
( රොමේෂ් මධුෂංඛ)
වව්නියාව කනගරායන්කුලම් කුංචිකුලම් ප්‍රදේශයේ කැලෑවක තිබූ මෝටාර් උණ්ඩ තොගයක් හමු වී පොලිස් විශේෂකාර්ය බලකාය විසින් නිස්ක්‍රීය කළ බවට කනගරායන්කුලම් පොලීසිය පවසයි.
ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක නිරත යුද හමුදා නිලධාරීන් පිරිසකට මොටාර් උණ්ඩ කිහිපයක් කැලෑවේ තිබී හමු වී ඇති අතර පසුව සිදු කරන ලද සෝදිසි පරික්ෂාවන් වලදී මෝටාර් උණ්ඩ 08 හමු වී කනගරායන්කුලම් පොලීසියට භාර දී ඇත.
අනතුරුව කනගරායන්කුලම් පොලීසිය විසින් වව්නියාව අධිකරණ නියෝගයකට අනුව මාන්කුලම් පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරීන්ගේ සහය ඇති ව අදාල මෝටාර් උණ්ඩ නිශ්ක්‍රීය කිරීමට පියවර ගනු ලැබීය.
යුද සමයේදී කොටි සංවිධානය අයත් යැයි සැළකෙන මෙම මෝටාර් උණ්ඩ තොගය දමා පලා යන්නට ඇති බවට පරික්ෂණ සිදු කරන කනගරායන්කුලම් පොලීසිය වැඩි දුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd