
මෙරටින් තවත් කොවිඩ් -19 ආසාදිතයින් 10 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
ඉන් එක් ආසාදිතයෙක් තුර්කියේ සිටත් , තවත් ආසාදිතයෙක් කුවේට් සිටත් , දෙදෙනෙකු චෙන්නායි නුවර සිටත් , හය දෙනෙකු එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිටත් මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 2928 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වන විට කොවිඩ් - 19 ආසාදනය වී සුවය ලැබු ආසාදිතයින් ගණන 2789ක් වන අතර තවත් රෝගීන් 128 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හිතාගන්න බැරි දෙයක්... එක්සත් අරාබි එමීර් රටේ කොරෝනා සමාජීය වශයෙන් පැතිරී නැහැ. අනිත් එක මෙහෙන් එන හැමෝම PCRපරීක්ෂණය කරලා එන්නේ. ලංකාවට ඇවිල්ලත් ගුවන් තොටුපලේදී නැවතත් පරීක්ෂා කරනවා. ඒත් නිරෝධායනයේ ටික දවසක් ඉන්න කොට කොරෝනා හැදිලා. කොහේදිද මේ අයට ලෙඩේ බෝ වුණේ? නිරෝධායන කඳවුරු හෝටල් ගැන බරපතල සැකයක් ඇතිවෙනවා.
මේ විදෙස්ගතව ඉන්න අය රටට සාපයක් වෙලා. අපි මේ ආණ්ඩුවට ඡන්දය දුන්නේ මේ අයව ගෙන්න ගන්න නොවේ. රටට අවශ්‍ය සල්ලි රටේම මුද්‍රණය කරගන්නත් පුළුවන්නේ...