
(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)
තලාව පයිංඩිකුලම දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී කැබ් රථයක් තලෙයිමන්නාරම සිට කොළඹ කොටුව බලා ගමන්ගත් අංක 5028 දරණ මගි දුම්රියේ අද (22) ගැටීමෙන් කැබ් රථයේ රියදුරා ඇතුළු 7 දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කල බව තඹුත්තේගම පොලිසිය කියයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ කැකිරාවේ පදිංචි එකම පවුලේ මව, පියා හා දියණියක් ඇතුලු පුද්ගලයන් 7 දෙනෙකි. තුවාල ලැබූවන් අතර කොළඹ හා තලාව යන ප්‍රදේශයේ පුද්ගලයන් 4 දෙනෙකුද සිටිති.
තුවාල ලැබූ පුද්ගලයන් තලාව, තඹුත්තේගම හා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.
මෙම කැබ් රථය අනුරාධපුර සිට පාදෙණිය දෙසට යමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂිත ගේට්ටුව වසා නොතිබූ බවත්, එම ස්ථානයේ මුරකරු නොසිටි බවත් පොලිසිය සඳහන් කළේය.
මෙම අනතුරින් දුම්රිය මැදිරිවලට රුපියල් ලක්ෂයකට අධික අලාභයක් සිදුව ඇතැයිද පොලිසිය කීය. රියදුරාගේ නොසැලිකිලිමත් රිය ධාවනය මෙම අනතුරට හේතුවී ඇතිබව සඳහන් කල පොලිසිය ඔහුට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ගයක් ගන්නා බවද වැඩි දුරටත් පොලිසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම සහකාර පොලිස් අධිකාරි අනුරද සිල්වා,තඹුත්තේගම වැඩ බලන මුලස්ථාන පොලිස් පරික්ෂක සමිර රාජපක්ෂ යන මහත්වරැන්ගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලක්සිරි වික්‍රමගේ මහතා ඇතුළු පිරිසක් වැඩිදුර පරික්ෂණ පවත්වති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලියට පෑගුණාම මොනවද ගියාද කියලා ඇහුවලු ... අන්න ඒ වගේ කෝච්චියට හැප්පුනාම ආයේ පරීක්ෂණ කරන්න දෙයක් නම් ඉතිරි වෙන්නේ නැහැ. ඒ ගැන හරි හැටි අවබෝධ කර නොගත් දුම්රිය බලධාරීන් තම සේවකයන් නිසි අයුරු පාලනය කිරීමට අපොහොසත් වීම නිසා මෙවැනි දේ සිදුවීම සිරිතක්. වටිනා මනුෂ්‍ය ජීවිත මෙසේ යකඩ යකාට බිලි වීම ඉතාමත්ම දුක්ඛිත අවාසනාවන්ත තත්වයක්.
22 පුදුම දවසක් වෙලා. වෑන් එකක් පෙරලිලා 3යි, කාර් එකක් ටිපර් එකක් හැප්පිලා 5යි, දුවව මනමාලියෙක් කරන්න සැලොන් එකට ඇරලලා, මගුල් ගෙදර ඉතුරු වැඩ හොයලා බලන්න යමින් සිටි අහිංසක තාත්තයි. ඒ ඇති, මේ ජීවිතවත් බේරාදෙන්න දෙවියනේ!!!