
(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය දෙමින් සහය දුන් අයම අද එම සංශෝධනය අහෝසි කරන්නට උත්සාහ කරන්නේ ඇයිදැයි තමන් ප්‍රශ්න කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද (21) පැවසීය.
මෙම සංශෝධනය අහෝසි කිරීමේදී ස්වාධීන කොමිසන් සභාත් අහෝසි කරන්නේ දැයි රජය පැහැදිලි ප්‍රකාශයක් කළ යුතු බව කිරිඇල්ල මහතා සඳහන් කළේය.
ඔහු මේ බව පැවසුවේ ජනාධිපතිවරයා විසින් ඊයේ (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයට එක්වෙමිනි.
පසුගිය යහපාලන රජයට ජනතාව දුන් ජනවරම අනුව ගෙන ආ 19 වැනි සංශෝධනය සම්මත කරගනු ලැබුවේ පාර්ලිමේන්තුවේ දී වගන්තියෙන් වගන්තිය කියවමින් බව කී සභානායකවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානය ද එයට සංශෝධන එක්කළ බව කීවේය.
සුළුතර ආණ්ඩුවක් පැවති නිසා එය සම්මත කරගැනීමට වැඩි ඡන්ද ගණනක් ලබා දී සහය දුන්නේද එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු බව සභානායකවරයා පැවසීය.
මෙයට පිළිතුරු දෙමින් බව සභානායක, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ඇතිකළ අද්භූත කොමිසන් සභා මගින් රටම අවුල් කළ බවයි.
එම අවුල් සහගත සංශෝධනය වෙනස් කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය ගැන සතුටු වන බවද දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
19 අහෝසිකර පාර්ලිමේන්තුවට 20 ගෙන ඒම සහ 2/3 ගැනීමට තව කල් තිබේ. මේ අතරතුර බොහෝ වෙනස්කම් පවා සිදුවෙන්නට පුළුවන්.
අත උස්සපු දවස්වල පිටරට මිනිස්සුන්ට රජකම ගැන ආශාවක් තිබ්බේ නැහැනේ... ඒකයි.
එතකොට අපි විතරද දන්නේ ඇයි කියලා..?
ඔන්න ආයෙත් උම්බෑ කියන්න පටන් ගත්‍තා.. නුවර අයට බැරිවුණානේ මේ අය පාර්ලිමේන්තු එනඑ ක නවත්වන්න...
මෙයා හරි ආසයි පරණ එකට. මෙයාවත් ඊළඟට ගෙදර යවමු.
හදපු අයත් කියනවා දහනමයේ දෝෂ තියෙනවා කියලා. හදපු අයට වැරදුනානම් අත් උස්සපු අයට වරදින්න බැරිද.
බල ලෝභකමට සියලු දේ විනාශ කරලා දැන් දොඩන්නේ කුමක්ද?
2015 දී කරපු දේවල්වල විපාක අදටත් මිනුස්සු විඳවනවා. ඒ බව ඡන්ද ප්‍රතිඵලෙන් පැහැදිලි වෙනවනේ. සියල්ලන්ටම සිතිය යුතු තැනක් තියෙනවා. කවද්ද මේ රටේ ඡන්දයකදී මේ වගේ 70%ක් ඉක්මවලා එක පක්ෂයකට ඡන්ද වැටුණේ. හෝදගෙන ගියා වගේ. මේ ගැන සිතිය යුතුයි. ඒ තරමටම මුලු රටටම 2015 රජය කරපු දේවල් තිත්ත වුණා. ද්‍රවිඩ ජනතාවත් දැන් කරුණු තේරුම් ගෙන තියෙන බව පේනවා. මේ රජයත් ජනතා මතය තේරුම් නොගතහොත් ඉදිරිය භයානක වේවි...!!!
2015 ඡන්දෙ දීලා පත්කරගත්තු ඔබලාගේ ආණ්ඩුව පළාතේවත් නොතියා පන්න ගත්තේ ඇයි? අන්න ඒ හේතුවටම 19ට පක්ෂ වුණු අය 19 පන්නා ගන්නවා.
ඉතාම සරල පිළිතුරක් මන්ත්‍රීතුමා... එදා අත උස්සලා පක්ෂ වුණේ ඔවුන්ගේ බලය සහ පැවැත්මටයි. අද ඔවුන්ම 19 අහෝසිකරන්න අත උස්සන්නෙත් ඒ අයගේම පැවැත්මට, බලයට ඇති කෑදරකම වෙනුවෙන්... මේ වගේ අය පාර්ලිමේන්තුවට නෙවෙයි. ප්‍රාෙද්ශීය සභාවකටවත් වැද්දගන්න හොඳ නැහැ. මේ කවුරුවත් රටගැන හිතන්නේ නැහැ. එහෙම වුණාට බලයට ගේන්න ඡන්දය දෙන්නෙත් මේ රටේම ඉන්න මෝඩ හරක්මයි. අවාසනාවට, රටේ කරුමෙට බහුතරයම ඉන්නේ තණකොළ කන අය..
ඔබලාගේ මැරුම් කෑ අය නේද කිව්වේ, මැරිච්ච මිනිස්සුත් සල්ලිවලට දිව දික්කරනවා කියලා...?
උලා කන ගොන්නුන්ට ඕවා තේරෙන්නේ නැහැ. ඔය හිඟන පට්ටම තියාගෙන තව අවුරුදු 5ක් හිඟාකාලා චුතවෙලාම යන්න...
ඉන්න එක කොයිවෙලේද ශුවර් නෑ. එහෙම වුණොත් මරාගන්නවා. ඊට කළින් බැසිල්ව ඇතුළට ගමු... එච්චරයි 19 තියෙන අවුල..
සෑම මන්ත්‍රීවරයෙක්ම පාර්ලිමේන්තුවේ නියෝජනය කළයුත්තේ තමන්ට ඡන්දය දුන් අයගේ මතයයි. මෙවර පොදුජන පෙරමුණට බහුතරයක් ඡන්දය ලැබුණේ 19 ව්‍යවස්ථා සංශෝධනයකට සහ අලුත් ව්‍යවස්ථාවකට...
19 හදපු අයත් කියනවා ඒක හොඳ නැහැ කියලා. ඉතින් අත් උස්සපු අයට වරදින්න බැරිද? ඒකවත් තේරුම්ගන්න බැරි ඔබ කවුද?
ඔය 225න් බහුතරයක් තමයි 17ටත් 18ටත් 19ටත් අතඉස්සුවේ...
මේ ඉන්න හොරු ටික තමන්ගේ බලය රැක ගන්න ඕනම කියන පහත් වැඩක් කරනවා. ඒකනේ ඕනම දේකට අත ඉස්සෙන්නේ...
කනකොකගේ සුද පෙන්නේ ඉගිලෙනකොටලු ඒ වගේ 19 කෙරුවාව පෙනුනේ වැඩ සිද්ද වෙනකොට.
19 වැරදි දැක දැක අත ඉස්සුවේ ඒ වැරදි ඔබලා කලාම 2/3ක් ලැබෙන බව දන්න නිසා.
අපිට ඉස්සෙලම වැරදුනේ 19ට අත උස්සලා නොවෙයි, මහින්දගේ ලැම්බෝගිනි බලන්න ඔයාලට අත උස්සලා.