සිතුම් චතුරංග
යාපනයේ ක්‍රියාත්මක වන ආවා කල්ලියට සම්බන්ධ යැයි සැක කරන දෙදෙනකු කඩු තුනක් කෙටේරි හයක් ඇතුළු ආයුධ තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
චුන්නාකම් හා ඒ ආශ්‍රිත පොලිස් බලප්‍රදේශවල ආවා කල්ලියට සම්බන්ධ යැයි සැක කරන පිරිස් ආපරාධ රැසක් කර තිබුණු අතර ඒ ගැන කළ විමර්ශනවලින් පසු මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට චුන්නාකම් පොලිසිය සමත්වී තිබේ.
චුන්නාකම් පොලිස් ස්ථානාධිපති සෙල්වකුමාර් සහ අපරාධ අංශයේ වැඩ බලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක වාකිෂ්ට මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ කසිකබල් චිත්රපටවල බලල මෙහේ ඉන්න අය ඒ විදිහට වෙන්න හදනවා. ඇප නැතුව අවුරුද්දක් දෙකක් ඇතුලට දැම්මනම් සැර බහී.