
(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
වඳුරන්ගෙන් හා රිලවුන්ගෙන් විශාල වගා හානියක් වන බවත් උන් විසින් පොල් වලු ලක්ෂ 10 ක පමණ අස්වැන්නක් දිනපතා රටට අහිමි කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
තමන් කෘෂිකර්ම ඇමතිවරයාව සිටි සමයේ වඳුරන් හා රිලවුන් ලක්ෂ 11ක් පමණ සිටි බව කී හිටපු ජනාධිපතිවරයා එම සතුන් දිනපතා පොල් වගාවල කුඩා පොල්ඇට්ටි වලුගණනින් විනාශ කරන බව ද සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදනයන්ගෙන් හතරෙන් එකක් පමණ සතුන් විසින් විනාශ කරන බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
වෙනත් රටවල නම් වගාවන්ට හානි කරන සතුන් විනාශ කරන නමුත් බෞද්ධ ආගමික පදනමක් ඇති ශ්‍රී ලංකාව තුළ එවැන්නක් නොකෙරෙන බවත්, සතුන්ට කන්නට දී ජනතාව බඩගින්නේ සිටින එකම රට ශ්‍රී ලංකාව විහ හැකි බවත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්, මේ අයට මඩු වලිගයකින් පහර දෙන්න ඕනේ...
කතාව නම් සියයට සියයක්ම ඇත්ත. රටේ ජනතාවට කළා වගේ වඳුරෝ රැලටත් කරලා දාන්නයි තියෙන්නේ...
ඒ වගේම කාලකණ්ණි දේශපාලකයෝ රටේ සල්ලි හොරකම් කරලා රට වනසනවා.
නමුත් ඔයා බෝම්බ ගහනකම් බලන් ඉඳලා රටම වැනසුවා නේ..
සතුන්නම් දෙයක් කඩාවඩාගන්නේ කුසගින්න නිවාගන්න. නමුත් පාර්ලිමේන්තුවේ දවසට කෑමට බීමට කී දාහක් විනාශ කරනවද? ඒ මදිවට පරම්පරා ගාණකට ජීවත් වෙන්න කොමිස් ගහන ඒවා හොඳයි. රිළවා පොල් කන එකතමයි දැන් ලොකුවට පේන්නේ...
එහෙම නම් ලංකාවේ මිනිස්සු වාසනාවන්තයි. ඒ මොකද ඒ අය වගා විනාශ කරන සතුන් නොමරා අපායේ වැටීමෙන් වැළකෙනවා. වගා විනාශය සුළු පාඩුවක්. අපායේ වැටීම ලොකු පාඩුවක්...
වඳුරන් රිලවුන් එලවන්න නම් අපේ රටේ සමහර දේශපාලකයෝ හැබෑම සූදුස්සන් තමයි. එවන් මිනිස්සු තමයි මේ රට විනාශ කරලා ගියේ. ගිහිල්ලත් බලයට තියෙන කෑදරකම යන්නේ නැහැ. ගෙදරට වෙලා ඉන්න තවමත් සිතක් නැහැ. බලයට තියෙන පෙරේතකම....
වගාව විතරක් නොවෙයි පාර්ලිමේන්තුවත් විනාශ වෙනවා.
පත්තරෙන් වෙන්න ඇති දැනගන්න ඇත්තේ.
දැන් රිලව් ගැන මතක් වුනේ අර අර්ජුන මහේන්ද්‍රන් ගැන අමතක කරලද.?
රිලවුන් හා වඳුරන් කන කෑම මොකක්ද ඔයාලා කන කෑම දැක්කාම.
කතාව ඇත්ත වගා කරන මිනිහා තමයි දන්නෙ තමන්ට ඇතිවෙන පාඩුව
එහාට, මෙහාට පැන පැන රට විනාශ කරන රිළවුන්ටයි, වඳුරන්ටයි ඡන්දෙ දෙන රටේ බූරුවන්, හරකුන්, මීහරකුන් ඉන්නවා.
