( නාලක සංජීව දහනායක)
ජීවිත තර්ජන මතුව තිබෙන හිටපු ජනාධිපතිවරයා, හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ විපක්ෂය නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව වැඩිකිරීමට රජය වහාම ක්‍රියාත්මක වියයුතු බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා අද (28) පැවසීය.
වත්මන් රජය බලයට පත්වූ පසුව අවස්තා කිහිපයකදීම හිටපු ජනාධිපතිවරයාට හා හිටපු ආරක්ෂක ලේකම්වරයාට ලබාදී තිබූ හමුදා ආරක්ෂාව අඩුකිරීම හේතුවෙන් ඔවුන්ගේ ජීවිත සම්බන්ධයෙන් බරපතල අර්බුධයක් මතු තිබෙන බවද කී මන්ත්‍රීවරයා මෙම ඝාතන කුමන්ත්‍රණය හෙළිකළ නාමල් කුමාර මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද රජය මීට වඩා වැඩි අවධානයක් යොමුකළ යුතු බවද ප්‍රකාශ කළේය.
එමෙන්ම මීට පෙර සුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහාත් නියමිත දිනට පෙර පාර්ලිමේන්තුව රැුස්කර තිබෙන බවත් මෙම බරපතල තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට ඉල්ලලීමක් කර තිබියදීත් පාර්ලිමේන්තුව කැඳවීමට රජය උනන්දු නොවීම පිළිබඳව බරපතළ සැකයක් මතුවන බවද කීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකේ කිසිම රටක විරුද්ධ පක්ෂයේ අයට මේ විදියට ආරක්ෂාව ඉල්ලන්න ඔය තරම් බයනම් කට්ටියම ඉල්ලා අස්වෙන්න. රට වැටිලා තියෙනකොට මෙයාලව ආරක්ෂා කරන්න ඊට වැඩිය වටිනවා රුපියල ආරක්ෂා කරගන්න එක... හොඳම දේ තැන්තැන් වල බනින එක නතරකරලා කට්ටියම ගෙදරට වෙලාඉන්න එකයි.
මේ ගොල්ලොත් හරියට වීදි නාට්‍ය කරන ජෝකර්ලා වගෙයි! කොහෙවත් නැති බම්බුවක් අල්ලන් සද්දේ දානවා...
ඕකට තමයි ඔය චිත්‍රපටිය නිර්මාණය කරලා තියෙන්නේ... අනේමන්දා විද්‍යුත් මාධ්‍යය මේ කතාවට දෙන අනුග්‍රහය පිස්සු හැදෙනවා..!!!
හිටපු ආරක්ෂක ලේකම්වරයා යුද්ධයට බයේ ඇමරිකාවට පැනල ගියා. අයියා ජනපති වෙච්ච ගමන් ඇවිත් වීරයා වුණා. සැබෑවටම යුද්ධ කරපු කොල්ලො මැරුණා. සමහරු සදා අබාධිතයි. තවත් සමහරු අතුරුදහන්... රාජපක්ෂලා යුද්ධයත් කළා. සුද්දත් කළා. ඕනෙම නම් ඇමරිකාවට යන්න පුළුවන් එහේ පුරවැසියොනේ පවුලේ වැඩි දෙනෙක්..
ඔවුන්ට මරණ තර්ජන තිබේ කියා මිනිසුන් වෙන අතකට අවධානය යොමු කරනවා... මේවා ඔක්කොම තමන් කර තිබෙන දරුණු අපරාධ යට ගහන්න කරන උප්පරවැට්ටි..
ඔහේලා රටට ආදරයෙන් නොමිලේද ඔය රාජකාරිය කලේ ? ඔය ඔක්කොමලටම හොඳට ජනතාවගේ මුදල් වලින් පඩි නඩි ගෙව්වා නේද? ඊට පස්සේ භාණ්ඩාගාරයත් සුද්ද කළා නේද? ඒ මදිද? අපි තවම ඔහෙලට ණයද? 2020 දී බුද්ධිමත් ජනතාවගේ තේරීම නගානන්ද මහතාගේ වැඩ පිළිවෙලයි. ඒ සමඟ එකිනෙකාගේ හොරුන් රකින, ජනතාවට අයත් සම්පත් සූරාකන, ජනතාව බෙදන සියලු පක්ෂ, කුණු බක්කියට දමමු.
මෙයාද දන්නේ නෑ වියදම් දෙන්නේ?
මේ අයගේ අරමුණු දැන්වත් රටේ ජනතාව තේරුම් ගනීවිද?