අඩු අධ්‍යාපනයක්-අඩු ආදායම්ලාභී පවුල්වලට ජනවාරියේදී රැකියා
අඩු ආදායම්ලාභී, අඩු අධ්‍යාපන මට්ටමක් සහිත ලක්ෂයක් සදහා රජයේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ ලබන වසරේ මුල් කාර්තුවේ සිට ආරම්භ කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කොළඹදී අද(23) පැවැසීය.