රටම කාපු රංචුවට මක්කැයි ඔහෙලා කරන්නේ?
වෙන කියන්න දෙයක් තිබුණේම නැද්ද? අනික තමයි කෘෂිකර්ම ඇමැති කාලයේ කියලා ලැජ්ජා නැතුව කියන්නේ.., මුකුත් කරන්න තිබුණේ නැද්ද? ආ සමහරවිට පහුවෙනිදා පත්තරෙන් දකින්න ඇති...
ලක්ෂ 10 මොකක්ද.?
අර වල් අලින් පාලනේට අමාතයාංශයක් නිර්මානය කලා වගේ ජනාදිප්ති තුමාට තියෙන්නෙ වදුරන් පරිපාලනයට කියලා අමාත්‍යාංශයක් හදලා මෙතුමාට, බාරදෙන්න.
මේ රට විනාශ කරන "වඳුරෝ, රිලව්" කියලා හඳුන්වන්න ගියේ කවුරුන්ද කියලා මම කල්පනා කලේ...
තායිලන්තයේ පොල් කඩන්නේ රිළව් සහ වඳුරෝ... මෙයාට වඳුරු සූට් එකක් අන්දවලා වඳුරන් එළවන රාජකාරිය භාර දෙන්න. පාර්ලිමේන්තුව පටන්ගත්ත ගමන්ම මොනවද මේ දොඩවන්නේ..?
වඳුරන්, රිළවුන් කළ හානියට වඩා හානියක් ඔබ කළා.
ඈ ගොයියෝ! පහුගිය අවු.5 දී එහෙම දෙයක් වෙන්න නැතුව ඇති නේද?
රටේ පවතින දූෂිත දේශපාලනය තුළ වඳුරා නැවත වරක් පොල් ගහට නැගලා...
මොහුව නැවත පාර්ලිමේන්තුවට යැවීමෙන් පොලොන්නරුවේ හැලිවඳුරන් වැඩිබව පෙන්නුවා...
වඳුරන්, රිලවුන් කියන්නේ තිරිසන් සත්තුනේ ඒත් මේ රටේ 62 ලක්ෂයක් වූ ජනතා බලාපොරොත්තු හා මේ රටේ අහිමානවත් වූ හා මේ රටේ අති ගෞරවණීය රාජ්‍ය නායකයන් දෙදෙනෙකු බිහිකළ පක්ෂයක් විනාශ කරපු අය ඉන්නේ..
කතාව නම් සහතික ඇත්ත. එන්න එන්නම වැඩිවෙලා තියෙනවා පසුගිය දශක කීපයේම කිසිම පාලනයක් නොකරපු නිසා. මොනරුත් එහෙමයි. එක්කෝ මේ සත්තු අරන් ගිහින් වනඋද්‍යාන හදලා එවාට දාන්න ඕනෑ. එහෙම නැත්නම් ඌරෝ මරන්න දුන්නා වගේ ඉඩ දෙන්න ඕනෑ. නැත්නම් ඉස්සරහට පොල් වගාවෙන්, බෝග වගාවලින් ගම්බද මිනිස්සු ඈත්වෙයි. නිකන් රැකියා කරකර ඉන්න බොහෝදෙනාට වගේම ඩොලර් හිඟාගන සත්වවේදියන්ට මේවා තේරෙන්නේ නෑ. ඔවුන් නිකන් අනේ සත්තු පව් පව් ගගා ඉන්නවා මිසක් මුකුත් ප්‍රායෝගිකව කරන්න දෙන්නේ නෑ සහ කරන්නේත් නෑ. මොකද ප්‍රශ්න නැති වෙනකොට සල්ලි හිඟාකන්න ක්‍රම නෑනේ. වහාම පියවරක් ගන්න ඕනෑ..
