(අංජුල මහීක වීරරත්න)
ඇමරිකා එක්සත් ජනපද ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟම දිනෙන් දින ඉහළ යන ඩොලරයේ අගය වැඩිවීමට මුහුණ දෙමින් ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකය කඩිනමින් නංවා ගැනීමේ වැඩපිළිවෙළක් මේ වනවිට සකස් කරමින් තිබෙන බව රජයේ ප්රකාශකයෙන් පැවසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත රටේ ඉහළම මට්ටමේ ආර්ථික විශේෂඥයින් මේ කාර්යයේ නිරතව සිටින බව ද ඔහු කීය.
ඩොලරයේ අගය උපරිම වශයෙන් ඉහළගොස් නතරවන තීරණාත්මක අගයේදී රුපියල ආරක්ෂා කර ගැනීම සඳහා ගතයුතු පියවර රජයට නිර්දේශ කිරීම මෙම ආර්ථික විශේෂඥ කණ්ඩායමට පැවරී ඇති ප්‍රධාන කර්ය වෙයි.
ඩොලර් හැකි තරම් රට තුළට ගෙන ඒම සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන අපනයන වැඩිකර ගැනීමේ ක්‍රමවේදයක්ද ආර්ථික විශේෂඥ කණ්ඩායම විසින් රජයට යෝජනා කිරීමට ද නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩොලර් හැකි තරම් රට තුළට ගෙන ඒම සඳහා විශේෂ සහන දිය යුතුය. විදේශ ශ්‍රමිකයන් හට රට තුළ ගෙන ආ හැකි විදේශ මුදල් ප්‍රමාණ සීමාව ඉහළ දැමිය යුතුය...........
අනේ මන්ද කමිටු කමිටු ඉවරයක් නැති කමිටු.... මේ යන විදියට උදේට ශරීර කෘතිය කරගන්න බරිඋනාමත් මේ අය කමිටු දමා ගනියි. පාසලේ පළමු පන්තියට විතරක් අධ්‍යාපනය හදාරා ඇති නූගත් අපට නම් පේනෙන සරල කරුණ නම් පුළුවන් තරම් දුරට ඔය කරන නාස්තිකාර වියදම් මෙන්ම අර උත්සවය මේ උත්සවය සියල්ල නවතා දැමිය යුතු බවය. ඔය කියන කමිටුවල වාර්තා ලැබෙන විට පෙරහැර අවසන්වී අලිටිකත් ගම්බිම් බලා ගොස් හමාරවී ඇත.
ඇයි අනේ මේ මෝඩ වැඩ කරන්නේ? මංගල කිව්වා නේද ඩොලරය වැඩිවුණාට ආර්ථික වැටුනේ නැහැ කියලා. වජිරත් කිව්වා නේද විදේශ මුදල් රටට ගෙන්න ගන්න තමයි මෙහෙම ඩොලරය වැඩි කරයි කියලා... ඇත්තටම මේ ආණ්ඩුවටත් තේරෙන්නේ නැහැ. මේක කලමණාකරණය කරන්න. නිකම් ජනතාව ගොනාට අන්දන්න හදනවා. එක එක්කෙනා කටට එන දේවල් කියනවා.
මංගල, මලික්, හර්ෂ, වික්රමවීර, ඉරාන්, චරිත රත්, කියන කට්ටිය තමයි මන් හිතන්නේ කමිටුවේ ඉන්නේ. නියමෙට රුපියල නග්ගලා ගනියි කටිටිය...
ඔක්කොම තියෙන්නේ කල්මරන නූගත් වැඩ. කරන්න තියෙන්නේ ඕනෑතරම් ඩොලර් රටට එන්න ඉඩ දෙන එකයි.... ප්‍රශ්න අහන්නේ නැතුව. ලොකු ගණන් රටින් පිටවෙද්දි බලන්න. නමුත් එනඒවා එන්න අරින්න. පුලුවන් තරම් දේශීය දේවල් මිනිස්සු අතර ප්‍රචලිත කරන්න. එතකොට පිටින් එන කන බොන දේවල් ඉබේම වෙළඳපලෙන් විසිවෙනවා. හාල් වගේ දේවල් නූඩ්ල්ස් වගේ ක්ෂණික කෑමවලට හරවාගෙන කල්තබා ගන්න ක්‍රම හදාගන්න එතකොට මිනිස්සු පාන්පිටි කෑමවලට වැඩිය යොමුවෙන්නේ නෑ. මස්මාලු වුණත් කල්තබා ගන්න ක්‍රම ප්‍රචලිත කරගන්න. ඩීසල් බලාගාර වෙනුවට සූර්ය බලගාර වෙත යොමුවෙන්න. රාජ්‍ය සෙවයේ වැඩ ඉක්මන් කරගන්න තාක්ෂණය හරහා...