විනීතා එම් ගමගේ
දේශපාලකයන් අතර කුඩු විකුණන්නන් මිනීමරුවන් පවා සිටිය හැකි බැවින් ඔවුන්ට වදින්න එපා යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පාසල් සිසු දරුවන් ගෙන් ඉල්ලා සිටියේය.
මව්පිය, ගුරුවරු හෝ ආගමික නායකයන්ට වැන්දත් දේශපාකයන් ඉදිරියේ දී අංශක 45 කට කොන්ද නමන්නට එපා යැයි ද ඔවුන්ට ආචාර කළාම ඇති යැයි ද අමාත්‍යවරයා කියා සිටියේය.
සම්මානයක් සහතිකයන් ගනිද්දී අතට අත දී ආචාර කිරීම ප්‍රමාණවත් බවත් වැදිය යුතුම නම් යන්තම් හිස නවා ආචාර කිරීම ප්‍රමාණවත් බවත් හෙතෙම සඳහන් කළේය.
පාසල් දරුවන් දණගසා වදින සංස්කෘතිය නැවැත්විය යුතු යැයි කී සමරවීර මහතා කොන්ද කෙළින් තබාගෙන සිටින දරුවන් සහිත රටක් බිහිකළ යුතු යැයි ද කීය.
කුඩා කළ සිට මේ පුරුද්ද දරුවන්ට ඇති කරන්නැයි අමාත්‍යවරයා මව්පිය ගුරුවරයින්ගෙන් ද ඉල්ලා සිටියේය.
ලංකාව ඉන්දියන් සාගරයේ දියුණුම රට කරන්න සිතා සිටින්නේ නම් අපේ දරුවන් කෙලින් කථා කරන කෙළින් වැඩ කරන පිරිසක් කළයුතු යැයි ද අමාත්‍යවරයා කීය.
මංගල සමරවීර මහතා මේ අදහස් පැවසුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ අද (28) පැවැති තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් අමතා අදහස් දක්වමිනි.
ඡායාරූප - ගයාන් අමරසේකර




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද දවසේ තමන්ගේ දෙමව්පියන්ට සහ ගුරුවරුන්ට හැර, වෙන කිසිම කෙනෙකුට දණගැසීම අවශ්‍ය නැත.
සහතික ඇත්ත.
පොඩි එකාගේ ඉඳලා ලොකු වෙනකම් කොන්ද කෙලින් තියන් වැඩකරනඑක උගන්වන්න ඕනෑ. විශේෂයෙන් පොලිස් ආයතනවල වැඩක් බාර ගන්නකොට කොන්ද කෙලින්තියන් වැඩ කරන බවට දිව්රුම් දෙන්න ඕනෑ. අද මේ වෙනකොට ලොකු ආයතනවල නායකයින් හිරබත් කන්නේ කොන්ද නමපු නිසා දරුවන්ට තමන්ගේ වටිනාකම කියල දෙන්න ඕනෑ. පැරදිලා ගෙදරගිය කට්ටිය වෙනුවෙන්. කොන්ද නාමපු අය දුක් විඳිනවා. නූගත් කී දෙනෙකුට.. සැලියුට් ගැහුවද?
සහතික ඇත්ත... ඉඳලා හිටලා හරි මේ මහජන නියෝජිතයා සත්‍ය ප්‍රකාශ කරනවා. අප රටේ දේශපාලකයන් යනු දේශය විනාශකරන ගව රැලක් බව මොහුගේ කතාවෙනුත් ස්ථිර වන්නේය.
පක්ෂ ලේකම්ලා දැනගන්න එපැයි නාමයෝජනා සලකා බලන වෙලාවේ කුඩු මුදලාලිද, මිනීමරුවන්ද, කියලා හොයන්න. යහමින් මුදල් විසිකරන්න පුලුවන් බලපුලුවන් කාරයෙක් නම් කවුරු වුනත් කමක් නැ. දැන් ඉතින් කොන්ද නමන්නට එපා යැයි කියල වැඩක් තියනවද? අපි දන්නවද සුදුවතින් සැරසී ආ පමණින් කව්ද කියලා...
ඉතා වටිනා අදහසක්. මේක කලින් අර්ජුන් මහේන්ද්‍රන්ට කියන්න තිබුණා. එහෙම නම් අර බැඳුම්කර වංචාව වෙන්නෙ නැහැ...