රටම විනාශ කළ රිලව් ඉන්නකොට පොල්වගාව විනාශ කරන වඳුරන් ගැන කියනු කවරේද?
තමන්ට ඡන්දෙ දුන් අයට නේද මේ බනින්නේ?
වදුරෝ, රිලව් පිළිබඳ නව ඇමති තනතුර මොහුට ලබාදෙන්න.
මේ රටම විනාශවෙන්න වැඩ සලසපු, රටම ගිනි තියපු හනුමා තමයි කතාව කියන්නේ...
කුඩ්ඩන්ට මරණ දඩුවම් දුන්නා වගේ දීලා බලන්න හිටං..
බලය තියෙනකාලෙ පාස්කු ප්‍රහාරය නිසා ඇතිවූ ජීවිත හානි වළක්වා නොගත් කෙනෙකු වඳුරන් පොල්කනහැටි වැනි බොළඳ දේවල් කතා කරනවා. ඒ මදිවට ඡන්දයේදී පාර්ලිමේන්තුත් යැව්වා. පිස්සු දොඩවනවද කොහෙද?
හිටපු කෘෂිකර්ම ඇමැතිතුමා නේද?
‘යහපාලන බලාපොරොත්තු‘ නම් වූ ඵලවගාවත් ලොකු වඳුරො දෙන්නෙක් පොර කකා උලා කෑව හැටි අපිට හොඳට මතකයි.
පරිසර ඇමැති වෙලා හිටපු කාලේ පරිසරය විනාශ කරන්න දීලා බකන් නිලාගෙන හිටපු එක් වඳුරෙක් තමයි. දැන් බයිලා ගහනවා.
වානරයන්ට දොස්කියලා වැඩක් නැහැ.. ඔබත් අපේ රට මේ වඳුරන්ටත් වඩා වැනසුවා නේද? ඔබ හරියට වැඩේ කෙරුවා නම් මේපාරත් ඔබට ජනාධිපති වෙන්න තිබුණා නේද? කියමනක් තිබෙනවා... පිස්සුව හොඳ කරන්න පුළුවන්... නමුත් මෝඩකමට තවමත් බෙහෙතක් හොයාගන්න නැහැ කියලා...
දැන් මොකෝ කියන්නේ? ඔය වඳුරා පෙනුනේ නැද්ද හිටන්..?
තමන්ගේ ධුර කාලය තුළ එක රිලවෙක්වත්, එකමිනිහෙක්වත් එල්ලලා මරන්න බැරිවෙච්ච එක ගැන සිරිසේනට සෑහෙන දුකක් තියෙන බව පේනවා.
තමුන්ට සුදුසු විෂය තෝරාගත්තා... අපෙ සෑර්! රිලා-වඳුරු කටයුතු ඇමැති!!!
රට කෑවේ වඳුරෝ කුරුම්බැට්ටි කනවා වගේ තමයි
සිරිසේන වෙනුවෙන් නව අමාත්‍ය ධුරය. වඳුරන්, ව්‍යාජ අලි ඇතුන්, ගවයන්, ලේනුන්, ගිරවුන් සහ වල් ඌරන් සඳහා පරිපාලන හා ආරක්ෂණ අමාත්‍ය. ශ්‍රී ලංකාව ලෝකයේ හොඳම රට වනු ඇත.
,ඒ කාලේ රිලව් වඳුරෝ හිටියේ නැතුව ඇති. දැන් තමයි උන් ඉන්නේ. අවුරුදු පහක් ගියා. කවුරුවත් කියලා නැහැනේ. පත්තරේ එවත් දැකලා නෑ . අනේ පව් !?
පරිසරයේ තියෙන ගහකොළ ඔවුන්ට අයිතිබව නොදන්නා කෙනෙක් ඉන්නවද.?
පොළොන්නරුව ජනතාවට මෙයා වීරයෙක්.. ඒකයි ආපහු පාර්ලිමේන්තු එවලා තියෙන්නේ..