
(කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත)
පහලොස් හැවිරිදි සිය ඥාති සොහොයුරා පණ ගැන්වූ ලොරි රථයට යටවී 12 හැවිරිදි දරුවකු අද (22) මිය ගොස් ඇති බව අහුන්ගල්ල පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ අහුන්ගල්ල, වැලිකන්ද පදිංචි අහුන්ගල්ල රාජපක්ෂ මහා විද්‍යාලයේ 6 වැනි වසරේ ඉගෙනුම ලැබූ කොම්බු හෂේන් ද සිල්වා නමැති පාසල් ශිෂ්‍යයෙකි.
සිය වත්තේ යතුර සහිතව නවතා තිබූ ලොරිය 15 හැවිරිදි ඥාති සොහොයුරා ක්‍රියාත්මක කොට ඇති බවත් ඒ සමගම පණ ගැන්වූ ලොරි රථය ඉදිරියට පැන පා පැදියෙන් ඉදිරියට පැමිණි 12 හැවිරිදි පාසල් ශිෂ්‍යයා යටවී ඇති බවත් පොලිසිය කියයි.
ලොරි රථයට යටවී බරපතල තුවාල වූ පාසල් ශිෂ්‍යයා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගිය බවද පොලිසිය කියයි.
අහුන්ගල්ල පොලිසිය මේ පිළිබඳව වැඩි දුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd