(ශිරාන් රණසිංහ)
ගෑස් මිල, පිටි මිල හා අනෙකුත් පාරිභෝගික ද්‍රව්‍යවල මිල ගණන් ඉහළයාම නිසා ආප්පයක මිල රුපියල් 15 දක්වා වැඩි කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.
මෙතෙක් කලක් ආප්පයක මිල රුපියල් 10,12 ආදී මිල ගණන් යටතේ අළෙවි වූ බවත් ගෑස් මිල ඇතුළු පාරිභෝගික ද්‍රව්‍යවල මිල ඉහළ යෑම නිසා ආප්පයක මිල රුපියල් 15 දක්වා වැඩි කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය.
ඇතැම් ආපනශාලා හිමියන් ප්ලේන්ටි, කිරි තේ හා බත් පාර්සලයක මිල ගණන් ඔවුනට සිතෙන පරිදි සකසා ගන්නා බවත් ඒ පිළිබඳව සොයා බැලීමට සිටින පාරිභෝගික අධිකාරිය නිහඬව සිටීමට කනගාටුවට කරුණක් යැයි ද හෙතෙම සඳහන් කළේය.
මේ වන විට ප්ලේන්ටියක මිල රුපියල් 20ක් ද, කිරි තේ එකක මිල රුපියල් 40ක් ද, මාළු බත් පාර්සලයක මිල රුපියල් 140ක් ද වී ඇතැයි හෙතෙම පැවසීය.
මෙම ආහාර පානවල ප්‍රමිතිය හා අඩංගු විය යුතු පෝෂ්‍ය පදාර්ථ පිළිබඳ දොයා නොබලන පාරිභෝගික අධිකාරිය සහ පාරිභෝගික හා වෙළඳ කටයුතු ඇමතිවරයා ද පාරිභෝගිකයින්ගේ නාමයෙන් ඉල්ලා අස්වී සුදුසු අයට මේ වගකීම් බාරදිය යුතු බව ද අසේල සම්පත් මහතා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට කාපු ආහාරයක් තමයි...
ප්ලේන්ටියක මිල රුපියල් 20ක් නම් ආප්ප මිල තව වැඩිවිය යුතුයි.
ආප්ප කෑවොත් රට විනාශයි අපිත් විනාශයි එමනිසා කඩෙන් කන්නත් එපා.
සත්තකින්ම ආප්ප වල මිල අනන්තය දක්වා ඉහළ ගියත් ගැටළුවක් නොමැත මක්නිසාදයත් ආප්ප කෑ සහ කන අය නිසා අපගේ මාතෘ බුමිය දිනෙන් දින ඉතාම අවාසනාවන්ත ලෙස විනාශ මුඛයට පත්වෙමින් තිබෙන බව කනගාටු වන්නෙමු. තවද එම අය යහමින් බටදැල්ලද පිනටම යහමින් ගිලදමමින් සිටින්නේය.
මහජනයාට මෙයට දිය හැකි හොඳම ප්‍රතිචාරය නම් කඩවලින් කෑම ගැනීම අවම කිරීමයි මා සිතන්නේ... කැරපොත්තන් සහ මීයන්ගෙන් ගහන ලංකාවේ හෝටල් වලින් කෑම නොගැනීම කාගේත් ඇඟට ගුණ බවයි.
තමන්ගේ ගෙදර එළවළු, පලා ටිකක් වවා ගන්නේ නැතුව, කුඹුරක් නැත්නම් ගමකට ගිය වෙලාවක හරි කුඹුරු ගොවියෙක්ගෙන් ඉස්තරම් හාල් පොල් ටිකක්, හකුරු ටිකක් මිල දී නොගන්නා කඩෙන්ම කිරකිරා ගෙනත් කන අයට සහ ෆාස්ට් ෆුඩ් කාරයින්ට මේවා හොඳ පාඩම්... බෝතලේට සියලු සේසත යට කරන අපේ රටේ මිනිස්සු ගැන කවර කතාද?
රුපියල් දහයට ආප්ප විකුණපු කඩ දහයක් කොළඹින් හොයලා කියන්න පුළුවන්ද?
අසේල සම්පත්ට එක ආපනශාලාවක්වත් නැත. ටෙලි නාට්‍යවල ටී බෝයි කෙනෙක් ..
මම හිතාගෙන උන්නේ මිනිස්සු ආප්ප කෑම අත්හැරලා හුඟක් කල් කියලයි.
මම හිතාගෙන උන්නේ මිනිස්සු ආප්ප කෑම අත් හැරලා හුඟාක් කල් කියලයි.
ආප්පයකට රු.5ක් වැඩිකළොත් ගෑස් සිලින්ඩරයට වැඩිකළ රු.195 පැය කීපයකින් සොයාගන්න පුළුවන්... මේක කොයිතරම් අසාධාරණද? ජනතාව උද්ඝෝෂණ හා වර්ජන කළයුත්තේ මේ වගේ අසාධාරණවලටයි. මම නම් මින් ඉදිරියට ආප්ප මිලදීගන්නේ නැහැ. මුදල් නැතිකම නොවෙයි, මෙහෙම අයුතු ලාභ ලබාගැනීම හරිම අසාධාරණයි. වැඩිකළ රු.195 ලබාගැනීමට විකිණිය යුත්තේ ආප්ප 39යි..
මේ මේ ජනාධිපතිට ඇහෙන්න කියන්න එපා. කජු කතාව වගේ ආප්ප කතාවත් දැන ගත්තොත් හොඳටම කේන්ති යයි.
"ආප්පයකට රු.5ක් වැඩිකළොත් ගෑස් සිලින්ඩරයට වැඩිකළ රු.195 පැය කීපයකින් සොයාගන්න පුළුවන්... " අම්මාද බෝල ඒ කොහොමද? කොල්ලෝ ආප්පයක් රුපියල් 15 කියලා බෝඩ් එකේ දාල කඩේ වහපන් පැය කීපයකට ගෑස් වලට ගිය රු 195 හම්බුවෙනවද කියලා බලන්න. මුදලාලි පැය කීපයකින් බැහැ ආප්ප 33 වික්කොත් පුළුවන්. එහෙමද?