
(කේ. බුද්ධික කුමාරසිරි)
අවන්හලක් පවත්වාගෙන යන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් අද(23) අලුයම වටලා කාන්තාවන් 6දෙනෙකු සමඟ එම මධ්‍යස්ථානයේ හිමිකරු සැකපිට අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි.
අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් අධිකරණ නියෝගයක් මත මෙම මධ්‍යස්ථානය වැටලීමට පාදුක්ක පොලිසිය කටයුතු කර ඇත.
රැකියා ලබා දෙන මුවාවෙන් අම්පාර, උහන, පදවිය, ශ්‍රී පුර, දැරණියගල, කැලනිය ආදී ප්‍රදේශවලින් රැගෙන එනු ලබන කාන්තාවන්ට එම මධ්‍යස්ථානයේ ම නවාතැන් දී ඇති බවද, අවන්හලක මුවාවෙන් ගණිකා මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවද, එහි හිමිකරු මාසිකව විශාල වශයෙන් ලාභ ලබා ඇති බවද අනාවරණය වූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් කාන්තාවෝ වයස අවුරුදු 25ත් 45ත් අතර වයසේ පසුවන අය වෙති.එම කාන්තාවන් සහ මධ්‍යස්ථානයේ හිමිකරු අද (23) අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
පාදුක්ක පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක මිනිසුන්ට කරදර කරන්නේ ඇයිදැයි මට තේරුම් ගත නොහැක. මෙය ලොව පැරණිතම වෘත්තියයි.