( ඔගස්ටින් ප්‍රනාන්දු )
පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් පවරා තිබු නඩුවක් විභාග කළ හලාවත මහාධිකරණ විනිසුරු වයි.ප්‍රනාන්දු මෙනෙවිය එම නඩුවේ විත්තිකරුවන් තිදෙනාට මරණ දඬුවම නියම කළාය.
මෙසේ මරණ දඩුවම හිමි වුයේ වෙන්නප්පුව ලුණුවිල සිරිගම්පල කොළණියේ පදිංචි සුරන් හේවගේ පියල් ඉන්ද්‍රජිත් හිටිහාමි අප්පුහාමිලාගේ ප්‍රසාද් ප්‍රියංග නොහොත් කොළයා සහ ආතාවුද ආරච්චිලාගේ අජිත් ප්‍රියන්ත නොහොත් අනුරාධ නමැති තිදෙනාටය.
2011 වසරේ මාර්තු මස 11 වන දින හෝ ඊට ආසන්න දිනයක දි හලාවත මහාධිකරණ බල සීමාවේ වෙන්නප්පුව ලුණුවිල සිරිගම්පල කොළණියේ දි රෙක්සි මනෝජ් සුරනිමල නමැත්තා ඝාතනය කිරිමේ චෝදනාව මත විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.
අධි චෝදනා පත්‍රය ඉදිරිපත් කිරිමෙන් අනතුරුව විත්තිකරුවන් තමන් නිවැරදිකරුවන් බව ප්‍රකාශ කිරිමෙන් පසු සාක්කි විභාගය සිදු විය.
රජයේ අධිනිතිඥ පද්මලාල් වීරසිංහ ද සිල්වා මහතා පැමිණිල්ල ඉදිරිපත් කළ අතර නිතිඥ නිලංග මහතා විත්තිය වෙනුවෙන් පෙනි සිටියේය.
මරණ දඬුවම නියම විමෙන් පසු විත්තිකරුවන් බන්ධනාගාරට වෙත බන්ධනාගාර නිලධාරින්ගේ රැකවරණය යටතේ ගෙන යන අවස්ථාවේ දි නඩු තින්දුවෙන් කම්පනයට පත් විත්තිකරුවන්ගේ ඥාතින් බන්ධනාගාර නිලධාරින් පසෙකට තල්ලු කරමින් විත්තිකරුවන් සිප වැළද ගත් අතර එය දුටු විශාල පිරිසක් දැඩි ලෙසින් කම්පනයට පත්වන බව දැක ගත හැකිවිය.එම අවස්ථාව ජායාරූප වල දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd