැඳවන ලෙස අගමැතිවරයා මෙතෙක් දැනුම් දී නැතැයි නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ හදිසි රැස්වීමක් කැඳවීමට අවශ්‍ය නම් අගමැතිවරයා ඒ සම්බන්ධයෙන් කතානායකවරයා දැනුම්වත් කළ යුතු බව ද නියෝජ්‍ය කතානායකවරයා පැවසීය.
ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරන ලදැයි කියන සිද්ධිය සහ රටේ ආර්ථික ප්‍රශ්න ඇතුළු කරුණු ගණනාවක් සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුවේ හදිසි රැස්වීමක් කැඳවන්නැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා කතානායක කරු ජයසූරිය මහතාට ලිපියක් යවමින් ඉල්ලීමක් කළේය. කතානායකවරයා ඒ ඉල්ලීම් අගමැතිවරයාට යොමු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd