( නිමල කොඩිතුවක්කු)
හිටපු ආරක්ෂක ලේකමි ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රමාණවත් ආක්ෂාවක් ලබා දී ඇති බවත් ඒ වෙනුවෙන් දිනකට රුපියල් ලක්ෂ 35 ක් වැය වන බවත් නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර මහතා පැවසීය.
සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද (28) පැවැති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක නිලධාරීන් 70 ක් යොදවා සිටින අතර පොලිස් විශේෂ කාර්ය බළකා සෙබලුන් 42 ක් හා යුද හමුදා නිලධරීන් 28 ක් ඒ අතර සිටින බවද හෙතෙම සඳහන් කළේය.
හිටපු යුද හමුදාපති වත්මන් වනජීවි තිරසර සංවර්ධන අමාත්‍යවරයා වන සරත් ෆොන්සේකා මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇත්තේ 20 දෙනකුගෙන් සමන්විත ආරක්ෂක අංශයක් බවද පැවසු නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ ආරක්ෂාව වැඩි කරන්නැයි ඉල්ලීමක් කර ඇති බවට සඳහන් කර තිබුණුද මේ වන තුරු එවැනි ඉල්ලීමක් කර නොමැති බවයි.

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන්නේ ආරක්ෂක රාජකාරි කරන සෙබලන්ගේ වැටුප්වලට යන වියදමනේ... ඒක ඔවුන් කොහේ හිටියත් ගෙවන්න එපායැ...
අප මෙම මහජන නියෝජිතයාගෙන් විමසන්නේ මෙයාගේ ආරක්ෂාවට දුප්පත් අපගේ බදුමුදල් වලින් දවසකට ලක්ෂ කීයක් වියදම් වෙනවාද යන්නයි. ඉන්න ආරක්ෂක නිලධාරීන්ගේ ගණනත්, මහජන බදුමුදල් වියදම් කරමින් වටකරගෙන යන වාහන ප්‍රමාණයත් ගැන ඒ සියලුම වියදම් බදුමුදල් ගෙවන පුරවැසියන් වන අප දැනගැනීමට කැමැත්තෙමු. අරයට මෙච්චර ඉන්නවා මෙයාට අච්චර ඉන්නවා කියා අඳෝනා කියව කියවා ඉන්නේ නැතිව...
රටේ යුද්ධය තියෙනවිට හිටියේ ඇමරිකාවේ... තමන්ගේ ආරක්ෂාවට ඉතින් දැනුත් යන්න. එහෙම නැතිනම් දූෂණ නඩු ඉක්මන්කර හිරගෙදරට යවන්න. එතන ආරක්ෂාව ඔය කියන තරම් මුදලක් යන්නේ නැහැ. රටේ සේරම මුදල් විනාශ කරලා පැරදිලා ගිහින් දැන් රාජපක්ෂ පවුලට අාරක්ෂාවට නිල නිවාස... මේවට කොයිතරම් මුදලක් යටකරනවද? මහින්දට කොයිතරම් දුන්නත් මදි... දුප්පත් ජනතාව කන්න නැතිව, බෙහෙත් නැතිව දුක් විඳිනවා.
කොහොමද? ඔක්කොම එකතුව... සනීප ඇති නේද?
ආරක්ෂාවට ඉන්න සංඛ්‍යාවන් හරියටම කියනවා. මෙහෙම හරක් එක්ක යුද්ධ කළානම් දිනන්නම තිබ්බා. ආරක්ෂාව පිළිබඳ තොරතුරු මෙහෙම කියකියා ඇවිදිනවද?
ඔයාගේ වියදම කීයද? එයට දෙවැනි නැතිව ඇති ...
දිනකට රුපියල් ලක්ෂ 35 ක් වැය කරලා ආරක්ෂා කරන්න හේතුව මොකක්ද? මොකක්ද රටට වෙන සෙත? මේ සල්ලිවලින් දිනකට මැරෙන අහිංසක ලෙඩ්ඩු කීයක් බේරගන්න පුලුවන්ද.
ඒ වගේ වටිනා මිනිහෙකුට කොච්චර වියදම් කලත් කමක් නැහැ මේ වගේ අයට වියදම් නොකර.
අර 225 රැලට කීයක් යනවද?
ඔය හමුදා සෙබලුන් කිසිම රාජකාරියක් නොකර කඳවුරේ හිටියත් වැටුප් ගෙවනවා.. ඉතිං ඔය මුදලින් වැටුප් අඩු වුණාම අමතරව කීයක් යනවද කියන එකයි වටින්නේ...?
ක්‍රිෂාන්ත නයට කහින එක නතර කරන්න.. මුදල් ඇමති ඔයවගේ අයගේ කොන්ද කෙලින් කරන්න යනවා. රට ගොඩ ගන්න නම් ඔයා පළවෙනියාට යන්න.
ඉතින් මොකක්ද ප්රශ්නය? බැංකු හොරු රැකගන්න කොපමණ වියදම් කරනවාද
ඔයිට වඩා වියදම් කරලා රැකගන්න ඕනේ... මොකද ඉදිරියේදී එන නැගෙනහිර ත්‍රස්තවාදයත් නැති කරන්න මෙතුමාම ඕනෑවෙනවා. දැන් ඕස්ට්‍රේලියාවේ පුහුණුවෙනවාලු...
රවින්ද්‍ර මයාගේ අදහසට ස්තූති කරන අතර චතුරිගේ පිස්සුව හොඳටම තදවී ඇති බවද මතක් කරමි... අනික නලින් බණ්ඩාරට මතක් කරන්න කැමැතියි රටට කිසිත් නොකර රටේ සාරය උරාබී වැජඹෙන දියවන්නාවේ ඉන්න හරකුන්ට හා එළදෙනුන් හැම කෙනාටම අපේ සල්ලිවලින් පිනට පුන්නක්කු හා ආරක්ෂාව ලබාදීමටත්... මේ වගේම මුදලක් යන බව. ඒ නිසා ඉල්ලන් කන්නේ හා පිනට කහින්නේ නැතිව අපේ කටවල් අවුස්සා නොගෙන කාලකණ්ණි ටික කටවහගෙන ඉන්න.
ඔය කියන කෙනාගේ වියදමත් අපිට කියන්නකෝ.. අනික ගොඨාට ආරක්ෂාව දිය යුතුයි. ඔහු නිසයි අද අපි කවුරුත් නිදහසේ ඉන්නේ..
ගොඨාට ආරක්ෂාව දිය යුතුයි.. ඔහු නිසා තමයි අද අපි සැවොම නිදහසේ ජීවත් වන්නේ. අපිට කියන්නකො ඔබට යන වියදම කීයද කියලා...
එක එක්කෙනාගේ දේවල් හොයන්නේ නැතුව තමන්ගේ අාසනේට වැඩක් කළානම් ඉවරයි නේද?
කෙටියෙන් කියන්න තියෙන්නේ "ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් ඕනාවට වැඩිය ඕනෑම නැහැ" කියලා. තමන්ගේ ජීවිත කාලය ඉවර නම් කොතරම් ආරක්ෂාවක් තිබ්බත් වැඩක් නැහැ. ගෙදර ඉන්න අය අනතුරු සිද්ධවෙලා මැරෙන්නේ... ඒ නිසා අකාලයේ මැරෙන එක වළක්වන්න, අනතුරු සිද්ධවෙන එක වලක්වන්න අවශ්‍ය ආරක්ෂාවක් තිබුණාම හොඳටම ඇති...
අපි දැක්කා අැපල් මලු අරගෙන ලෙඩ වුණු කොටි නායකයින් බලන්න ගියපු ආරක්ෂක ලේකම්ලා. එ්ත් ගෝඨාභය කියන්නේ එහෙම කරපු කෙනෙක් නෙමෙයි. එ්ක නිසා තමයි කොටි ගෝඨාභය මරන්න කිහිපවරක්ම උත්සාහ කළේ. පිත්තල හන්දියේ බෝම්බෙන් බේරුනේ රටේ වාසනාවට. එහෙම නොවුණා නම් අපේ හමුදාවන්ම ඇනකොටා ගන්න ඉඩතිබුණා. අපේ හමුදාපති අද කරන කියන දේවලින් එක මනාව ඔප්පුවෙනවා. ගොඨාභය නොහිටින්න යුද්ධේ දිනන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා එතුමාට ආරක්ෂාව දෙන එක රටේ යුතුකමක්...
මාසෙකට කෝටි 10ක්. රටෙන් පිටුවහල් කරලා දැම්මා නම් හරි. මොන කරුමයක්ද මේ? බලයේ ඉන්න කාලෙත් අපේ සල්ලි කෑවා, දැනුත් එහෙමයි...
ලක්ෂ තිස්පහ යන්නේ මාසෙට... ඒකවත් හරියට කියන්න දන්නේ නැහැ..