IMG-LOGO

ණය සහන ඉල්ලුම් කාලය දීර්ඝ කෙරේ

(හර්ෂණ තුෂාර සිල්වා)

‘කොවිඩ්-19’  වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාරවලට සහ පුද්ගලයන්ට ‘සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකම් යෝජනා ක්‍රමයට ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය සැප්තැම්බර් මස 30 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

මෙම කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමය යටතේ 4% ක වාර්ෂික පොලී අනුපාතයක් යටතේ ණය ලබාදුන් අතර මේ දක්වා කාලයේදී බලපත්‍රලාභී බැංකු මඟින් අයඳුම්පත් 36,489ක් ලැබී තිබුණු බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 100,017ක් අනුමත කළ බව ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

අගෝස්තු 18 වැනි දිනට ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 100 ණය කඩඉම පසු කළ බවත් අනුමත ණයවලින් බලපත්‍රලාභී බැංකු රටපුරා පිහිටි ව්‍යාපාර සහ පුද්ගලයන් 25,365ක් අතර රුපියල් බිලියන 68.5ක් ලබා දී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මාස හයක සහන කාලයක් ද ඇතුළත්ව මාස 24ක් දක්වා ණය ආපසු ගෙවීමේ කාලසීමාවක් සහිතව මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වේ.



අදහස් (0)

ණය සහන ඉල්ලුම් කාලය දීර්ඝ කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 170 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 662 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1063 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site