ඒ වුණාට නායකතුමා ඉදිරියේ කොන්ද චුට්ටිම චූට්ටක් විතර නමන්න නැතිනම් ඇමති පට්ටම ගහලා යයි.
අපේ රටේ නායකත්වය ගන්නා මතු පරපුරට දෙන හොඳ අවවාදයක්... දරුවාගේ "අභිමානය" රැකගැනීමට මෙය උතුම් අවවාදයක්. දේශපාලකයා කියන " හිඟන්නාට" වැඳීමෙන් කිසිවක් නොලැබෙන බව කුඩා අයට ආදර්ශයෙන්ම පෙන්වාදිය යුතුයි. දරුවන්ගේ පමණක්ම නොවෙයි වැඩිහිටියන් වුනත් "කොන්ද" කෙලින් තියාගෙන කටයුතු කිරීම මතුපරපුරට අගනා ආදර්ශයක් වේවි...!!!
ඔබ හිතට එකඟව ඔබේ අදහස් කෙලින්ම කියන කෙනෙක්. ඒ වගේම අපේ රට ලෝකයත් එක්ක ඉදිරියට ගෙනයන්න පුළුවන් දැක්මක් ඇති නායකයෙක්... රටේ ඊළඟ නායකත්වයට සුදුසුම පුද්ගලයා... එ්ත් ඔබ ගැන ජනතාව අතර පතුරවා තිබෙන වැරදි ප්‍රතිරූපය ඔබේ ඉදිරි ගමනට බාධාවක්...
දේශපාලකයන්ට දන ගසා වදින්න අවශ නැත.
මංගල ඇමතිතුමා එක්ක 100% එකඟයි. පරක්කුවෙලා හරි මෙවැනි දේ ළමයින්ට උගන්වන එක හරිම හොඳයි. දණගහල වඳින එක මමත් අනුමත කරන්නේ නැත. ඕනෑම කෙනෙකුට අත් එකතුකර ආයුබෝවන් කීම හොඳටම ප්‍රමාණවත්. මම නම් හාමුදුරු කෙනෙක්ටවත් දණගහලා වඳින්නේ හොඳට හොයලා බලලා.. හිතලා බලලා...
එය සහතික ඇත්ත.දේශපාලකයාට ආයතන පුධානියාට,කොන්ද නවන්නේ හොරු. එය පාසල් දරැවන්ට කියලා දිය යුතුයි. මේ දෙගොල්ලම කිසියම් වගකීමක් දැරීමට බැදි අයයි.
ඔයා ලංකාවේද?
ඒ වගේම දේශපාලකයෝත් දැන ගන්න ඕන නිලධාරින් හෝ මහජනතාවට කොන්ද කෙලින් තියාගෙන වැඩකරන්න ඉඩහරින්න. නිලධාරින් කොන්ද කෙලින් කරන් වැඩ කරන්න ගියාම චන්ඩිපාට් දාල මගේ ව්‍යාපෘතිය කරන්න අනුමැතිය දෙන්න මේ ටෙන්ඩර් එක අරයට දෙන්න අර ටෙන්ඩර් එක මෙයාට දෙන්න කිය කිය බලු වැඩ හා හිඟන වැඩ නොකර නිලධාරින් ගන්න රටට හිතකර තීරණවලට (තමන්ට පාඩු උනත් කොමිස් නොලැබුණත්) එකඟ වෙලා ඒවා ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්න ඕන
කුඩු විකුණන්නන් මිනීමරුවන් විතරක්යැ...
රවීන්ද්‍ර ව්‍යවහාරික ගණිතය " උගන්නන ගුරුතුමා ස්ත්‍රී චිකික්සාවලිය කියලා දුන්නේ නැද්ද?
එහෙම එවුන්ට නාමයෝජනා දෙන්නත් එපා ඡන්දෙ දෙන්නත් එපා...... එහෙම එවුන්ට නාමයෝජනා දෙන පක්ෂ වලට ඡන්දෙ දෙන්නත් එපා. ඕවා ඉතින් අපේ රටේ බුද්ධිමත් ජනතාව හොඳට තේරුම් අරගෙනයි තියෙන්නේ නේද???